ඔන්න එහෙනම් පස්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. ඒ වගේම කියන්න ඕන අද කොටස නිරුවත් දර්ශන කිහිපයක් නිසාවෙන් 18+ ලෙස නම් කරන්නත් සිද්ධ වෙලා තියන බව. කලින් කොටස – රස්මුස්ගේ තුවාලය හේතුවෙන් බොහොම වේදනාවෙන් ඉන්න මොහොතක තමයි කලින් කොටස ආරම…

ඔන්න එහෙනම් පස්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. ඒ වගේම කියන්න ඕන අද කොටස නිරුවත් දර්ශන කිහිපයක් නිසාවෙන් 18+ ලෙස නම් කරන්නත් සිද්ධ වෙලා තියන බව.
කලින් කොටස –
රස්මුස්ගේ තුවාලය හේතුවෙන් බොහොම වේදනාවෙන් ඉන්න මොහොතක තමයි කලින් කොටස ආරම්භ වුනේ. ඔහුගේ එකම පිළිසරණ ඔවුන් කලින් කොටසේ දී හමුවුන මිනිසා කිව වෛද්‍යවරයා වෙත යාම තමයි. නමුත් මේ වැඩේ ලෙහෙසි පහසු එකක් වුනේ නැහැ මොකද “අමුත්තන්” මේ මාර්ගයේ ඇති එකම පාලම අධික ලෙස පරිහරණය කිරීම නිසාවෙන්. නමුත් ඉතින් සිමෝනාගේ සැලසුමකට අනුව ඔවුන් අමුත්තන් කිහිප දෙනෙක් කොටු කරගන්නත්, ඔවුන් සතු වාහනය වගේම ඩ්රෝන් යානය ලබා ගැනීමටත් සමත් වෙනවා. මේ සියල්ල අතරේ අපි ජින් ගේ ආතිතයට එබී බලන්නත් අමතක කලේ නැහැ. එහි දී අපි දැක්ක ඔහුට කාරුණික වුන පවුල, විශේෂයෙන්ම අර කුඩා දැරිවිය වගේම ඔවුනට අමුත්තන් සිදුකල දේ…ඒ එකක්ම ජින් ගේ අදුරු අතීතයත් අපි දැක්ක…. දෛවයේ සරදමකට වගේ මේ මොහොතේ කණ්ඩායම අල්ලාගත් අමුත්තන්ගෙන් කෙනෙක් අර පවුලේ දෙමව්පියන්ගේ ඝාතන සඳහා වග කියන්නත් ඕන… මාර්ටින් ඔවුන් මරණය කරා ගෙන යන හැටි අපි නොදැක්කත් අහන්න ලැබුන බව දකින්න ඇති…
වෛද්‍යවරයා, වෛද්‍යවරියක් වුනත් ඔවුනට උදව් කරන්නට සමත් වුන නමුත් ඒ සියල්ල වෙනස් වුනේ අක්ක මලෝ තමුන්ගේ පියා කවුදැයි සඳහන් කිරීමෙන්… ඉතින් ජීවිතය බේරා ගනු වෙනුවට අක්ක මලෝ මරණය කරා ගෙනියන්න වෛද්‍යවරිය උත්සහ කල හැටි දකින්න ඇති. නමුත් ඊට කලින් ඔවුන් තමුන්ගේ පියා මේ සිදුවුණා විනාශයට සෘජුවම වගකිව යුතු බව දැනුවත් වුන හැටිත්. ඔවුන් ඒ නිසාවෙන් අධික කම්පනයට පත්වුණ හැටිත් මතක ඇති. ඒ වගේම බංකර්මේ නිර්මාණය කර තියෙන්නේ මුර සංචාරයේ යෙදෙන අමුත්තන්ගේ පරිහරණය වෙනුවෙන් බවත් ඔවුන්ට දැනගත හැකි වුනා. සියල්ල අස්සේ කණ්ඩායමේ අනික් පිරිස හොයාගෙන අමුත්තන් පැමිණි සැටිත්, මාර්ටින් පෙර කිව හැටියට අමුත්තන් ඝාතනය කර නොමැති බවත් දකින්න ඇති. නමුත් ඒ කතාව අවසානය සිද්ධ වුනේ ජින් තමුන්ට කාරුණික වුන පවුල වෙනුවෙන් අවසන් පලිගැනීම සිද්ධ කිරීමෙන්… මේ සියල්ල අවසානයේ පැට්‍රික් තමුන්ගේ නොසතුට ප්‍රකාශ කල හැටි දකින්න ඇති… ඒ වගේම ඉතින් එතනින් කතාව අවසාන වුනා….
ඔහොම තමයි කලින් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරණා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා. ඒ වගේම එන්න එන්න මේ ප්‍රේහෙලිකාවේ අපි දන්න කරුණු ප්‍රමාණය වැඩි වෙනවා…
- ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
- ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
- සිමෝනාගේ පියාට විතරයි මේ විනාශයෙන් ලෝකය බේරාගන්නට පුළුවන්.
- රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
- ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
- ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.
- මාර්ටින්ගේ අතීතය.
- ආහාර සහ සියලුම අංගයන්ගෙන් සම්පුර්ණ තවමත් හරි හැටි භාවිතා නොවූ බංකර් ආසන්නයේ ඇති බව.
- සිනෝමාගේ පියා කෙසේ හෝ තවත් බංකර් එකක් වෙත පැමිණ ඇති බව.
- පියා ස්වීඩනයට යන්නට ඇති බව.
- නගරයේ මිනිසුන් කෑමබීම වෙනුවෙන් එකිනෙකා ඝාතනය කරගන්නා බව.
- බියට්‍රිස් පෙනෙන චරිතය නොවන බව.
- ජින් අතින් ඝාතනයක් සිදුවී තිබෙනවා.
- බංකර් නිර්මණය කර තිබෙන්නේ මුර සංචාරයේ යෙදෙන අමුත්තන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන්.
- ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් ලෝක විනාශයට සෘජුවම වගකිව යුතුයි.
- ජින්ගේ ජිවතුන් අතර ද ? නැත්නම් මියගිහින් ද ? යන ප්‍රශ්නය කණ්ඩායම සතුයි.
ඉතින් මේ කරුණු හිත දරාගෙන අද කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….
අද කොටස –
අද කොටසම බොහොම අමුතු වගේම සෑහෙන කුතුහලය පිරුණු පෙරලි කිහිපයක්ම දකින්නට ලැබෙන කොටසක්. මේ වෙනකොට ජින් ඔවුන් අතර නැහැ ඉතින් කණ්ඩායමේ කිසියම් විදිහක එකිනෙකා නොරුස්සන බවක් දකින්න ලැබෙයි. ඒ විතරක් නෙමෙයි කණ්ඩායම මේ වෙනකොට අතරමන් වෙලා. ඉතින් මෙහෙම ඉන්න අතර ඔවුන්ට අමුතුම විශාල නිවහනක් දැකගන්නට ලැබෙනවා. වැස්සක් ඇදහැලෙන්න ඔන්න මෙන්න නිසා ඒ වෙන යන ඔවුන් තවත් පුදුම වෙන්නේ ඔවුන්ට ලැබෙන පිළිගැනීම එකක්. හැබැයි ඔවුන්ට සිද්ධ වෙනවා ඇතුල් වෙන්න නම් ආයුධ මේ පිරිස ලග තබා යන්න. ඉතින් මෙහෙම ඇතුල් වෙන කට්ටිය බොහොම අගේට පිළිගන්න, ඔවුන ආගන්තුක සත්කාර එහෙමත් ලැබෙන හැටි දැකගත හැකි වේවි.. නමුත් මාර්ටින් නම් මේ ගැන සෙවිල්ලෙන්…
මේ සියල්ල එක්ක සිමෝනා තවත් ඇපලෝන් සමාගමේ සේවකයෙන් මේ පිරිස අතරේ ඉදල ඇදුනා ගන්නවා… නමුත් මේ පුද්ගලයා තමුන් දන්නා දෙය පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරනුයේ මේ තැන නිසාවෙන්. ඔහුට අනුව මේ පුද්ගල කණ්ඩායම අතීතය අමතක කළවුන්… ඔවුන් ජිවත් වන්නේ මේ මොහොත තුලයි… සැකයෙන් වුනත් රස්මුස් සුව වන තෙක් සිමෝනා ඉන්නට හිත හදා ගන්නා අතරේ ඔවුනට සැබවින්ම ක්‍ෂේම භූමියක් වුන මෙතන තත්වය නිසාවෙන් කණ්ඩායමේ පිරිස බොහොම වෙනස් වෙනවා, සමහරුන් ඉන්නටමයි හිත… නමුත් මේ සියල්ලේ රහස හෙළි වීමත් එකක්…. එතනින් එහා කියන්නට සුදානමක් නැහැ බලන්න මෙතන ඒ රහස ගැන…. ඒ වගේම තවත් ලොකු රහසක් උදාහරණ සහිතව දැකගත හැකි වේවි අවසාන මිනිත්තු කිහිපය ඇතුලත….
තවත් කොටස 3ක් පමණයි ඉතිරිව තියෙන්නේ. නමුත් ඉතින් කියන්න ඕන සති අග ලැබුණ වේගය නම් නැති වේවි සතියේ මැද වැඩ එකක්, නමුත් අනිවාර්යයෙන්ම දවසකට එක කොටසක් ඔබට ලැබෙයි. ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!
පා.ලි.
PSA Dual Audio පිටපතට උපසිරස ගැලපෙන බව කරුණාවෙන් සලකන්න. දැනුවත් කල සනිඳු ලක්ඛිත සොහොයුරාට ස්තුතියි..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2018
- #Alba August
- #Christian Potalivo
- #Editor's Pick
- #Esben Toft Jacobsen
- #Iben Hjejle
- #Jannik Tai Mosholt
- #Jessica Dinnage
- #Lucas Lynggaard Tønnesen
- #Lukas Løkken
- #Mikkel Boe Følsgaard
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonny Lindberg
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සමීර කරුණාරත්න
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
ishanjohnson
srinath
thanks bro.... Anith epi 3 th ikmanatama denna.... Bs.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට. මාවත් මතක් කලාට ස්තූති..ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Induvara namal
Elooowwwww
isuru321@
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
praneeth01
ඔහොම සබ දෙන්න එපා බ්‍රෝ. අපි කොහොමද මෙච්චර ඉක්මනට බලන්නේ. (ජස්ට් කිඩින්). බොහොම ස්තුතියි... පට පට ගලා දෙනවට.....
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!chandimal helapita
thanks bro
SanjulaJeter
thanks
Dineth Sachiranga
සිංහල උපසිරැසියට ස්තූතියි
demon
thnkz
sampath n perera
සිංහල උපසිරැසියට ස්තූතියි
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට... ;)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි සමීර සහෝ.. ජය වේවා...!
Dushan Tharuka
Niyamai...thanks...Jaya wewa !!!
ඤාව් පැටියා
තෑන්ස් සබ් එකට ❤️
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thanks
Shailene woodley ge Adrift movie ekatath
Sub denna balanna
Jayawewa