Watch Trailer

The Spectacular Spider-Man [S01 : E01] Sinhala Subtitles | ස්පෙක්ටකියුලර් ස්පයිඩර්-මෑන්ව හමුවෙමු [සිංහල උපසිරැසි]

අද උපසිරැසි අරගෙන එන්නේ මගේ කැමතිම කාටූන් එකට. මේක තමයි Spectacular Spider-Man කියන TV series එක. 2008 ඉඳන් 2009 වෙනකන් ගිය මේ කතාවේ සීසන් දෙකක් සහ එපිසෝඩ් 26ක් තියෙනවා. මේක Spider-Man ෆෑන්ස්ලා අතර ඉතාම ජනප්‍රිය සහ ආදරයට ලක්වෙච්ච කාටූන් එකක්. මේකට ප්‍රධාන හේතුව තමයි මේ සීරීස් එක සියළුම පැතිවලින් හො…

අද උපසිරැසි අරගෙන එන්නේ මගේ කැමතිම කාටූන් එකට. මේක තමයි Spectacular Spider-Man කියන TV series එක. 2008 ඉඳන් 2009 වෙනකන් ගිය මේ කතාවේ සීසන් දෙකක් සහ එපිසෝඩ් 26ක් තියෙනවා. මේක Spider-Man ෆෑන්ස්ලා අතර ඉතාම ජනප්‍රිය සහ ආදරයට ලක්වෙච්ච කාටූන් එකක්. මේකට ප්‍රධාන හේතුව තමයි මේ සීරීස් එක සියළුම පැතිවලින් හොඳ වීම; ඇනිමේෂන්ද, කතාව කියන විදියද, හඬකැවීමද, හැමදේම හොඳයි. IMDb ලකුණු 8.2ක් සහ Rotten Tomatoes දර්ශකයේ 100% ලබා ගන්න පුළුවන් වුණා කියන්නේ කතාවේ සුපිරි බව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කොහොම හරි මේකට තුන්වෙනි සීසන් එකකුත් සැලසුම් කරලා තිබුණා. ඒ වුණාට Marvel සහ Sony අතර තිබුණු නීතිමය ගැටළුවක් නිසා ඒක නැවතුණා. කොහොම වුණත් Spectacular Spider-Man සීසන් 3 අරගෙන එන්න කියලා මේ සමාගම්වලට බල කරන forms අදටත් internet එකේ බලාගන්න පුළුවන්. Josh Keaton (ස්පයිඩර්-මෑන්), Stan Lee, Joshua LeBar (ෆ්ලෑෂ් තොම්ප්සන්), Venessa Marshall (මේරි ජේන් වොට්සන්) වගේ අය හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් හැමෝම දන්න විදියට මේකේ ප්‍රධාන චරිතේ තමා පීටර් පාකර්. මෙයා තමයි ස්පයිඩර්-මෑන්. මේ කතාව පටන් ගන්නේ හැමෝම හිතන විදියට පීටර් පාකර් ස්පයිඩර්-මෑන් වුණේ කොහොමද කියලා කියන එකෙන් නම් නෙමෙයි. ඒ වෙනුවට මේක පටන් ගන්නකොටත් පීටර් පාකර් ස්පයිඩර්-මෑන් වෙලා ඉවරයි. මේකට හේතුව තමයි මේ කාටුන් එකට කලින් බොහෝ ස්පයිඩර්-මෑන් කාටූන් ඇවිල්ලා ඒ වෙනකොටත් ස්පයිඩර්-මෑන්ගේ ඔරිජින් එක මිනිස්සු දැනගෙන තිබීම. ඉතින් කතාව මුලදිම අපි දකින්නේ “බිග් මෑන්” කියන අපරාධ නායකයා ස්පයිඩර්-මෑන්ව ඉවරයක් කරන්න එන්ෆෝසර්ස්ලව යවන එකෙන්. ඊටපස්සේ අපි දකිනවා ඇඩ්‍රියන් ටූමස් මෙයාගේ පියාඹන තාක්ෂණය ඔස්කෝප් එකට අරගෙන යනවා. (ඔස්කෝප් කියන්නේ පීටර්ගේ හොඳම යාළුවා හැරීගේ තාත්තා, ඔස්බෝන් මහතාගේ සමාගම. ඒක නව නිපැයුම් කරන සමාගමක්). කොහොමහරි ඔස්බෝන් මේවා බලලා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ එයා ඒ අනුව ඔස්කෝප් පියාඹන තාක්ෂණය හඳුන්වා වෙනවා ටූම්ස්ගෙන් කිසිම අවසරයක් නැතුව. මේකට වියරු වැටෙන ටූම්ස් වල්චර් නමින් ඔස්බෝන් හොයාගෙන එනවා. ඔස්බෝන්ව බේරගන්න එක ස්පයිඩර්-මෑන්ට බාරයි. කලින් සුපර්විලන්ලත් එක්ක හැප්පිලා අත්දැකීමක් නැති ස්පයිඩර්-මෑන්ට එන්ෆෝසර්ස්ලට මුහුණ දෙන ගමන් හැරීගේ තාත්තව වල්චර්ගෙන බේරගන්න පුළුවන් වේවිද? එපිසෝඩ් එක බලලම දැනගන්න.

එහෙනම් සිංහල උපසිරැසියේ තියෙන්න පුළුවන් අඩුපාඩුවලට සමාවෙලා එපිසෝඩ් එක බලන්න කියලා ඉල්ලන ගමන් ලිපිය අවසන් කරන්නම්. උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙමනම් දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. සුබ දවසක්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,984 downloadsDownload The-Spectacular-Spider-Man-S01-E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

1,984 downloadsDownload Subtitles20 KB

14 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anuja Lakshitha

    sub ekata thanks saho

    genaration kill series eke ithuru ewata sub awe naththe ai

  3. Ishira

    Thanks

  4. Amila konara

    පුලුවන්නම් sons of anarchy tv series එකට සබ් දෙන්නකො

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  6. tharusha abishek

    sub eka patta . venom 2 carnage movie eka denna thama barida

  7. Nowtiya

  8. Nilush Angana

    Sub ekata thanx

  9. kavinda gamage

    spider man කියන චරිතය මම පොඩි කාලේ ගොඩාක් කැමතියි තවමත් කැමතියි චරිතයක් .

  10. Hasindu Kavishan

    Hello ayye thanks sub ekata e vagema mata puluvannam fox studioslage next kiyana series ekata sub denna puluvanda

  11. Gayana Thathsara

    Thank you bruhh.... ❤️
    Sci-Fi Series වලට සබ් එකක් හදන්න පුලුවන් නම් The Expanse, For All Mankind වගේ series වලට සබ් හදන්න ❤️

  12. ravidu ishan

    සබ්එකට Tnx mchn,,, ජය!! ✌️✌️

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anonymous

    Marvel's Spider-Man,Ultimate Spider-Man series වලටත් සබ් හදන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.