මුලින්ම සමාව ඉල්ලනවා මේ උපසිරැසිය ගේන්න පරක්කු වුණාට. අද අරගෙන ආවේ Spectacular Spider-Man එකේ එපිසෝඩ් 12 සහ 13 උපසිරැසි. මේක එපිසෝඩ් 2ක් වගේ තිබුණට ඇත්තටම එකම කතාව තමා යන්නේ. ඉතින් ඔන්න පළවෙනි සීසන් එක ඉවරයි. කතාව ගැන කියනවා නම් මේකේ අපට හම්බවෙනවා වෙනම් (Venom). අපි දැක්කනේ ස්පයිඩර්-මෑන්ගේ කළු ඇඳුම…

මුලින්ම සමාව ඉල්ලනවා මේ උපසිරැසිය ගේන්න පරක්කු වුණාට. අද අරගෙන ආවේ Spectacular Spider-Man එකේ එපිසෝඩ් 12 සහ 13 උපසිරැසි. මේක එපිසෝඩ් 2ක් වගේ තිබුණට ඇත්තටම එකම කතාව තමා යන්නේ. ඉතින් ඔන්න පළවෙනි සීසන් එක ඉවරයි.
කතාව ගැන කියනවා නම් මේකේ අපට හම්බවෙනවා වෙනම් (Venom). අපි දැක්කනේ ස්පයිඩර්-මෑන්ගේ කළු ඇඳුම වගේම පීටර් පාකර් සහ එඩී බ්‍රෝක් අතර තියෙන අමනාපකම. ඉතින් දැන් වෙනම්ට එන්න වේදිකාව ලෑස්ති කරලා ඉවරයි. ඔන්න ඉතින් එයා එනවා.
12 වෙනි එපිසෝඩ් එකේදී අපට දකින්න ලැබෙන්නේ සිම්බියෝට් නිසා ස්පයිඩර්-මෑන්ගේ සහ පීටර් පාකර්ගේ වෙනස් වීම. හොඳම දේ තමයි පීටර්ට තමන්ගේ වෙනස්වීම අඳුරගන්න උදව් කරන්නේ ෆ්ලෑෂ් තොම්ප්සන් වීම. ඉතින් කොහොමහරි පීටර්ට සිම්බියෝට් තමන්ව වෙනස් කරන බව තේරිලා එයාව අයින් කරන්න පල්ලියකට යනවා. ඒත් පීටර්ට තේරෙනවා සිම්බියෝට් කියන්නේ තමන් හිතාගෙන හිටියට වඩා බලවත් කෙනෙක් කියලා. ඉතින් හැමදාම අනුන්ව බේරගත්ත ස්පයිඩර්-මෑන්ට තමන්ව බේරගන්න පුළුවන් වේවිද? මේ එපිසෝඩ් එකේදීම තමයි අපට දැකගන්න හම්බවෙන්නේ ස්පයිඩර්-මෑන්ගේ ඔරිජින් එක. ඒවගේම මේකේ අන්තිම අපට එඩී බ්‍රෝක් වෙනම් වෙනවා බලාගන්නත් පුළුවන්.
13 වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ තියෙන්නේ වෙනම් ස්පයිඩර්-මෑන්ගෙන් පළිගන්න එක තමයි. එඩී වෙනම් වුණා මදිවට ස්පයිඩර්-මෑන් කියන්නේ පීටර් පාකර් කියලත් දැනගන්නවා. ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන්නේ ස්පයිඩර්-මෑන් හෙවත් පීටර් පාකර්ගෙන් පළිගන්න, වෙනම් පීටර් ආදරය කරන අයව විනාශ කරන්න හදන විදිය සහ ස්පයිඩර්-මෑන් එයාලව බේරගන්න උත්සහ කරන විදිය. ඉතින් පීටර්ට තමන් ආදරය කරන අයව බේරගන්න පුළුවන් වේවිද? එයා තමන් ගැන හැමදේම දන්න වෙනම්ව පරද්දන්නේ කොහොමද? එයා එඩී බ්‍රෝක්ව බේරගන්නේ කොහොමද? මේවට උත්තර හොයාගන්න නම් ඉතින් එපිසෝඩ් එක බලන්නම වෙනවා.
එහෙනම් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරැසියෙන් හමුවෙමු. සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,089 downloadsDownload The-Spectacular-Spider-Man-S01-E12-E13.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
6 comments
kavinda gamage
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ දෙවනි සීසන් එකටත් ඉක්මනට සබ් දෙන්න
Anonymous
niyamyi ben 10 omniverse seoson ekatath sub dennakoo
Nilush Angana
Sub ekata thanx
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි මල්ලි පලවෙනි සීසන් එක අවසන් වෙනතුරු සබ් දුන්නට .