Monarch: Legacy of Monsters [S01 : E04] Sinhala Subtitles කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. දවසක් වගේ පරක්කුයි ඉතිං. අනික් වැඩ එක්ක නොවැ මේවා කරන්නෙ. ඉදිරි කොටස් ටික එදා රෑ වෙලාම දෙන්න උපරිම උත්සහ කරන්නම් මම. අදත් ඔන්න ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල ජනප්‍රියම ටීවී සිරිස් එකක අලුත්ම එපිසෝඩ් එ…

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. දවසක් වගේ පරක්කුයි ඉතිං. අනික් වැඩ එක්ක නොවැ මේවා කරන්නෙ. ඉදිරි කොටස් ටික එදා රෑ වෙලාම දෙන්න උපරිම උත්සහ කරන්නම් මම.
අදත් ඔන්න ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල ජනප්‍රියම ටීවී සිරිස් එකක අලුත්ම එපිසෝඩ් එකක්. පලවෙනි එපිසෝඩ් එක ඔයාලට අරගෙන එනකොටම මම කිව්වා අනිවාර්යෙන්ම ගොඩක් අය මේකට කැමති වෙයි කියල. ඒ වගේම වැඩේ හරි ගොඩක් අයට මේ සිරිස් එක සුපිරියටම සෙට් වෙලා. 🙂
පසුගිය මතකයෙන්
මේ වෙනකොට කට්ටිය ඉන්නේ ඇලස්කාවේ. මතක ඇතිනේ අලස්කාවට ගිය හේතුව. ඒ තමයි මේ වෙනකොට අතුරුදහන් වෙලා ඉන්න හිරෝෂිව හොයාගන්න. හැබැයි යන්නේ නම් තනියම නෙමෙයි, හිරෝශිගේ මිත්‍රයා ලී ෂෝගේ උදව් ඇතිව. හැබැයි ඒ ගමන නම් කෙලවර වුණේ මහා විනාශයකින්. විනාශයට හේතු වුණ මිත්‍රයා තමයි පහල පින්තුරයේ ඉන්නේ. එයාගේ නම තමයි Frost Vark.

ෆ්‍රොස්ට් වාර්ක්ව නිර්මාණය වෙන්නෙ, Aardvark, Mole, සහ Pangolin කියන සත්වයින් තිදෙනාගේ හැඩහුරුකම් කලවම් කරලා.ෆ්‍රොස්ට් වාර්ක්ට පිහාට තියෙනවා, ඒ වගේම Pangolin එහෙම නැත්නම් ඈයා කියන සතාගේ වගේ ඝණ සන්නාහයක් බඳු සමක් තියෙන්නෙ. ඉතිං මේ මන්ස්ටර්වර්ස් එකෙන් අපි දකින අලුත්ම සතෙක් මම හිතන්නේ, මම වැරදි නම් නිවැරදි කරන්න.
Monarch: Legacy of Monsters Sinhala Subtitlesඅද කොටසින්
ඔයාලට මතක ඇතිනේ තුන්වැනි කොටසේදී වුණා කියල කියපු විනාශය? ඒ විනාශය නිසා දැන් පිරිසට අලස්කාවෙන් එලියට යන්න විධියක් නැහැ. මහා හිම කතරක කාත් කවුරුත් නැතුව, කන්න බොන්න නැතුව තනි වෙලා ඉන්නේ. ඒ අස්සේ ටයිටන් කෙනෙකුත් ඉන්නවා. කට්ටිය මෙතනින් බේරිලා යන හැටි අද බලාගන්න පුළුවන්. හැබැයි ඉතිං ඉඟුරු දීලා මිරිස් ගැනීමක් තමා අද කරන්න වෙන්නේ කට්ටියට.
Director : Matt Shakman
Writers : Chris Black, Matt Fraction
IMDB : 6.3 (Dec.01 2023)
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
20,276 downloadsDownload Monarch.Legacy.of_.Monsters.S01E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
20 comments
sahan malinga
viraj
thanks...........
Tharindu
විමා බ්‍රෝ දිගටම ඕනි හොදේ මේකේ සබ් ටික ♥️♥️
Harsha
Thank You Bro
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි shan සහෝ උපසිරැසියට..
Anonymous
thanks
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. ජයවේවා!
Danushka
Thank U Saho
Anonymous
thanks broo
Ruchira
Thanks for the sub!!!!
Hishan
Thank you..!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Akila Dilhara
Thanks Brother...
chinthaka chathuranga
thanks machan
Dill
great work....!
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot Shan saho sub ekata
Minuk
Thanks wima☺️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Monarch : Legacy of Monsters [S01 : E04] Sinhala Subtitles | ඉඟුරු දී මිරිස් ගැනීමක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Monarch_-Legacy-of-Monsters-TV-Series.jpg)



Thanks bossa