Watch Trailer

The Serpent (2021) [S01 : E04] Sinhala Subtitles | කනික් නිවස ගැන ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් ඉන්නෙ. The Serpent කියන්නෙත් එහෙම උපසිරැසි කරපු කතා මාලාවක්. මේකට මූලිකත්වය අරන් මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕන. ඔන්න ඉතින් මේ අරගෙන එන්නේ කතා මාලාවේ 4 වෙනි කොටස.…

කොහොමද කට්ටියට.. මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් ඉන්නෙ. The Serpent කියන්නෙත් එහෙම උපසිරැසි කරපු කතා මාලාවක්. මේකට මූලිකත්වය අරන් මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕන. ඔන්න ඉතින් මේ අරගෙන එන්නේ කතා මාලාවේ 4 වෙනි කොටස. සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු කතා මාලාවක් නිසා නොබලා ඉන්න එපා. Netflix ලගේ වැඩක් නිසා කොහොමත් සුපිරියටම තියෙනවා. හතරවෙනි කොටසට IMDb දර්ශකයේ 8.1ක අගයක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙදි වෙච්ච දේවල් මතක ඇතිනෙ. තුන්වෙනි කොටසෙදි මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

ඉතින් අද කොටස කාලරාමු දෙකක විදියට තමයි යන්නේ කත්මන්ඩු සහ බැංකොක් වල තමයි වෙන්නේ. විලියම් දැන් ඉන්නේ ලීනාත් එක්ක බැංකොක් වල ඒ අතරේ නදීන් ව යවනවා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ක්නිපර්බාර්ක් විලියම් ලගේ ඔත්තු බලන්න. මොකද ප්‍රමාණවත් තරම් සාක්ෂි නැති නිසා එයාලව අල්ලන්න විදියක් නැති නිසා. ඒත් මේ ඔත්තු බලන වැඩේටනම් නදින්ගේ කොල්ලා කැමති නැ. නමුත් නදීන් නම් එකපයින් කැමති. කොහොමහරි මෙයාලට ඕනේ සාක්ෂි නම් හොයා ගන්නවා. අතරේ සාක්ෂි හොයන්න ගහින් නදීන් නුලෙන් බේරෙන අවස්ථාවකුත් තියෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. නදින්ව අහුවෙන්නේ නැති වෙයිද. එහෙනම් මම ගියා ඊළඟ කොටස පසිඳු මල්ලි ඔයාලට අරගෙන එයි ගිහින් එන්නම්. මේවගේ කතා මලා ඉදිරියට ඔයාලට අරගෙන එන්න අපි වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉන්නේ ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න .

ජය වේවා.

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,529 downloadsDownload The-Serpent-2023-S01-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

1,529 downloadsDownload Subtitles24 KB

7 comments

  1. Kalana tharaka

    Maliya, thanks brother sub ekata..jaya....

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Damith Sameera

    narcos mexico season 2 sub nadda

  4. Anonymous

    Niyamai mchn

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P