Watch Trailer

Sacred Games S02E01 Sinhala Subtitles | මුම්බායි ගිණි පුපුරු මතින් යලිත් භීෂණය කරා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සර්ටාජ් සිං මහත්තයෝ… ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි… ත්‍රිවේදි ඇරෙන්න! පුළුවන්…

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.

සර්ටාජ් සිං මහත්තයෝ…
ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා.
හැමකෙනාම මැරේවි…
ත්‍රිවේදි ඇරෙන්න!
පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න බලනවා!

මෙහෙම කියපු වසර ගණනාවක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉඳපු, අතිශය දරුණු, සටකපට, සූක්ෂම, මිනීමැරුම් එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සඳහා චෝදනා ලැබ සිටින ගයිතොන්ඩේ නම් වූ අපරාධකරුවා, සර්ටාජ් සිංගේ දෑස් ඉදිරිපිටදීම හිසට වෙඩි තිබාගෙන සියදිවි නසාගන්නවා. කිසිඳු කොනක් පටක් සොයාගත නොහැකි ප්‍රහේලිකාවක් බඳු වූ අභිරහසක්… දවස් 25 කින් මුළු මුම්බායි නගරයම විනාශ වී යන බවට තර්ජනයක්… සිදුවන්නේ කුමක්ද, කවුද මේකට සම්බන්ධ කියලා හොයාගන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං එක්ක රෝ නිලධාරී අංජලී මාතුර් අත්වැල් බැඳගන්නවා. හැබැයි, මේ වැඩේ කිසිසේත්ම ලේසි පහසු වැඩක් වෙන්නේ නම් නැහැ. පියවරෙන් පියවර, පැටලුමෙන් පැටලුම විසඳමින් ඉදිරියට ගමන් කිරීමේදී අදහාගත නොහැකි දේවල් සිද්ධවුණා. සිත් කළඹවන අහිමිවීම් සිද්ධවුණා. මේ අතරින් වඩාත්ම දරුණු, සිත් කළඹවන අහිමිවීම තමයි අවසාන භාගයේ සිද්ධවෙච්ච රෝ නිලධාරිණි අංජලී මාතුර්ගේ ඝාතනය. විශේෂත්වය තමයි, මේ පලවෙනි කතා මාලාව අවසාන වෙද්දි, ප්‍රධාන චරිත තුනෙන් පණපිටින් ඉන්නේ එකම එක ප්‍රධාන චරිතයක් විතරයි. එතකොට කවුද දුෂ්ටයා වෙන්නෙ?

මේ ගැන පොඩි ඉඟියක් පලවෙනි කතා සමයේ අවසානයේදි දකින්න ලැබෙන්න ඇති. ගයිතොන්ඩෙගෙ තුන්වෙනි අප්පච්චි! හැබැයි, මේ ගැන තවමත් හරියට තහවුරු කරලා කියන්න කල් වැඩියි. හැබැයි, ගයිතොන්ඩෙගෙ තුන්වෙනි අප්පච්චි මේ දෙවන කතා මාළාව තුල ප්‍රධානම චරිතයක් හොඹවන බව නම් නොකියාම බැහැ. අපි බලමු ඉස්සරහට මොනවයින් මොනවා වේවිද කියලා.

පලවෙනි කතා සමයේ අවසානයේ ලැබුණු ඔත්තුවක් අනුව හඹා ගිය පොලිස් නිලධාරී සර්ටාජ්ට අවාසනාවන්ත අයුරින් සිය ඇඟිල්ලක් අහිමි වූ නමුත්, සිය ජීවිතය බේරගන්න තරම් වාසනාවන්ත වෙනවා. පලවෙනි කතා සමයේ අවසාන විනාඩි කිහිපය මතකද ඔබට? මතකද පොලිස් නිළධාරී සර්ටාජ් පොලව යට ගුහාවට බහිනවා? මතකද මැරෙන්නෙ නෑ කියපු ත්‍රිවේදිව පොලව යටින් හම්බෙනවා? මතකද අති මහත් විනාශයක් කරන්න අරගෙන ඇවිත් තිබ්බ භූමිකම්පා යන්ත්‍රය සහ ගයිගර් මාපකය? මතකද අන්තිමට පොලිස් නිලධාරී සර්ටාජ් සිංගෙ කටින් පිටවෙච්ච වචන කීහිපය? මතකද අන්තිමට ඔබ ඉබේම පිටුවෙන් නැගිටලා, ඔළුවෙ අත් දෙකත් තියාගෙන, කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව හෝන්දු මාන්දුවෙන් වගේ බලාගත්ත අත බලාගෙන ඉඳපු හැටි? එහෙනම්, අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සෙ, ලෑස්ති වෙන්න එදා ඒ ඉවර වෙච්ච තැන ඉඳලා, ත්‍රාසයෙන්, භීතියෙන් හදවත පුරවාගන්න අතරේ, පිස්සෙක් වගෙ කල්පනා සාගරයේ ගිලෙන්න.

මං දැනන් උන්නෙ නෑ මං කොහේද ඉන්නෙ කියලා.
මොකාද මාව මෙහාට කුදලගෙන ආවෙ කියලවත්.
මාව මෙහාට කුදලගෙන ආවෙ ඇයි කියලවත්.
මගේ ජීවිතයත් කාබාසිනියා වීගෙන එන්නෙ, සර්ටාජ් මහත්තයො.
හරියට ඔහේට වගේම.
දවස් හතලිහකට පස්සෙ ඒ ඇදිරිගෙයින් එලියට එනකොට
මගේ හිත පිරිලා තිබ්බෙ පළිගැනීමෙන්.
මේ දේ මට කලේ මොකා වුණත්,
උන්ව පුච්චලා දාන්නයි මට ඕනෙ වුණේ.
ඊසව, පරුල්කාර්ව,හැම එකාවම!
මට තේරුම් ගියා මේ සෙල්ලම අනිත් හැම ලබ්#කටම වඩා ලොකුයි කියලා.
ඔහෙලට වඩා, මට වඩා.
මගේ ඔත්තුවක් කවදාවත් වැරදුනේ නැහැ, සර්ටාජ් මහත්තයෝ.
මං කිව්වා ත්‍රිවේදී බේරේවි කියලා.
ඇත්තමයි මං ඇත්ත කිව්වෙ.
ඔය ප්‍රශ්නේ විසඳගන්න,
එතකොට ඔහේගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බේවි !!!

ඔන්න ඔහොමයි දෙවනි කතා සමයේ පලවෙනි කතාංගය පටන්ගන්නෙ. මොකක්ද මේ වෙන්නෙ? ගයිතොන්ඩේ කොහෙද ඉන්නෙ? කොහෙද හිරකරගෙන ඉන්නෙ? ඇයි එහෙම හිරකරගෙන ඉන්නෙ? එතකොට පොලිස් නිළධාරී සර්ටාජ් කොහෙද? විනාශ වෙන්නෙ ගියපු මුම්බායි නගරයට මොකද වෙන්නෙ? දවස් 25ට මොකද වෙන්නෙ? කතා මාළාවෙ ප්‍රධාන දුෂ්ඨ චරිතය දැන් වත් කරලියට ඒවිද? ප්‍රශ්න වලින් ඔළුව රිදෙනවා වගේද? එක දෙයක් පොරොන්දු වෙන්නම්. මේ ඉදිරියට එන කතාවක් කතවක් පාසා ඔය ඔළුවෙ කැක්කුම වැඩිවෙනවා මිසක්, අඩුවෙන එකක් නම් නැහැ. හැබැයි, අවසාන කොටසෙදි කලින් වගේ ඔළුවෙ කැක්කුම තෙගුණ තෙගුණ කරලා, හැමෝවම පිස්සු වට්ටවලා නවත්තාවිද කියලා නම් මට පොරොන්දු වෙන්න බැහැ. කොහොමත්, පෙර සූදානමක් විදියට බෙහෙත් ටිකක් ලඟ තියාගන්න එක ඇඟට ගුණයි කියලා අනතුරු අඟවලා ඉන්නම්. ඒ වගේම තව දෙයක් කියන්නම්. මෙච්චර කාලයක් භීෂණය ක්‍රියාත්මක වුනේ ඉන්දියාව තුළ විතරයි. ඔන්න මේ වතාවෙ මේ භීෂණය ජාත්‍යන්තරය දක්වාම පැතිරිලා යනවා. ඒ නිසා, මෙදා පොටේ ලේසි පාසු වෙන්නෙ නම් නැහැ පුතෝ.

පොඩ්ඩක් ඔහොම ඉන්න. කතා මාලාවට අලුතින්ම එකතු වෙන කෙනෙක් නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නැතුව උඩ බිම බලනවා ඇති, මොනවද මූ මේ පිස්සෙක් වගේ කියවන්නෙ කියලා. ඒ නිසා මං පොඩි කතාවක් කියන්නම් එයාලට.

මීට කාලයකට ඉහතදී, ලෝ ප්‍රකට නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිවේදනය කළා ඔවුන් බොලිවුඩ් කතා මාලාවක් නිෂ්පාදනය කරනවා කියලා. මෙහෙම කිව්වම ගොඩක් දෙනා හිනා වුණා.

“අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” ,
“ඔයිට හොඳයි ඔය වෙලාවේ හොඳට නිදාගන්නවා” ,
“ඕකත් අර මහගෙදර, ශිවන්‍යා වගේ තියේවි”

මෙහෙම තමයි අපේ රටේ සමහර ඔස්තාර්ලා කිව්වේ. පුදුමයක් නැහැ, ලෝ ප්‍රකට සිනමා විචාරකයන් පවා මේ දිහා අවඥාවෙන් බලපු කාලෙක, අපේ රටේ උදවිය ගැන කවර කතාද? නමුත්, මේ කිසිම බාධාවකින් නෙට්ෆ්ලික්ස් ආයතනය වත්, නිෂ්පාදකයින් වත් සැලුණේ නැහැ. කතා මාලාවේ ප්‍රධාන චරිතය සඳහා ඔවුන් යොදාගත්තා සායිෆ් අලී ඛාන්, නවුසිද්දීන් සිද්දික්, රාධිකා ආප්තේ ආදී බොලිවුඩ් පුරවරයේ නම රැන්ඳු තාරකාවන් ත්‍රිත්වයක්. කතා මාලාව අධ්‍යක්ෂණය කලේ, බොලිවුඩ් පුරවරයේ අද්විතීය අධ්‍යක්ෂක දෙපලක් වන Anurag Kashyap සමගින් Vikramaditya Motwane විසිනි. 2018 ජූලි මාසේ 6 වෙනිදා කතා අටකින් සමන්විත මේ වෙබ් සීරීස් එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. ඒත් සමගින් මේ දක්වා උපහාසයෙන් සිනහ වෙච්ච සිනමා විචාරක ඔස්තාර් වරුන්ගේ කටවල් සදහටම වැහුනා.

මේ සටහන ලියවෙන මොහොත වනවිට Imdb දර්ශකය තුල පනස්හය දහස ඉක්මවූ මනාප සංඛ්‍යාවකින් 8.9 ක් වැනි අති දැවැන්ත අගයක් ලබාගමින්, එදා මෙදා තුර නිෂ්පාදනය වූ කතා මාලා අතුරින් Top Rated TV ලැයිස්තුවේ 73 වන ස්ථානය තමන් සතු කරගෙන සිටින්නේ, තමන්ට සිනහ වූ සිනමා විචාරකයන් යැයි පවසාගන්නා තැනැත්තන් හට හොඳවයින් කනේ පහරක් එල්ල කරමින්. ඒ විතරක් නෙමෙයි, එදා මෙදා තුර ඉන්දියානු ඉතිහාසය තුල, කතා මාළාවක් වෙනුවෙන් වියපැහැදම් කළ දැවැන්තම මුදල් කන්දරාව ලෙස වාර්තා පොත් අලුත් කරමින්, මෙම දෙවන කතා සමය සඳහා නෙට්ෆ්ලික්ස් සමාගම විසින් ඉන්දියානු රුපියල් කෝටි සියයක බරපැණක් දරණු ලබනවා. ඒ, ආසන්න වශයෙන් එක් කතාංගයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 12.5ක මුදලක් වෙන් කරමින්. මීට පෙර ඉතිහාසය තුල මෙවැනි ඕනෑම කතාංගයක් සඳහා වියපැහැදම් කල විශාලතම මුදල ලෙස සඳහන් වෙන්නෙ කෝටි 2-3ක් අතර මුදලක්. එක් කතාංගයක් වෙනුවෙන් චිත්‍රපටයක් සඳහා වියදම් කරනවාක් මෙන් මේ ආකාරයෙන් වියපැහැදම් කිරීම තුලින් ඔබට තේරුම් යනවා ඇති, මේ කතා මාලාව සඳහා ලැබී ඇති සාර්තකත්වය මෙන්ම, නිශ්පාදකයින් මෙම කතා මාළාව කෙරෙහි කෙතරම් නම් බලාපොරොත්තු තබා තිබෙනවාද කියා.

එහෙමනම්, තවත් ඔබව ප්‍රමාද කරන්න බලාපොරොත්තුවක් නැහැ. අවුරුද්දකටත් වැඩිය කලයක් මග බලාගෙන හිටපු ප්‍රේක්ශකයන් වෙනුවෙන් ඔන්න එහෙනම් ඔවුන්ගේ පිපාසය සංසිඳවාගන්න අවස්ථාව. ඒ වගේම, මතක ඇතුව කියන්න දෙවනි කොටස ඕනෙ කවදට වගේද කියලත් 😛 මොකද, ඔබගේ උනන්දුව තමයි උපසිරැසිකරුවන් වන අපගෙත් උනන්දුව වෙන්නෙ… වචනයක් හරි හලාගෙන යන්න. මොකද, ඒක තමයි උපසිරැසිකරුවන් වන අපගේ අමෘතය වෙන්නෙ. ඒ වගේම, පලවෙනි කතා මාලාවේදිත් මං කිව්වා… ඉල්ලුමේ හැටියට තමයි සැපයුම. ඒ නිසා, අදහස් වැඩි වෙන්න වැඩි වෙන්න ඉල්ලුම වැඩිවෙලා, ඊට සාපේක්ෂව සැපයුම විදියට ඉක්මණට ඉක්මණට ඔබ අතට උපසිරැසි ලැබේවි.

එහෙනම්, රසවිඳින්න පලවෙනි කොටස. අවසරයි ත්‍රාසය, භීතිය, කුතුහලය අතරේ තනිවෙමින්, ඔලුව අවුල් කරගන්න 😀

ප. ලි. – මේ වතාවෙ දෙවන කතා සමය වෙනුවෙන් අමුතු ආකාරයේ ලාංජන හතරක් නිකුත් කරලා තියෙනවා. මොකද හිතන්නෙ මේ ගැන? මේ ලාංජන හතර මොනවා වෙන්න පුළුවන්ද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,213 downloadsDownload Sacred-Games-S02E01.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

10,213 downloadsDownload Subtitles26 KB

66 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata.....

  2. Pulasthi Sameera Ariyarathne

    hamma...Thanks brothers... danakam baln indiye.. baisecopedownloads ekata copy eka dnna... tnks...

  3. sadeeshaw7

    thanx machan....

  4. Sulakshana

    Thank for sub

  5. Ayesh Prashan

    Thank You

    1. Ranidu

      සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
      සුපිරි කතාමාලාවක දෙවෙනි ඇරඹුම
      Sub එක නම් ඉතින් ආයි ලෙසටම ඇති සිසිල සහෝ නිසා
      ඊලග කොටස් ටිකත් ඉක්මනට දෙමු
      ජය වේවා!!!

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ආපු ගමන්ම සබ් දෙන්නත් පටන් අරන්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  7. lakshan madhusankha

    supiri wedk..thanks for sub.. ikmanata anith sub tikath denna

  8. dx12

    Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck

  9. Ishara Madushan

    සෑහෙන කලයක් බලන් හිටිය මෙක එනකන්
    ආපු පරක්කුවෙන්ම සබ් එක දුන්නට ගොඩක්ස්තුතියි

    ඉමනටම අනෙක් ටිකටත් දෙයි කියලබලාපොරොත්තු වෙනව

  10. dananja

    enakan balan unne thx

  11. Achi

    අඩේ තැන්ක්ස් බොක්ක ආදරේයි...එනකම් හිටියේ..ගැම්මට සබ් එක දෙන්න ලැබෙවා...

  12. rehani

    thank you sooooooooo much....

  13. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයවේවා ......

  14. dsdkavishka

    Thenks for sub

  15. Ravindu Rukshan

    thx

  16. Aac3

    හම්මේ එලම එලම සිසිල සහෝ... මේක නම් එනකන් බලන් හිටියේ... ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ ජය වේවා !!! ඉතිරි ටිකත් පුලුවන් විදිහට ඉක්මනින් දෙන්නෝ...

  17. madurocks

    Inda hamben ne..

    1. Kasunbaba

      Ane kauru hari kiyanwada download karaganna widiyak plz

    2. dx12

      Openloadtv.com

  18. Don jay

    පට්ට ❤ එපිසොඩ් එකත් දාන්නෝ

    1. madurocks

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  20. Suranjan

    Thanks jayawewa.....!

  21. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  22. Oshan dilu

    ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො කොහොම වුණඋනත් සුපිරි කතාමාලාවක නව ආරම්භයක් ස්තුතියි

  23. supun priyanath

    Ela
    Thank you

  24. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  25. Sanath Indika

    බොහෝම ස්තූතියි සහෝො. මේක එනකන් තමා බලාගෙන හිටියේ.

  26. Gathsara Umesh

    bhooooooooooooooooooooooooooooooom
    thankyuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  27. Chamila Asanka Jayakody

    Thank you very much bro...

  28. tharidu16

    baiscope dala nathooo

    1. chamodiruwan

      Ane download karanna bane season eka

  29. devil_11

    Thx bro

  30. jagath ranasinghe

    sub ekata thanks .Kohomada download karaganne link ekak denna puluwan da

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Amila Mudalige

    Sub ekata Thanks

  33. Kapila4499

    thanks for sub

  34. Kasun Andy Doo

    Ella broo maru ❤

  35. Buddi

    Thanks..........

  36. kevinpetersen

    Thanks brother

  37. mindika

    Thanks !!!!!!!!!!!!!!

  38. nuwandd

    patta...................

  39. dulakshitha

    thanx broo

  40. Nadun Ishara Udayanga

    patta :)

  41. Kaw_shalya

    Nice broo tnxs

  42. jeewantha

    ඇත්තටම මුලින්ම මේක බැලුවේ වැඩක් නැති නිසා කම්මැලි කමට. පස්සේ වහ වරටුණා. දෙවැනි සීසන් එක එනකම් හිටියේ. බොහොම ස්තුතියි සබ් වලට. ඔබට ජය.

  43. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  44. Amilperera

    සෑහෙන කාලයක් බලාගෙන හිටපු සීරියස් එකක්.. ස්තූතියි ඉක්මනට මේ සබ් ටික දුන්න එකට

  45. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  46. Dewadithya

    Thanks for Sub!

  47. priyan99

    Thanks saho sub ekata.jaya wewa

  48. D.Chamara

    bohoma sthuthi sahooo

  49. pannarathana

    thankssssss sub walata

  50. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සිසිල සහෝ..
    එනකම් මග බලන් හිටියේ..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.