ඔන්න ඉතින් කලින් ලිපියේ කිව්ව විදියටම ඉක්මනටම අරගෙන ආවා 8 සහ 9 එපිසෝඩ්වල උපසිරැසි. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. අපි දැන් පළවෙනි සීසන් එකේ අවසානයට ටිකින් ටික ළංවෙනවා. ඒ කියන්නේ ඉතින් සිනිස්ටර් සික්ස් එක වැඩි ඈතක නෙමෙයි. 8 වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ අපට හම්බවෙන්නේ ඩොක්ටර් ඔක්ටපස් හෙව…

ඔන්න ඉතින් කලින් ලිපියේ කිව්ව විදියටම ඉක්මනටම අරගෙන ආවා 8 සහ 9 එපිසෝඩ්වල උපසිරැසි. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. අපි දැන් පළවෙනි සීසන් එකේ අවසානයට ටිකින් ටික ළංවෙනවා. ඒ කියන්නේ ඉතින් සිනිස්ටර් සික්ස් එක වැඩි ඈතක නෙමෙයි.
8 වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ අපට හම්බවෙන්නේ ඩොක්ටර් ඔක්ටපස් හෙවත් ඩොක්ටර් ඔක්ටේවියස්. ඩොක්ටර් ඔක්ටපස්ගේ කොමික් පැත්ත ගැන කියනවා නම් මෙයා මුලින්ම හඳුන්වා දුන්නේ The Amazing Spider-Man #3 දී. මෙයා ස්පයිඩර්-මෑන්ගේ දරුණුම හතුරෙක්. හතුරෙක් නෙමෙයි. දරුණුම හතුරා කියන්නත් පුළුවන්. මොකද මෙයා තමයි අනිත් කාටවත් බැරි වුණු දෙයක් කළේ: ස්පයිඩර්-මෑන්ව මැරීම. මේක සිද්ධ වුණේ The Amazing Spider-Man #700 දී. ඒක වුණේ කොහොමද කියලා කියනවා නම් ඒ වෙනකොට ඩොක්ටර් ඔක්ටපස් වයසට යමින් සහ පිළිකාවකින් වධ විඳිමින් ඉන්නේ. ඉතින් එයා ස්පයිඩර්-මෑන් එක්ක ආත්ම මාරු කරගන්නවා. ඒ කියන්නේ ස්පයිඩර්-මෑන්ගේ ඇඟ ඇතුළේ ඇත්තටම ඉන්නේ ඩොක්ටර්-ඔක්ටපස්. එතකොට ඩොක්ටර් ඔක්ටපස්ගේ ඇඟ ඇතුළේ ඇත්තටම ඉන්නේ පීටර් පාකර්. ඉතින් ඩොක්ටර් ඔක්ටපස්ව මරනවා ස්පයිඩර්-මෑන්. ඒ කියන්නේ පීටර් පාකර් මැරෙනවා කියන එකනේ. හැබැයි ඩොක්ටර් ඔක්ටපස් පීටර්ගේ මතකයන් දැකලා හොඳ කෙනෙක් වෙනවා. එතන ඉඳන් එයා Superior Spider-Man කියලා තමයි හඳුන්වන්නේ.
කොහොමහරි ඒ Superior Spider-Man කතා මාලාව අතරතුර ආපහු පීටර් පාකර් තමන්ගේ ශරීරයට එනවා. ඒත් මම ඒක ගැන කියන්න යන්නේ නෑ මොකද ඒක වෙනම කතාවක්. ඉතින් අපි ආයෙමත් එපිසෝඩ් එක පැත්තට හැරෙමු.
ඉතින් ඩොක්ටර් ඔක්ටේවියස්ව අපට කලින් එපිසෝඩ්වල හම්බවුණානේ. ඇයි සෑන්ඩ්මෑන්ව සහ රයිනෝව හැදුවේ එයානේ. ඔයාලට මතක ඇතිනේ එයාට තියෙනවා කියලා අඬු හතරක්. ඉතින් මේ එපිසෝඩ් එකේදී පරීක්ෂණයක් වැරදිලා එයාගේ අඬු හතර එයාට බද්ධ වෙනවා මනසින් පාලනය කරන්න පුළුවන් විදියට. මේ පරීක්ෂණය වැරදෙන්නේ අපට කලින් එපිසෝඩ්වල හමුවුණු ග්‍රීන් ගොබ්ලින්ගේ වැඩවල ප්‍රතිඵලයක් විදියටයි. ඒ වුණාට ඩොක්ටර් ඔක්ටේවියස් හිතාගෙන ඉන්නේ ස්පයිඩර්-මෑන් මේක කළා කියලා. ඉතින් ස්පයිඩිට කවදාවත් මහන්සි වෙන්නේ නැති හතුරෙක් එක්ක සටන් කරලා දිනන්න පුළුවන් වේවිද?
9 වෙනි එපිසෝඩ් එකේ කතාව ගැන කියනවා නම් මේකෙ ප්‍රධානම හතුරා ග්‍රීන් ගොබ්ලින් තමයි. එයා බිග් මෑන්ගේ දකුණු අත වගේ මිනිහා, හැමර්හෙඩ් ව මරන්නයි යන්නේ. එයාව බේරගන්න සහ හැමර්හෙඩ් ගාව තියෙනවා කියලා කියන ජම්ප් ඩ්‍රයිව් එක අරගන්න ස්පයිඩර්-මෑන් සහ බිග් මෑන් හෙවත් ටූම්බ්ස්ටෝන් යනවා. කොහොමහරි කතාව අවසානයේදී එළිවෙනවා ග්‍රීන් ගොබ්ලින් කියන්නේ කවුද කියලා! ඉතින් ඒ කවුද? කතාව බලලම හොයාගන්න.
එහෙනම් එපිසෝඩ් 10 සහ 11 උපසිරැසිත් අරගෙන ආයෙම හමුවෙමු. සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,017 downloadsDownload The-Spectacular-Spider-Man-S01-E08-E09.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
7 comments
No name
Praveen Mahesh
thank you very much!
kavinda gamage
ගොඩාක් ස්තුතියි ඉතිරි ටිකත් ඉක්මනින්ම දෙන්න සුපිරිම වැඩක් .
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
ravidu ishan
සබ්එකට Tnx Mchn,, මේක එල වැඩක්,, දිගටම කරගෙන යමු,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Super.