ඔන්න එහෙනම් දෙවෙනි කතා සමයේ එපිසෝඩ් 10 සහ 11 උපසිරැසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. 9 වෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ග්‍රීන් ගොබ්ලින්ගේ පුනරාගමනය ගැන අපට ඉඟි කරනවා. ඉතින් මේ එපිසෝඩ් දෙකේ තියෙන්නේ ඒක තමයි. ගොබ්ලින් අපරාධ ලෝකයේ අලුත් බිග් මෑන් වෙන්න කරන වැඩ. එහෙම නම් අපි කතා දෙක ග…

ඔන්න එහෙනම් දෙවෙනි කතා සමයේ එපිසෝඩ් 10 සහ 11 උපසිරැසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. 9 වෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ග්‍රීන් ගොබ්ලින්ගේ පුනරාගමනය ගැන අපට ඉඟි කරනවා. ඉතින් මේ එපිසෝඩ් දෙකේ තියෙන්නේ ඒක තමයි. ගොබ්ලින් අපරාධ ලෝකයේ අලුත් බිග් මෑන් වෙන්න කරන වැඩ. එහෙම නම් අපි කතා දෙක ගැන බලමු.
10 වෙනි එපිසෝඩ් එකේ තියෙන්නේ කලින් 8 සහ 9 එපිසෝඩ් දෙකේදී වේදිකාව හදපු බිග් මෑන්ලාගේ යුද්ධය. මේක වැලන්ටයින් දවසේදී තමයි සිද්ධ වෙන්නේ. සිල්වර්මේන් හිරෙන් නිදහස් වෙලා. ඉතින් අපරාධ ලෝකයේ පාලනය ලැබෙන්නේ කාටද? ඒ තමන්ගේ පවුල දශක ගාණක් තිස්සේ නිව්යෝක් නගරය පාලනය කරපු නිසා ඒකේ අයිතිය තියෙන්නේ තමන්ටයි කියලා හිතාගෙන ඉන්න සිල්වර්මේන්ටද? නැත්නම් අලුත් විදියට හිතන, අපරාධ ලෝකය කියන්නේ ව්‍යාපාරයක් කියලා හිතන බිග් මෑන්ටද? අපරාධ ලෝකය විද්‍යාවක් කියලා හිතන ඩොක්ටර් ඔක්ටපස් ටද? නැත්නම් වෙනත්ම කෙනෙක්ටද? ඒවගේම ස්පයිඩර්-මෑන්ට මේ අපරාධ නායකයින් තුන් දෙනා අතර යුද්ධය නවත්තන්න පුළුවන් වේවිද? එපිසෝඩ් එක බලලම හොයාගන්න.
ඉතින් 11 වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ කතාව ගලාගෙන යන විදිය අනිත් එපිසෝඩ්වලට සාපෙක්ෂව ටිකක් වෙනස්. මොකද කලින් එපිසෝඩ්වල අපට ඒකරේඛීය ගලාගෙන යාමක්නේ දකින්න ලැබුණේ. ඒත් මේකේ එහෙම නෙමෙයි. එක තැනකින් පටන් අරගෙන චරිතවල flashbacks තුළින් ඒ සිද්ධිය වෙනකන් වෙච්ච දේවල් කියනවා. මට කලින් කතාවේ හොඳම ටික කියන්නේ නැතුව මේ කතාව කියන්න අමාරුයි. කොහොම වුණත් මම මෙහෙම කියන්නම්කෝ. මේ කතාවේදී අපට හම්බවෙන්නේ මෝල්ටන් මෑන්. ඒවගේම එයාට තමන්ගේ ජීවිතේ පාලනය ආපහු ගන්න නම් ස්පයිඩර්-මෑන්ව ඉවරයක් කරන්න වෙනවා. ඒවගේම මෝල්ටන් මෑන් කියන්නේ ස්පයිඩර්-මෑන්ට, වඩා නිවැරදිව පීටර් පාකර්ට, ළඟ කෙනෙක්. ඉතින් කවුද මේ මෝලටන් මෑන්? ඇයි එයාට ස්පයිඩර්-මෑන්ව විනාශ කරන්න ඕනේ? එයාගේ ජීවිතේ පාලනය නැති වෙන්නෙ එයාට මොකක්ද වෙලා තියෙන්නේ? ස්පයිඩර්-මෑන්ට එයාව පරද්දන්න පුළුවන් වේවිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ඉතින් එපිසෝඩ් එක බලන්නම වෙනවා.
එහෙනම් අපි The Spectacular Spider-Man කතා මාලාවේ අන්තිම ලිපියෙන් හමුවෙමු. සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,699 downloadsDownload The-Spectacular-Spider-Man-S02-E10-E11.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
5 comments
kavinda gamage
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි නියම වැඩක් .