Watch Trailer

The Rain [S01 : E07] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හත්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – බියට්‍රිස් එක්ක තනිවෙන්න බොරුවක් කිව්ව රස්මුස් තමුන්ගේ ජිවිතයේ බොහොම සුන්දර දවසක් ඇය එකක් ගත කරන්නට සමත් වෙන අතරේ සිමෝනා ඇතුළු පිරිස කෑම ලබා ගැනීමේ අරමුණෙන් තවත් බංකර් එක…

ඔන්න එහෙනම් හත්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. 

කලින් කොටස –

බියට්‍රිස් එක්ක තනිවෙන්න බොරුවක් කිව්ව රස්මුස් තමුන්ගේ ජිවිතයේ බොහොම සුන්දර දවසක් ඇය එකක් ගත කරන්නට සමත් වෙන අතරේ සිමෝනා ඇතුළු පිරිස කෑම ලබා ගැනීමේ අරමුණෙන් තවත් බංකර් එකක් වෙත ගමන් කරපු හැටි අමතක නැතුව ඇති කියල හිතෙනවා. මේ බංකර් එකෙත් මිනිස් වාසයක් සිද්ධ වෙලා තිබ්බ බවට ඔවුන් සාක්ෂි දකිනවා වගේම පැට්‍රික් එහි තිබූ ටැබ් එකකින් මේ බංකරයේ සිද්ධ වුන මහා අප්‍රසන්න සිද්ධියක් එහෙමත් දකිනවා… ඒ තුලින් තමයි අපි මෙතෙක් “අමුත්තන්” හැටියට හඳුනාගත් පිරිස ඇත්තෙන්ම කවුද කියන එක පැහැදිලි කරගන්නට සමත් වුනේ… ඔවුන් ඇපලෝන් සේවයකන් වගේම ඔවුන් දිවි බේරාගත් පිරිස දඩයම් කරන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, ඔවුන් අතර වෛරසයට ස්වාභාවිකවම ප්‍රතිශක්තිකරණක් නිර්මාණය වුන කෙනෙක් ඉන්නවා ද බලන්න… ඔවුන් ඒ සඳහා ගෙන ගිය ක්‍රියා පටිපාටිය බොහොම දරුණු එකක් බව දකින්න ඇති…

මේ සියල්ල අස්සේ පැට්‍රික් තමුන්ගේ නියම ස්වරුපය පෙන්වමින් සිමෝනා ඝාතනය කරන්න හැදුව හැටි අමතක නැතුව ඇති කියල හිතනවා…. නමුත් ඒ සිදුවීම නිසා අපිට දකින්නට ලැබෙනවා තවමත් හරි හැටි පැහැදිලි කරගත නොහැකි දෙයක්… ඒ සිමෝනා, ලේයා වගේම මාර්ටින් වැස්සට තෙමුනත් කිසිවක් නොවෙන බව.. මෙතෙක් වැස්සෙන් දුවමින් හිටිය පිරිසට මේක සැබවින්ම ප්‍රෙහෙලිකාවක් බවට පත් වනවා… මේ සියල්ල එකක් සත්‍ය දැනගත් මාර්ටින් පැට්‍රික් පන්නා දමනවා… ඒ වගේම සිමෝනා මාර්ටින් හට කලින් කුරිරු වීඩියෝ පටයේ නියෝගය ලබා දුන් පුද්ගලයා තමුන්ගේ පියා බවත් හෙළි කරනවා…

මේ සියල්ල අස්සේ ආදරයෙන් මුසපත් වුන රස්මුස් අවදි වන්නේ බියට්‍රිස්ගේ මල සිරුර දකින්නටයි… ඉතින් ඉන් උමතු වුන ඔහු ඇයවත් රැගෙන බංකර් එක වෙත එන හැටිත්… මේ සියල්ල දකින පැට්‍රික් උදව් කිරීම ප්‍රතික්ෂේප කර දමා දුව යන විට අහුවෙන හැටිත් දකින මොහොතක් තමයි කතාව අවසාන වුනේ….

ඔහොම තමයි කලින් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරණා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා. ඒ වගේම එන්න එන්න මේ ප්‍රේහෙලිකාවේ අපි දන්න කරුණු ප්‍රමාණය වැඩි වෙනවා…

  • ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
  • ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
  • රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
  • ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
  • ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.
  • මාර්ටින්ගේ අතීතය.
  • ආහාර සහ සියලුම අංගයන්ගෙන් සම්පුර්ණ තවමත් හරි හැටි භාවිතා නොවූ බංකර් ආසන්නයේ ඇති බව.
  • සිනෝමාගේ පියා කෙසේ හෝ තවත් බංකර් එකක් වෙත පැමිණ ඇති බව.
  • පියා ස්වීඩනයට යන්නට ඇති බව.
  • නගරයේ මිනිසුන් කෑමබීම වෙනුවෙන් එකිනෙකා ඝාතනය කරගන්නා බව.
  • බංකර් නිර්මණය කර තිබෙන්නේ මුර සංචාරයේ යෙදෙන අමුත්තන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන්.
  • ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් ලෝක විනාශයට සෘජුවම වගකිව යුතුයි.
  • ජින්ගේ ජිවතුන් අතර ද ? නැත්නම් මියගිහින් ද ? යන ප්‍රශ්නය කණ්ඩායම සතුයි.
  • ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් මාරක වැස්සේ නිමැවුම්කරුවා බව.
  • මාරක වැස්ස ඇපලෝන් සමාගමේ පරීක්ෂණයක අතුරු ප්‍රතිඵලයක් බව.
  • නිරෝධන කලාපයේ මිනිස් දඩයක්කරුවන් ඇපලෝන් සමාගම විසින් එවන ලද ස්වභාවික ප්‍රතිශක්තිකරණක් සහිත මිනිසුන් හොයන කණ්ඩායමක් බව.
  • සිමෝනා, ලේයා සහ මාර්ටින් යන තිදෙනාට වැස්සෙන් හානියක් නොවන බව.

ඉතින් මේ කරුණු හිත දරාගෙන අද  කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….

අද කොටස –

මේ කොටස බොහොම නොසිතු සිදුවීම් රැසක් සිදුවෙන, ඒ වගේම මෙතෙක් ලැබුණ හෝඩුවාවන් බොහොමයක් එකක් කරුණු පැහැදිලි වෙන කොටසක්. අද ආරම්භයත් රස්මුස්, බියට්‍රිස්ගේ නිසල මළසිරුරු ඔසවාගෙන බංකර් එක වෙත ඒමත් එකක් තමයි ආරම්භ වන්නේ. නමුත් කණ්ඩායමේ කිසිවෙකු ඔහුට උපකාර කරන්නට උත්සුක නොවන්නේ තමුන්ගේ ශරීර සෞඛ්‍ය පිලිබඳ ඇති බය සහ මරණයෙන් කිසිවෙකු නැවතත් මෙලොවට ගෙන ආ නොහැකි බව දන්නා නිසාවෙන්… මේ සියල්ල ගැන කලකිරීමක් ඇති කරගත් රස්මුස් බංකර් එකෙන් ඉවතට යන්නේ ජීවිතය හානි කර ගැනීමේ අරමුණෙන්…

මේ සියල්ල අතරේ අමුත්තන් ග්‍රහණයේ අවදි වන පැට්‍රික්ට බොහොම හොඳ දඩුවමක් ලැබෙන හැටි දැකගත හැකි වේවි… නමුත් කතාව ගලාගෙන යන හැටියට ඔබට දැකගත හැකි වේවි ඇපලෝන් ආයතනය කොයිතරම් කුරුරු සංවිධානයක්ද කියන එක… ඒ දිවි බේරාගත්ත පිරිසගේ පැත්තෙන් විතරක් නෙමෙයි ඔවුන්ගේම සොල්දාදුවන් පැත්තෙනුත්… ඉතින් අවසානය බොහොම නොසිතු කියන්නත් බැරි අපි සිතා සිටි අවසානයක් ඔප්පුකර පෙන්වීමක් වගේ කියන්න ඇහැකි…

තවත් එක කොටසක් පමණයි ඉතිරිව තියෙන්නේ. ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

26 comments

  1. Sanath Indika

    thx broo

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට.අන්තිම් කොටසත් අදම දෙමු කොහොමහරි..බුදුසරණයි..!

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Induvara namal

    Elwewwwwwe

  5. Janith Ramanayaka

    Thank bro

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. cjgayan

    මේක ඩවුන්ලෝඩ් කරනකොට page not found කියල error එකක් එනවා, පොඩ්ඩක් බලන්න පුලුවන්ද? ඒ වගේම එපිසොඩ් 2 එකෙ සබ් එක ඩවුන්ලෝඩ් කරනකොටත් එහෙම එනවා..

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. chandimal helapita

    thank you very much

  10. chandimal helapita

    thank you very much saho

  11. SanjulaJeter

    thanks

  12. Dineth Sachiranga

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. demon

    thnkz

  15. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

  16. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට... ;)

  17. sampath n perera

    බොහොම ස්තූතියි

  18. RmSm

    thanks for the sub bro

  19. Ashan Maduranga

    thanks wewa sahodaraya jayen jayama wewa suba wewa

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි සමීර සහෝ.. ජය වේවා...!

  22. dush135

    ela

  23. Dushan Tharuka

    Niyamai...thanks...Jaya wewa !!!

  24. Udara Damith Dissanayaka

    thanksssssssss

  25. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  26. melinda

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.