ආයුබෝවන් මිත්‍රවරුණි..! මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කතාංගය අරගෙන එන්න ප්‍රමාද වුණාට. මට ඉස්සරහට එළඹෙන කාලය ටිකක් අමාරු කාලයක් වෙනව. මේ වෙනකොට සතියෙ දවස් 5 රැකියාව කරන අතරෙ සති අන්ත දවස් දෙකම අධ්‍යාපනික වැඩ වලට මුළුමනින්ම වෙන් කරල තියෙන්නෙ. ඉතිං 24×7 ගත්තම ඒකෙන් ඉතාම සුළු වෙලාවක් විතරයි සබ් කරන්න යොදාගන…

ආයුබෝවන් මිත්‍රවරුණි..!
මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කතාංගය අරගෙන එන්න ප්‍රමාද වුණාට. මට ඉස්සරහට එළඹෙන කාලය ටිකක් අමාරු කාලයක් වෙනව. මේ වෙනකොට සතියෙ දවස් 5 රැකියාව කරන අතරෙ සති අන්ත දවස් දෙකම අධ්‍යාපනික වැඩ වලට මුළුමනින්ම වෙන් කරල තියෙන්නෙ. ඉතිං 24×7 ගත්තම ඒකෙන් ඉතාම සුළු වෙලාවක් විතරයි සබ් කරන්න යොදාගන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදීත් වෙන්න පුළුවන් ප්‍රමාදවීම් ගැන සමාව ඉල්ලා සිටිනව. ඒ වගේම පේන විදියට මේ අපූරු කතා මාලාව නරඹන පිරිස අතලොස්සක් බවට පත් වෙලා කියල පේනව බාගත කිරීම් දැක්කම. මොනව කරන්නද ඉතිං, ඒක අපේ රසිකයන්ට හොඳ නිර්මාණයක් රස විඳින්න නොලැබීමේ ලබා උපන් කරුමයක්ම තමයි. කොහොමහරි ඉතිං මහන්සි වෙන තරමටවත් මේකට පිරිස කැමති නෑ කියල තමයි ඒකෙන් පේන්නෙ. සීරීස් එකක් නතර කරන්න ගියාම කට්ටිය කියන දේවල් ගැන කියන්න ගිහින් “ක්‍රිප්ටොන්” අවසාන කතාංගයේදි හොඳ හොඳ කතන්දර ටිකක් අහගන්න ලැබිල තිබුණ. ඒ හැම මහත්මයෙකුටම කියන්න තියෙන්නෙ “තොප්පිය හරිනම් විතරක් දාගන්න, අහක යන බාල්දි පෙරලගෙන නාන්න එපා මහත්වරුණි” කියල තමයි. එහෙනම් පරණ කෝන්තර අමතක කරල දාල, බලමු කලින් සතියෙ මොකෝ වුණේ කියල.
පසුගිය කොටසින්..
චෙස්ටර් කියන්නෙ ජපන් ජාතික තරුණයෙක්. චෙස්ටර් සහ පවුලෙ අය දෙවනි ලෝක යුධ සමය වෙනකොට ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. මෙහෙම ජීවත් වෙද්දි චෙස්ටර්ට මුණ ගැහෙනව ලූස් කියල ගෑණු ළමයෙක්. චෙස්ටර් මේ ගෑණු ළමය එක්ක හාදකමක් පටන් අරන් මේ පලහිලව්ව නතර වෙන්නෙ ඇය ගැබ්ගෙන. දෙන්නගෙ පවුල් පසුබිම් එක්ක සංස්කෘතික ගැටළු නිසා විවාහයක් ගැන මේ වෙන්කොට හිතන්න දෙන්නටම බැහැ. ඒ නිසා තමයි චෙස්ටර් ෆුරුයා මහත්මියගෙන් උදව් ඉල්ලන්නෙ දරුවා ගබ්සා කරන්න බෙහෙතක් හදල දෙන්න කියල. කොහොමහරි ෆුරුයා මහත්මිය මේ බෙහෙත චෙස්ටර් වෙනුවෙන් හදල දෙන්න බාර ගන්නව. ඔන්න ඊට පස්සෙ තමයි ෆුරුයා මහත්මිය අසාමාන්‍ය විදියට සියදිවි හානි කර ගන්නෙ. මේ සිදුවීම එක්ක මිනිස්සු අතරෙ පැතිරෙනව “බකෙමොනො” එහෙම නැත්තං පුරාණ දුෂ්ට බලවේගයන් ඔවුන් වටා නැවත සැරිසනව කියල. මේ කතාබහ පැතිරෙන අතරෙ, ෆුරුයා මහත්මයාගෙ ඇස් අන්ධ වෙනව වගේම, චෙස්ටර්ගෙ තාත්තගෙ ලොක්කා, ග්‍රීචක් මහත්මය අහම්බෙන් වතුරට වැටිල මැරෙනව. මේ මරණය ගැන චෙස්ටර්ල නාවික හමුදාවට දැනුම් දෙන්න ආපු අතරෙ තමයි, කොහොමින් කොහොම හරි දෙවනි ලෝක යුධ තත්වය එක්ක ජපානය ඇමරිකාවට බෝම්බ හෙලන්නෙ. ඒ සිදුවීමෙන් පස්සෙ තමයි ඔන්න කතාවට සෑහෙන ලොකු වෙනසක් ඇති වෙන්නෙ.
අද කොටසින්..
ජපානය, ඇමරිකාවට එල්ල කරපු ප්‍රහාරය එක්ක සියළුම ජපන් ජාතිකයින් වෙනම කඳවුරු ගත කරන්න ඇමරිකානු රජය ක්‍රියාමාර්ග ගන්නව. ඉතිං ජපන් ලේ බින්දුවක්වත් කාගෙ හරි ඇඟක දුවනව නම් ඒ හැමෝම කඳවුටර වාර්තා කරන්න ඕනෙ. ඉතිං හිතන්න චෙස්ටර්ගෙ නූපන් දරුවා ගැන. නූපන් ජපන්-ඇමරිකානු මිශ්‍ර දරුවාගෙ අනාගතයට මොකද්ද වෙන්න යන්නෙ කියල ඔන්න අද බලාගන්න පුළුවන්. ඒ අතරෙ තමයි “යූකො” නැත්තං චෙස්ටර්ට තැබෑරුමේදි හමුවුණු යුවතිය ඇගේ වැඩ පටන් ගන්නෙ. “යූකෝ” කියන්නෙ ඇත්තටම කවුද? ඒක තාම නිශ්චිතව කියන්න අමාරුයි. නමුත් ඇයට චෙස්ටර් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන බව නම් අද පැහැදිලිවම දැකගන්න පුළුවන්. ඒ වගේම ” යූකො” ඇගේ බිලි පූජාවේ පළමු බිල්ල අරගෙන මෙදා කතාන්තරයේ භීෂණයේ ආරම්භය සනිටුහන් කරනව. එහෙනම් හැකි ඉක්මනින්ම ඊලඟ කොටස එක්ක එන්නම්. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,912 downloadsDownload The-Terror-S02-E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
26 comments
NALING45
Navanjanaishan
Thanks !
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Ocean Master
pissu kelinna epa...kathawa nawaththanawa ehema nemei bro....series ekaka rasayak dan nathi emty dial ke gahuwta watenna epa.api innawa oya ekka.life eke wadath balnce kragena digtma sub genna.
Kanchana
Thanx sahoo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයතනියම උපසිරැසි කිරීමට අපහසු නම් තවත් සහොදරයෙක් එකතු කරගෙන හෝ shadowhunters ඉතිරි කොටස් ටිකට සබ් ටික දෙන්න පුලුවන්ද මචෝ...
dx12
Thanks bro
Godk pin bro
Good luck
Jaya wewa.........!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
kalana
ස්තුතියි........
Soori
බොහෝම ස්තුතියි උදයංග සහෝ උපසිරැසියට....
රැකියාවට, අධ්‍යාපනයට ගැටළුවක් කර නොගෙන හෙමිහිට ඉදිරියටත් සබ් දෙමු.
ජය වේවා...!!!Thilina Jayarathna
ade sub dena eka navattanna epa .api blnva nh meka plz
Thilina Jayarathna
pulvnm magin navattala tyna evvatath dennako Ocean Girl ehma asaven hitiye ekath navattuva bn
Thilina Jayarathna
pulvnm ocean girl ekeath denna ko season 1 vitarai dunne
Ravindu Rukshan
THX
Asitha B Upathissa
Thank you
Naveen Rangana
Thanks for Subtitle.................
Jayawewa...........!!!!!!!!!!!!!!!!My Pornn
සියල්ලන්ම එක වගේ නොමැත සහෝදරයා, මේක බලන සෙට් එකක් ඉන්නවා, ඒ නිසා අත අරින්න එපා දිහටම සබ් දෙන්න කියල කාරුනිකව ඉල්ලා සිටිනවා, ඔබට ජය.....
geeganagamage
බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි
Dasun
ඉක්මනින් ඕනී.. මේකෙ ත්‍රිලර් ගතිය පට්ට විදිහට දැනෙනවා..
Minethra
සබ් එකට තෑන්ක්ස් සහෝ,දිගටම සබ් දෙන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yohan Marsh
thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Xxxxx
Please සහෝදරයා සබ් එක දිගටම දෙන්න.සුපිරියක් මේක.thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Advertisement



thanks bro.meka enakam maga balan hitiye,