ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Spectacular Spider-Man කතා මාලාවේ 8 සහ 9 වැනි කොටස්වලට. ඉතින් මේ දෙක ගැන කියනවා නම් එහෙම ලොකු, ත්‍රාසජනක දේවල් වෙන්නේ නෑ (මම ත්‍රාසජනක කියන එකෙන් අදහස් කළේ “වෙනම්ගේ පළිගැනීම” වගේ ඒවා). මේ එපිසෝඩ් දෙක කරන්නේ ඉස්සරහට වෙන දේවල්වලට වේදිකාව සකස් කරන එක තමයි. එහෙනම්…

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Spectacular Spider-Man කතා මාලාවේ 8 සහ 9 වැනි කොටස්වලට. ඉතින් මේ දෙක ගැන කියනවා නම් එහෙම ලොකු, ත්‍රාසජනක දේවල් වෙන්නේ නෑ (මම ත්‍රාසජනක කියන එකෙන් අදහස් කළේ “වෙනම්ගේ පළිගැනීම” වගේ ඒවා). මේ එපිසෝඩ් දෙක කරන්නේ ඉස්සරහට වෙන දේවල්වලට වේදිකාව සකස් කරන එක තමයි. එහෙනම් අපි කෙලින්ම කතා ගැන බලමු.
8 වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ අපිට හම්බවෙනවා සිල්වර් සේබල්ව. මෙයාගේ තාත්තා තමයි සිල්වර්මේන්. සිල්වර්මේන් කියන්නේ ස්පයිඩර්-මෑන්ගේ තවත් හතුරෙක්. එයා මුලින්ම හඳුන්වා දුන්නේ The Amazing Spider-Man #73 දී. කොහොම වුණත් අපට මෙයාව එපිසෝඩ් එකේදී නම් දැකගන්න ලැබෙන්නේ නෑ. එයාගේ දුව, එහෙම නැත්නම් සිල්වර් සේබල්ව තමයි දැකගන්න ලැබෙන්නේ. ඉතින් සිල්වර් සේබල්, හැමර්හෙඩ්, ඩොක්ටර් ඔක්ටපස් යනාදී අය වෙන්දේසියකට රැස් වෙලා ඉන්නවා. ඉතින් මොකක්ද මේ වෙන්දේසිය? ඒක ජම්ප් ඩ්‍රයිව් එකක්. මේකේ තියෙන පිරිවිතරවලින් පුළුවන් රයිනෝ වගේ සුපිරි හේවායෝ හදන්න. ඉතින් ස්පයිඩර්-මෑන්ට පුළුවන් වේවිද දවස බේරගන්න?
තව දෙයක්, මේකේ පීටර්ට දැනගන්න ලැබෙනවා පැච් කියලා ඉන්නේ මිස්ටර් ෆොස්වෙල් කියලා. ෆොස්වෙල් තමයි කොමික්වල නම් මුල්ම බිග් මෑන් වෙලා හිටියේ. කොහොම වුණත් මේ කතා මාලාවට එයා හොඳ කෙනෙක් විදියට අරගෙන තියෙනවා.
9 වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් මේකේ පට දැකගන්න ලැබෙනවා බිග් මෑන් කොහොමද ඉස්සරහට එන යුද්ධයට ලෑස්ති වෙන්නේ කියලා. මොකක්ද මේ යුද්ධය? මෙහෙමනේ, සිල්වර්මේන් තමයි බිග් මෑන්ට ඉස්සරවෙලා නිව්යෝක් පාලනය කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් කොහොමහරි එයාව පොලීසියට අහු වෙලා හිරේ දාලා ඉන්නේ. එයා හිරේ ඉන්න අතරතුරේදී තමයි බිග් මෑන් හෙවත් L. තොම්ප්සන් ලින්කන් නගරේ අපරාධවල පාලනය අතට ගන්නේ. ඉතින් දැන් සිල්වර්මේන් නිදහස් වෙන්නයි යන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ එතකොට වෙන්නේ මොකක්ද කියලා. ඉතින් මේ යුද්ධයට සූදානම් වෙන්න බිග් මෑන් අලුත්, සුපිරි බල තියෙන එන්ෆෝසර්ස්ලා ගාවට ගිහිල්ලා කියනවා රත්තරන් වගයක් හොරකම් කරගෙන එන්න කියලා. ඉතින් ස්පයිඩිට මේ අලුත් එන්ෆෝසර්ස්ලා පරාද කරන්න පුළුවන් වේවිද?
එහෙනම් හැමදාම කියනවා වගේ සිංහල උපසිරැසිය ගැන ඔයාලගෙ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. අපි දැන් සීසන් එකේ අවසානයටත් ළං වේගෙන එන්නේ. එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,520 downloadsDownload The-Spectacular-Spider-Man-S02-E08-E09.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
6 comments
No name
kavinda gamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .
Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Super