Watch Trailer

The Terror [S02 : E01] Sinhala Subtitles | යක්ෂණියගේ පිබිදීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! 2018 අප්‍රේල් මාසෙ The Terror ටෙලි කතා මාලාව amc නාලිකාව හරහා විකාශය වුණා. බලල නැති අය ඉන්නවනම් ඔන්න බලන්න ගන්න, මම ආයෙත් කෙටියෙන් කතාව මතක් කරන්නම්. ඉතිං පළමු කතා මාලාවට පදනම් වුණේ, ටෙරර් සහ එරබස් රාජකීය නෞකා ද්විත්වය ආක්ටික් සාගරය හරහා නාවුක මාර්ගයක් සොයාගෙන යෑම හා සම්බන්ධව. ඒ…

ආයුබෝවන් යාළුවනේ..!

2018 අප්‍රේල් මාසෙ The Terror ටෙලි කතා මාලාව amc නාලිකාව හරහා විකාශය වුණා. බලල නැති අය ඉන්නවනම් ඔන්න බලන්න ගන්න, මම ආයෙත් කෙටියෙන් කතාව මතක් කරන්නම්. ඉතිං පළමු කතා මාලාවට පදනම් වුණේ, ටෙරර් සහ එරබස් රාජකීය නෞකා ද්විත්වය ආක්ටික් සාගරය හරහා නාවුක මාර්ගයක් සොයාගෙන යෑම හා සම්බන්ධව. ඒකෙදි නොසිතූ විදියට නෞකා දෙක හිමේ හිර වෙලා, නාවික පිරිස මිදුණු මහ මුහුදෙ හිර වෙනව. ඒකෙන් පස්සෙ තමයි එකපාරම ටූන්බක් කියන මිනීමස් කන දැවැන්ත හිම වලහා නාවිකයන්ට දිගින් දිගටම පහර දෙන්නෙ. මේකෙන් පස්සෙ නාවික පිරිසට දරුණු ආහාර අර්බුද, වසංගත, අධික ශීතල නිසා ඇතිවුණු දරුණු ගැටළු වගේම ස්වදේශීය ජනයා ගැන වැරදි වැටහීමක් ඇතිකරගැනීම නිසා තවත් දරුණු අර්බුද ඇති වෙනව. කොහොමහරි මේ තත්වය තවත් දරුණු වෙන්නෙ පිරිස නැව් අතෑරල යන්න තීරණය කළාට පස්සෙ. මේ පිරිසෙන් ටෙරර් නෞකාවේ කැප්ටන් ක්‍රොසියර් ඇත්තටම බුද්ධිමත්. ඒත් එරබස් නෞකාවෙ කැප්ටන් ජෝන් පණ්ඩිත නිසා කලින්ම මැරුම් කනව.

අවසානෙදි පිරිස නැව් අතෑරල යන අතරෙ, මේ පිරිසෙ හිටපු සුළු නිළධාරියෙක් වුණු හිකී නාවික පිරිස බේදභින්න කරනව. හිකී කියන්නෙ ඇත්තටම සුළු නාවික නිළධාරියෙක් නෙවෙයි. හිකී කියන ඇත්තම සුළු නාවික නිළධාරියා මරල දාල, ඒ නමින් පෙනී ඉන්න හොරෙක්. හිකීගෙ මේ ක්‍රියාකලාපය කොයි තරම් දරුණු වෙනවද කිව්වොත් මිනිස්සු මරල කන මට්ටමට හිකී පත් වෙනව. ඒ අනුව තමයි ඩොක්ටර් ගුඩ්සර් මැරුම් කන්නෙ. ඩොක්ටර් ගුඩ්සර් මැරෙන්න කලින් වස බොනව. ඒ කරල කැප්ටන් ක්‍රොසියර්ට කියනව, ඔහුගෙ මස් කන්න වුණොත් යටිපතුලේ මස් විතරක් කෑමට ගන්න කියල. ඒ විදියට කැප්ටන් ක්‍රොසියර් වස මිශ්‍ර මස් නොකා පණ බේරගන්නව. හිම වලහා එක්ක ඇතිවෙන අවසාන සටනෙදි, හිකී ඇතුළු අවසන් නාවික පිරිස මැරුම් කනව හිකීගෙ උද්දච්ච මෝඩ වැඩක් නිසා. ටෙරර් සහ එරබස් නෞකා දෙකෙන්ම මුළු නාවික පිරිසෙන් ජීවිතය බේරගන්න ලැබෙන්නෙ කැප්ටන් ක්‍රොසියර්ට විතරයි. කැප්ටන් ක්‍රොසියර් හොයාගෙන තව පිරිසක් ආව වුණත් ඔහු ඔවුන් එක්ක නොයා එස්කිමෝ මිනිස්සු එක්ක ජීවිතේ ඉතුරු කාලෙ ජීවත් වෙන්න තීරණය කරනව. ඒ විදියට ටෙරර් පළවෙනි භීෂණකාරී කතා මාලාව ඉවර වුණා. මේ සනිටුහන් වෙන්නෙ ටෙරර් කතා මාලාවේ දෙවැනි භීෂණයේ ආරම්භය.

කලින් කතා මාලාව අවසාන වෙද්දි මම මතක් කළා දෙවැනි කතා සමය අලුත්ම මාතෘකාවක් අරගෙන එන වෙනස් චරිත හමුවෙන කතා මාලාවක් කියල. ඒ වගේම ඒක ජපන්-ඇමරිකානු ජාතිකයින් සම්බන්ධ දෙවැනි ලෝක යුධ සමය ආශ්‍රිතව ගොඩනැඟුණු කතාවක් කියලත් කිව්ව. ඔන්න ඒ ඔක්කොම ඇත්ත කරමින් තමයි මේ උද්වේගකර දෙවැනි කතා සමය ආරම්භ වෙන්නෙ.

මේ කතා සමය ජපානයේ ඉඳල බොහෝ කාලෙකට කලින් කැලිෆෝනියාවට ආපු ජපන් පවුල් කීපයක් වටා ගෙතෙන්නෙ. ඔවුන් විශ්වාස කරනව පුරාණ ජපන් යක්ෂ ආත්මයන් ඔවුන් පස්සෙන් එනව කියල. ඒ නිසා ඔවුන් ජපානය අතෑරල කැලිෆෝනියාවේ පදිංචි වෙන්න තීරණය කරල තියෙනව. මේ කාලෙ වෙනකොට දෙවැනි ලෝක යුධ සමය ආරම්භ වෙලා. නමුත් අර ආත්මය ඔවුන්ව බොහෝ අවුරුදු ගාණකට පස්සෙ දඩයම් කරන්න පටන් ගන්නව. මේක කියනව වගේ සරළ නෑ. බලනකොට තේරුම් යාවි. ඒ වගේම ඇඟ හිරි වට්ටන තේමාවක් තමයි කතාවට තියෙන්නෙ. එහෙනම් Terror මේ කතා සමයෙන් ආයෙත් යක්ෂ ආත්මයන් එක්ක දඩයමේ යන්න පටන් ගමු.

මේ කතාසමයත් ආරම්භ වෙන්නෙ හිතාගන්න අමාරු විදියකට. මුලින් කතාව එකපාරම තේරුම් යන එකක් නෑ. ඒත් අවසාන වෙනකල් බැලුවම මුල මැද අග ගලපගන්න පුළුවන්. කතාව ආරම්භ වෙන්නෙ ෆුරුයා මහත්මියගේ සියදිවි හානි කර ගැනීමෙන්. මේක නිකම්ම වුණු එකක් නෙවෙයි. ඒක යම් කෙනෙක් කරපු දෙයක්. හැබැයි මනුස්සයෙක් නෙවෙයි. චෙස්ටර් කියන්නෙ ජපානයේ ඉඳල කැලිෆෝනියාවේ පදිංචියට ආපු එක පවුලක තරුණ දරුවෙක්. ඒ වගේම ඡායාරූප ශිල්පියෙක්. චෙස්ටර් කොහොමද මේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම ෆුරුයා මහත්මිය විතරයිද අද මැරෙන්නෙ. නෑ නෑ.. ඒ ආරම්භය විතරයි. තව දේවල් ගොඩක් අද කතාංගයේ වෙනව. එහෙනම් පටන් ගමු දඩයමේ යන්න.

‘ලස්සන මූණක් පිටිපස්සෙ යක්ෂණියක් වෙස් වලාගෙන ඉන්න බැරි නෑ”

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,143 downloadsDownload The-Terror-S02-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,143 downloadsDownload Subtitles25 KB

18 comments

  1. Rocky45

    thanx bro , sub walata ,

  2. Hiran Eranda

    thanks

  3. harinuofficial

    Thankz මචන්.. ❤❤❤

  4. Dimuthu Nisansala

    Kiyala wedak ne Thank you!!!

  5. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටිය ට්වි සීරියස් එකක් .

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු....

  9. dx12

    Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

  10. Naveen Rangana

    Thanks for Subtitle..............
    Jayawewa...............!!!!!!!!!!!!!

  11. kalana

    ස්තුතියි මේකේ 2 එනකම් බලන් හිටියෙ......

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Viraj

    Thanks.......

  14. GD Dhanushka

    බෙහෙවින්ම ස්තූතියි....
    හැකි ඉක්මනින් ඉතිරි කොටස් ටිකත් දෙන්න. ජය ශ්‍රී......

  15. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  18. TP

    meke episode serma sub dila ne neda