Watch Trailer

The Railway Men (2023) [E01] Sinhala Subtitles | මහා භෝපාල් ඛේදවාචකය… [සිංහල උපසිරසි]

The Railway Men (2023) [E01] Sinhala Subtitles The Railway Men (2023) [E01] Sinhala Subtitles The Railway Men (2023) [E01] Sinhala Subtitles Union Carbide India Limited (UCIL) කියන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භෝපාල් වල පිහිටා තිබුනු ප්‍රධානම රසායනික කර්මාන්ත ශාලාවක්. සේවකයින් නව දහසක් පමන සේවය ක…

The Railway Men (2023)

The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles

Union Carbide India Limited (UCIL) කියන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භෝපාල් වල පිහිටා තිබුනු ප්‍රධානම රසායනික කර්මාන්ත ශාලාවක්. සේවකයින් නව දහසක් පමන සේවය කල ඒ කර්මාන්ත ශාලාවේ බැටරි, කාබන්නි ශ්පාදන, වෙල්ඩින් උපකරන, ප්ලාස්ටික්, කර්මාන්ත රසායන ද්‍රව්‍ය සහ කෘමිනාශක නිපදවනු ලැබුවා.

වසර 39කට පෙරාතුව හෙට වන් දිනක, එනම් 1984 වසරේ දෙසැම්බර් දෙවෙනිදා රාත්‍රියේ ගෑස් කාන්දුවක් සිදු වුනා. එම කර්මාන්ත ශාලාව අවට කුඩා ගම්මාන වල වැසියන් ලක්ශ පහකට අධික ප්‍රමානයක් එයින් නිකුත් වූ අධික විස සහිත  methyl isocyanate (MIC) වායුවට
නිරාවරනය වුනා. එමගින් ක්ශනික මරන 2259ක් වාර්තා වුනු අතරම, එම මරන ප්‍රමාණය සීග්‍රයෙන් ඉහල ගියා. (පසුව එය 16000ක් බවට වාර්තාවන්හි සඳහන් වෙනවා.) ගෑස් කාන්දුවෙන් සති දෙකක් ඇතුලත 8000ක් පමණත් ඒ හා සම්බන්ද රෝගාබාධ වලින් තවත් 8000ක් පමනත් මිය ගියා. 558,125 ක් දෙනා තුවාල ලැබූ අතරම, 38,478 ක් තාවකාලික ආබාධ වලට ගොදුරු වුනා. ආසන්න වශයෙන් 3,900 ක් පමන බරපතල හා ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වුනා. ඒ වගේම 2008 වසරේදී මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුව විසින් ඔවුන් සියලු දෙනාගේම පවුල් වලට වන්දි පිරි නැමුවා.

The Railway Men (2023)

කාන්දු වූ ගෑස් ටැංකිය (2010)

The Railway Men (2023)

විනාශයට පත් වූ කර්මාන්ත ශාලාව

The Railway Men (2023)

The Railway Men (2023)

ඛේදවාචකයෙන් මිය ගිය අය 

The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles

1986 සහ 2012 අතර අවස්තා කිහිපයකදීම එහි ප්‍රධානී වොරන් ඇන්ඩර්සන් ට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොනු කරපු සිවිල් සහ අපරාද නඩු නිශ්ප්‍රබ කර ඉන්දියානු උසාවිය වෙත යොමු කරනු ලැබුවා. 2010 වසරේදී ඔහුට වසර දෙකක සිර දඬුවම් හා ඩොලර් දෙදහසක දඩයක් නියම වුනත් තීන්දුව ප්‍රකාශයට පත් වී සුළු මොහොතකින් සියලු දෙනාම ඇප මත නිදහස් වුනා.

The Railway Men (2023)

මියගිය අය සිහිකිරීම වෙනුවෙන් තැනූ අනුරුව 

ඒ මහා ඛේදවාචකය හමුවේ ජීවිත ගලවා ගැනීමට වෙහෙසෙන දුම්රිය සේවක පිරිසක් ගැන තමයි මේ කතා මාලාවෙන් කියවෙන්නෙ. යශ් රාජ් චිත්‍රපට සමාගම ඔස්සේ නිපදවෙන මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නේ R. Madhavan, Kay Kay Menon, Divyenndu සහ Babil Khan. අධ්‍යක්ශනය කරන්නේ Shiv Rawail. ඉතින් ඊලග කොටසින් හමු වෙනකන් ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය TRUE WEB-DL පිට‍පත සඳහා ලබා දී ඇත.

9,844 downloadsDownload The-Railway-Men-S01-E01-Sinhala-Subtitles-Baiscopelk.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles

9,844 downloadsDownload Subtitles26 KB

12 comments

  1. මයුර

    සුපිරිම කතාවක්‍ ය කියනවා. බොහොමත්ම ස්තූතියි අක්කේ. ඉතුරු එපි ටිකත් ඉක්මනටම දෙන්ට

  2. Bimsara Yashan(ඔලිව)

    බලපු හොඳම මට්ටමේ ඉන්දියානු කතා මාලාවක් තමා මේක. උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

  3. senul

    thank toy

  4. ඔලිනික්ස්

    ස්තූතියි සහෝදරී..ඉක්මනට දෙන්න අනික්වත්❤

  5. Naveen Mbr

    බොහොම ස්තූතියි අක්කේ!

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි මුතු ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ithuru tikath ikmanata dennako sis.....
    Meka download karagena hitiye..sub ekka balanna.

  7. Buddhika Lakmal

    සුපිරිම කතාවක් වගේ...
    බොහෝම ස්තූතියි සිස්....

  8. Kavi

    බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  9. Adhikari

    මේකෙ ෆිල්ම් එක මම බලල තියෙනවා ❤
    Thank you

  10. Mano

    Godak sthuthi..Jaya wewa!

  11. Sahan Gayantha

    thanks a lot sis sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.