ඔන්න දෙවෙනි හා තුන්වෙනි කොටස්වල උපසිරැසිත් ඉක්මනටම අරගෙන ආවා. පළවෙනි කොටස බලා ඇති කියලා හිතනවා. මගේ ආසම TV series එකට උපසිරැසි දාන්න ලැබේවි කියලා හිතුවේ නෑ. ඒත් කොහොමහරි ඒ වාසනාව ලැබුණා. එහෙනම් අපි අද කතාව ගැන බලමු. කලින් කතාවේ අපි දැක්කනේ ඇඩ්‍රියන් ටූම්ස් හෙවත් වල්චර්ගේ ඔරිජින් එක. ඒවගේම “බිග් මෑන…

ඔන්න දෙවෙනි හා තුන්වෙනි කොටස්වල උපසිරැසිත් ඉක්මනටම අරගෙන ආවා. පළවෙනි කොටස බලා ඇති කියලා හිතනවා. මගේ ආසම TV series එකට උපසිරැසි දාන්න ලැබේවි කියලා හිතුවේ නෑ. ඒත් කොහොමහරි ඒ වාසනාව ලැබුණා. එහෙනම් අපි අද කතාව ගැන බලමු.
කලින් කතාවේ අපි දැක්කනේ ඇඩ්‍රියන් ටූම්ස් හෙවත් වල්චර්ගේ ඔරිජින් එක. ඒවගේම “බිග් මෑන්” සහ “එන්ෆෝසර්ස්”ලවත් අපට හඳුන්වා දුන්නනේ. දෙවෙනි එපිසෝඩ් එකේ අපට දැකගන්න ලැබෙනවා ඉලෙක්ට්‍රෝ හෙවත් මැක්ස් ඩිලන්. මේ කතාවේ ඉලෙක්ට්‍රෝගේ ඔරිජින් එක කොමික් ඔරිජින් එකට වඩා වෙනස්. (ඇත්තම කියනවා නම් හැම සුපර්විලන් කෙනෙක්ගේම වගේ එහෙමයි). ඉතින් ඉලෙක්ට්‍රෝගේ හඳුන්වා දීම එක්ක ඔයා ස්පයිඩර්-මෑන් ෆෑන් කෙනෙක් නම් දැනටම අනුමාන කරලා ඇති මේ කතාව කොයි පැත්තටද යන්නේ කියලා. ඉතින් ස්පයිඩිට පුළුවන් වෙයිද ඉලෙක්ට්‍රෝව පරද්දන්න?
තුන්වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ තමයි ලිසාඩ්ව අපට හඳුන්වා දෙන්නේ. ලිසාඩ්ගේ ඔරිජින් එක නම් කොමික් ඔරිජින් එකට ගොඩක්ම සමානයි. ලිසාඩ් වෙන්නේ කර්ට් කොනර්ස් බව කලින් එපිසෝඩ් දෙකේදීම අපට් ඉඟිකරානේ. මේක වෙන්නෙත් ඉලෙක්ට්‍රෝගේ විදුලියේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් කොහොමහරි මේ කතාව අවසානෙදී පීටර්ව ESU විද්‍යාගාරයෙන් එළවනවා. ඒවගේම පීටර් සහ එඩී අතර ඉස්සරහට නිර්මාණය වෙන ගැටුමටත් මුල් පියවර තියන්නේ මේකෙන් තමයි. ඉතින් පීටර්ව ESU ලැබ් එකෙන් අස් කරන්නේ ඇයි? ස්පයිඩර්-මෑන්ට පුළුවන් වේවිද ලිසාඩ්ව ආපහු කර්ට් කොනර්ස් කරන්න? එහෙනම් අද එපිසෝඩ් දෙක බලලා දැනගන්නකෝ.
එහෙනම් එපිසෝඩ් හතරේ සහ පහේ උපසිරැසිත් ඉකමනටම අරගෙන එනවා කියලා පොරොන්දු වෙමින් අදට සමුගන්නවා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,314 downloadsDownload The-Spectacular-Spider-Man-S01-E02-E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
7 comments
kavinda gamage
Gavesh
ඉතුරු episodes ටිකත් ඉකමනටම දෙන්න
Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ishira
Thanks You supiri
Maya and the Three 2021
Inside Job 2021
පුලුවන් එකකට සිංහල සබ් හදලා දෙන්න පුලුවන් ද කරුණාකරලාravidu ishan
සබ්එකට Tnx mchn,, දිගටම කරගෙන යමු,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩාක් ස්තුතියි නියම වැඩක්