Watch Trailer

The Rain [S01 : E06] Sinhala Subtitles | ආදරණීය වැස්ස…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – අතරමංව හිටිය කණ්ඩායමට අමුතුම විශාල නිවහනක සෙවන පතන්නට සිද්ධ වෙන්නේ ලග එන මහා වැස්සෙන් ආරක්ෂා වෙන්නට වුවමනා නිසාවෙන්. නමුත් අමුතුම නීතිරීති ගොන්නක් කැටිකර ගත් මේ නිවහනේ සැප…

ඔන්න එහෙනම් හයවැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. 

කලින් කොටස –

අතරමංව හිටිය කණ්ඩායමට අමුතුම විශාල නිවහනක සෙවන පතන්නට සිද්ධ වෙන්නේ ලග එන මහා වැස්සෙන් ආරක්ෂා වෙන්නට වුවමනා නිසාවෙන්. නමුත් අමුතුම නීතිරීති ගොන්නක් කැටිකර ගත් මේ නිවහනේ සැප පහසුව නිසාවෙන් කණ්ඩායමේ බොහොම දෙයෙක් ඒ වෙත ඇදගන්නට සමත් වුනත් මාර්ටින් නම් ආරම්භයේ ඉදලම සැකයෙන් තමයි මේ පිරිස සම්බන්ධයෙන් පසු වුනේ. මේ සියල්ල අස්සේ සිමෝනා තවත් ඇපලෝන් සේවකයෙක් හඳුනා ගැනීම සිද්ධ වුන විදිහ මතක ඇති. ඒ වගේම කලින් කොටස ලේයා සහ ඇයගේ ඉතිහාසය වෙනුවෙන් බොහොම ඉඩක් වෙන් වුන හැටි ඔබට දැකගන්නට ලැබෙන්නට ඇති. අසරණ ඇයගේ මතය වුනේ මේ සියල්ලට ඇය සම්බන්ධ බවයි… ජිවිතයේ එවැනි අමිහිරි මතකයක් එකක් ජිවත් වෙන ඇයට සැබවින්ම මොන වැරදි තිබ්බත් අර ක්‍ෂේම භුමිය ඇත්තටම උදව් වුන බවයි පෙනුනේ…

කොහොම නමුත් පිරිස සහ මාර්ටින් එකම මොහොතක වගේ ස්ථාන දෙකක ඔවුන් මිනීමස් අනුභව කල විත්තිය දැනගන්නවා…. නමුත් අවාසනාවට ඔවුනට එතනින් ඉවත් වෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ, ඒ සියල්ල අස්සේ ඊලග බිලි පුජාව වෙනුවෙන් ලේයා තෝරාගනු ලබන්නේ කණ්ඩායමේ බලාපොරොත්තු ගොන්නක් හුළඟට විසිකරමින්. නමුත් කොහේදෝ සිට පැමිණි කැරන් ලේයා වෙනුවෙන් තමුන්ගේ ජීවිතය හුවමාරු කරන්නේ රාක්ෂයන් අතර වුවත් මිනිස් ගති ගුණ ඇති බව පෙන්වා දෙමින්… ඉතින් එතනින් ගැලවුන අපේ කණ්ඩායම වික්ෂිප්ත වීම එදිනට නිමා කරන්නට තරම් වාසනාවන්ත නොවන්නේ ඇපලෝන් සේවකයා ඔවුන් කල දෙය ගැනීම නිසාවෙන්. ඔහුට අනුව අක්ක මලෝ දේපල සොයා යන ඔවුන්ගේ පියා මේ ලෝක විනාශය ඇති කල පුද්ගලයා වනවා… එය උදාහරණ සහිතව ඔහු ඔප්පු කර පෙන්වන්නේ ඔවුන් ඉදිරියේම ඇපලෝන් එන්නතක් තමුන්ට එන්නත් කරගැනීමෙන්… ඉතින් එහෙම තමයි අපේ කතාවේ අවසානය සනිටුහන් වුනේ කලින් කොටසට….

ඔහොම තමයි කලින් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරණා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා. ඒ වගේම එන්න එන්න මේ ප්‍රේහෙලිකාවේ අපි දන්න කරුණු ප්‍රමාණය වැඩි වෙනවා…

  • ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
  • ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
  • රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
  • ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
  • ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.
  • මාර්ටින්ගේ අතීතය.
  • ආහාර සහ සියලුම අංගයන්ගෙන් සම්පුර්ණ තවමත් හරි හැටි භාවිතා නොවූ බංකර් ආසන්නයේ ඇති බව.
  • සිනෝමාගේ පියා කෙසේ හෝ තවත් බංකර් එකක් වෙත පැමිණ ඇති බව.
  • පියා ස්වීඩනයට යන්නට ඇති බව.
  • නගරයේ මිනිසුන් කෑමබීම වෙනුවෙන් එකිනෙකා ඝාතනය කරගන්නා බව.
  • බියට්‍රිස් පෙනෙන චරිතය නොවන බව.
  • ජින් අතින් ඝාතනයක් සිදුවී තිබෙනවා.
  • බංකර් නිර්මණය කර තිබෙන්නේ මුර සංචාරයේ යෙදෙන අමුත්තන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන්.
  • ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් ලෝක විනාශයට සෘජුවම වගකිව යුතුයි.
  • ජින්ගේ ජිවතුන් අතර ද ? නැත්නම් මියගිහින් ද ? යන ප්‍රශ්නය කණ්ඩායම සතුයි.
  • ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් මාරක වැස්සේ නිමැවුම්කරුවා බව.
  • මාරක වැස්ස ඇපලෝන් සමාගමේ පරීක්ෂණයක අතුරු ප්‍රතිඵලයක් බව.

ඉතින් මේ කරුණු හිත දරාගෙන අද  කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….

අද කොටස –

අද කොටස බොහොම ලස්සනට ආරම්භ වෙලා දුක හිතෙන අවසානයක් උරුම කරගත් කොටසක්. ලස්සන පරිසරයක අවදි වෙන අපේ පිරිසේ අරමුණ තවත් ඉදිරියට ගමන් කිරීම. නමුත් මේ වෙනකොට අමුත්තන් ඔහුන්ට බොහොම ලගා වෙලා… කොරේ පිටට මරේ කියන්නා වගේ පිටත් වෙන්න සුදානම් වෙන මොහොතේ රස්මුස් තමුන්ට හෙලවිය නොහැකි බවත් ඔවුන්ට දන්වනවා… ඉතින් ඊලග බංකරය වෙත කෑම සොයාගෙන යන මාර්ටින්, සිමෝනා, පැට්‍රික් සහ ලේයා ඇතුළු පිරිස ඇපලෝන් කුමන්ත්‍රණයේ තවත් පිටුවක් පෙරලා ගන්නේ බොහොම දුක්කිත සතයක් අවබෝධ කරගනිමින්. ඇපලෝන් සමාගම එලෙස ලෝකය විනාශ කල අතරේ ඉතිරි වුන මිනිසුන් ඇත්තෙන්ම කොහොම මිනිසුන් දැයි අද දැකගත හැකි වේවි, මම මේ කතා කරන්නේ අපේ කණ්ඩායම ගැන… අද නියම මිතුරන්, සිත යට සතුරන් දැකගත හැකි දවසක්… ඒ වගේම අද නිධාන කතාව හිමි වෙන්නේ පැට්‍රික් හට ඔහුගේ අතීතයත් අපට බොහොම පාඩම් කියා දෙනවා.

මේ සියල්ල එකක් රස්මුස් සහ බියට්‍රිස් අතර ආදරය වගේම මාර්ටින් සහ සිමෝනා අතර ආදරයත් දළුලා වැඩෙන හැටි දැකගත හැකි වේවි… ඒ වගේමයි අද බොහොම අපුරු සිදුවීමක් සිද්ධ වෙන්නේ සැබවින්ම ප්‍රශ්න ගොඩක් ඔබට, මට දායාද කරමින්… නමුත් අද කතාවේ අවසාන ඊටත් ප්‍රශ්නාර්ථයක් නමුත් ඊට පෙර මොහොත දුක්කාන්තයක්….

තවත් කොටස 2ක් පමණයි ඉතිරිව තියෙන්නේ. ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

30 comments

  1. gayanads

    අම්මෝ... මෙන්න 6 දාලා ... ටැංකූ ටැංකූ .. විනාඩියෙන් විනාඩිය බල බල හිටියේ.. 7 ලියන්නත් ඉක්මනින් හැකි වේවා ..!! ස්තූතී.

  2. srinath

    Thanks bro....

  3. milindasl

    දවසට එකයි කිව්වට එහෙම නෑ වගේ. එල එල ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ

  4. Induvara namal

    Ee supiri aiye ilaga eka kiytda?

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. undugoda

    ela supiri

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට. කතා දෙකක් නෑ බයිස්කෝප් එකේ තනි කෙනෙක් ඉක්මනටම සබ් එක දුන්න සීරිස් එක මේක තමා. තව දෙකයි..ඒ දෙකත් හෙට දෙමු..ජය වේවා!

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. yasanth

    patta ikmnta sub tika dunna,thanks bro..

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. pryantha gallage

    thanks to sub

  12. Sherlock holmes

    Thanks bro

  13. NipunSachinda

    ela bro sub tika shaniwa watenawane .supiriyi ahh

  14. praneeth01

    මේක කොරන්න බැ බොලව්. දැක්කම බාගන්න නැතුව ඉන්නත් බැ. මොනවා උනත් ග්‍රේට් වක් බ්‍රෝ....

  15. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..ගින්දර වගේ සබ් දෙන්නවා එල එල තව එපි 2යි..

  16. ramesh shalitha

    Godak godak thanks sub akata.... maru kathawak..

  17. thamindu98

    mata meka baganna link ekak dennakow

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. SanjulaJeter

    thanks

  20. Dineth Sachiranga

    සිංහල උපසිරැසියට ස්තූතියි

  21. demon

    thnkz

  22. sampath n perera

    උපසිරසියට ස්තූතියි ජය වේවා…!!!

  23. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට... ;)

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි සමීර සහෝ.. ජය වේවා...!

  26. Dushan Tharuka

    Niyamai...thanks...Jaya wewa !!!

  27. Udara Damith Dissanayaka

    thanksssss

  28. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  29. melinda

    thank you

  30. සංජන චමෝද්

    Season 1 සබ් දුන්නට ගොඩක් ස්තූතියි අයියේ..