Watch Trailer

The Tomorrow People [S01 – E02] | තවත් ගැඹුරටම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ඔබට ඉදිරිපත් කරන්න යන්නේ හෙට දින මිනිසුන්ගේ දෙවන කොටසයි. කලින් සතියේ කොටස බලපු අය එහෙනම් මේ සතියේ පොඩ්ඩක් මට කියන්න කතාව ගැන ගුණ දොස් ගැන එහෙම ඔන්න. මේ කතාව බලන්න වටිනවද නැද්ද කියලවත් අඩු තරමේ 😛 ඒ වගේම අද කොටස සඳහා කලින් කොටසට වඩා IMDb අගයක් ලැබිලා තියෙනවා ඒ කියන්නේ 8.2ක අගයක්. ගිය […]

The Tomorrow People එහෙනම් මේ ඔබට ඉදිරිපත් කරන්න යන්නේ හෙට දින මිනිසුන්ගේ දෙවන කොටසයි. කලින් සතියේ කොටස බලපු අය එහෙනම් මේ සතියේ පොඩ්ඩක් මට කියන්න කතාව ගැන ගුණ දොස් ගැන එහෙම ඔන්න. මේ කතාව බලන්න වටිනවද නැද්ද කියලවත් අඩු තරමේ 😛 ඒ වගේම අද කොටස සඳහා කලින් කොටසට වඩා IMDb අගයක් ලැබිලා තියෙනවා ඒ කියන්නේ 8.2ක අගයක්. ගිය සතියේ ආරම්භය නිසා වැඩි යමක් කතාව ගැන කිව්වේ නැහැනේ. එහෙනම් මම පොඩ්ඩක් මතක් කරන්නම් කලින් සතියේ සිද්ධ වූ දේවල් ගැන. ස්ටීවන් ජෙමිසන් කියන්නේ අම්මා සහ එයාගේ මල්ලි එක්ක ජිවත් වෙන පාසල් යන තරුණයෙක්. එහෙත් මෑතක ඉඳන් ඔහුට අමුතු දේවල් වෙන්න පටන් ගෙන. ඔයාල දකින්න ඇතිනේ මෙයාට සිද්ධ උන දේවල්. අර අල්ලපු ගෙදර නෝනා මහත්තයා ළඟ නිදාගෙන ඉඳලා අහු උනේ. ඉතින් මේ වගේ හැමෝම පතන විදිහේ වැරදි මේ කොලුවට වෙන්න අරගෙන. කෙනෙක් එයාට කතා කරනවා ඇහෙනවා. ඉතින් මේවා මෙයාගේ යාලුවෝ අම්ම එහෙම දැක්කේ මානසික ලෙඩක් විදිහට.

එහෙත් ඔහුට කතා කරන හඬට ඇහුම්කන් දුන්න ස්ටීවන් දැනගන්නවා ඒක ලෙඩක් නොවෙන බවත් ඒක විකෘති ජානමය තත්වයක් නිසා ඔහුට ලැබුන සුපිරි බලයක් බවත්. ඒ වගේම ඔහුට එවැනි බලයක් සහිත තවත් පිරිසක් හමුවෙනවා. කාරා, ජෝන් සහ රසල් කියන්නේ ඒ පිරිසේ සාමාජිකයන්. ඒ වගේම ඔවුන් ඔවුන්ව හඳුන්වා ගන්නවා The Tomorrow People (හෙට දිනයේ මිනිසුන්) විදිහට. ඔවුන්ට ඇති මේ සුපිරි බලය සාමාන්‍ය මිනිසුන්ට තර්ජනයක් ලෙසින් දකින පිරිසක් තවත් රාජ්‍ය අනුග්‍රහය සහිත සංවිධානයක් පිහිටුවාගෙන ඉන්නවා අල්ට්‍රා කියලා. ඔවුන් මේ හෙට දිනයේ මිනිසුන් විනාශ කිරීමේ කර්තව්‍යයේ දීලා ඉන්නවා. මේ දෙපිරිස අතර සැඟවුන යුද්ධයක් පවතිනවා. ඒ වගේම ඒ අල්ට්‍රා සංවිධානයේ ප්‍රධානියා තමයි ස්ටීවන්ගේ පියාගේ සහෝදරයා. ඒ වගේම අවසානයේ දකින්න ඇති ස්ටීවන් කියන්නේ අනෙක් අයට උරුම නොවුන සුපිරි බලයකට හිමිකම් කියන කෙනෙක් කියලත්. ඒ නිසා ජෙඩිකායි නමැති ස්ටීවන්ගේ මාමා හෙවත් අල්ට්‍රා ප්‍රධානියා ස්ටීවන්ට යෝජනාවක් කළා ඔවුන්ට එකතු වෙන විදිහට. ස්ටීවන් තමන්ගේ තාත්තව හොයන අරමුණ පෙරදැඩි කරගෙන අල්ට්‍රා සංවිධානයට එකතු වෙනවා. එහෙම තමා කලින් කොටසේ අවසානය සනිටුහන් උනේ.

මේ කියන්න යන්නේ අද කොටස ගැන හෝඩුවාවල් කිහිපයක්. අද මේ කොටසේදී තවත් විකෘති ජාන සහිත කෙනෙක් හමු වෙනවා. ඔහු හැබැයි සමාජවිරෝධි ක්‍රියාවන් වල නිරත වෙලා ඉන්නේ. ඒ වගේම ස්ටීවන්ට සහ හෙට දිනයේ මිනිසුන්ට තවත් අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ස්ටීවන්ට වැටහෙනවා ජෙඩිකායි කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවෙන බවත්. ඔහුගේ අරමුණ මොකද්ද කියලා අපි හැමෝටම අවසානයේ බලාගන්න පුළුවන් වේවි.උපසිරස ප්‍රමාදයට හේතුව ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයේ පල උනේ ඊයේ හවස දෙකට පමණ ඒ නිසා මේ කොටස අද හවසම දෙන්න තීරණය කළා ඔන්න. එහෙනම් හෙටදිනයේ මිනිසුන් තබන දෙවන පියවරත් ඔබ සැමට භාර කරනවා. එහෙනම් ලබන සතියේ නැවත මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය !!!

In Too Deep (16 Oct. 2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

6,027 downloadsDownload The-Tomorrow-People-US-S01E02-www.baiscopelk.com-.zip113 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

6,027 downloadsDownload Subtitles113 KB

51 comments

  1. asiri

    thanks denakm unne

  2. isuru

    ela denakm unne jaya!!!

  3. ositha

    ela kathawak meyka machan bohoma pin :D

  4. vee

    maxxa machan

  5. quik

    thanks

  6. tharanga

    සබ් දෙනකම් උන්නේ පට්ට

  7. hh

    maru machan digatama subs denna

  8. kalana

    thanx denakam unne

  9. wow

    wow,,,maru :D

  10. ganidu

    තැන්ක්ස් වේවා!!!

  11. naleen

    good tv s :D

  12. ranga

    supiri haso digatama demu ahenam jaya!!!!!

  13. samith

    thanks boss

  14. kalinga

    ලොවෙත් නෑ මේකේ සබ් දෙනකම් හිටියේ

  15. ccnp

    Thanks

  16. නිපුන අල්විස්

    ගොඩක් ස්තූතියි සබ් එකට,

    මගේ පොඩි චෝදනාවක් තියෙනවා බයිස්කෝප් ඇඩ්මින්වරුන්ට,

    ගොඩක් වෙලාවට ඉංග්ලිශ් ෆිල්ම් වලට විතරයි සබ් හම්බෙන්නෙ, අපි වගේ දෙමල, තෙලිගු හින්දි වගේ ෆිල්ම් බලන්න කැමති අය වෙනුවෙනුත් සතියකට ෆිල්ම් 3ක් 4ක්වත් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්

    ජය වේවා !!!! චිරන් ජයතු

  17. anil

    elakiri hasantha

  18. kalana

    txQ

  19. was

    සබ් වලට තුති

  20. Sahan

    fattama fata fata bro.. thankz a lot...

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta haso, denakamma balan unne..
    gindara kathawa..
    onna baanna dammaaa...

  22. senuri

    ela ela digtma danna.merlin tv series akatath sub dna pluwn nam hodai affa..pluwn nm akatath dnako

  23. Dhanushka

    sopiri...denakan balan hitiye...thanksssss!!!

  24. Achintha sameera

    හසන්ත වික්රමරත්න thanks macho sab ekata...

  25. danushka

    thanks machan....

  26. පහන් තාරක

    නියමයි මචන් මම මේක දෙනකන්මයි හිටියේ, බොහොම පින් සහෝ.

  27. හර්ෂ ලහිරු

    ආයෙ කතාව ගැන නම් කියන්න දෙයක්නෑ කොර :D
    මේක ටිකක් ජම්පර් ෆිල්ම් එකවගේ ;D
    මේකට සබ් දාන්න තොරගත්තු එකට බොහොම ස්තුතියි සහො
    අනිත් ටිකට මේවගේ පට්පට් ගාලා දෙමු හොදේ ජය :D

  28. Nisal

    maru enakan hitiye

  29. nilanka

    katawanam niyamai ......
    thanks shooo sub walata :)

  30. gayan

    thanx onna gannawa

  31. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මේක 2008 ආපු අපි උපසිරැසි දීපූ jumper චිත්‍රපටියට හොඳටම සමානයි. ඒකේ දෙවෙනි කොටස හදනවා කිව්වට හැදුවේ නැති එකේ මේකවත් බලමු එහෙනම්. ජය෴෴ :P :P

  32. නලින්

    නියමයි හසන්න අයියා මේක නම් බලන්න වටිනවා! :D

    ජය වේවා!

  33. shani

    තෑන්ක්ස් සබ් වලට.
    කථාව ලස්සනයි.
    දිගටම සබ් ෙදන්න

  34. mudiya / මුදියා

    හප්පේ ඔය තියෙන්නේ කතාව සහසුද්දයෙන්ම.මට නම් තාම පළවෙනි කොටස බලන්න බැරි වුනා.ඒත් කතාවෙ හැටියට අනිව සුපිරි වෙන්න ඕනි.දිගටම දෙන්න හසන්ත සහෝ.ගිය සතියෙ වගේ නැද්ද ඩිරෙක්ට් ලින්කුවක් එහෙම මේකට.දන්න එකෙක් දාපල්ලකො බලන්න.
    ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  35. ~~ප්‍රශන්න~~

    වාව් අයියේ.. මේක දානකම්ම බලන් හිටියේ දැම්ම බාන්න... අනිත් එකත් දාපු ගමන්ම.. අපුට සබ් දෙන්න.. මේක සබ් දාන්න ටිකක් විතර ලේසියි නේද... ස්පාටකස් එකට වඩා

  36. chamath

    sub ekata thankz mcn.

  37. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  38. tharindu

    ela ela...meka suppa....aniva digatama blnna oneeeeeeee

  39. me

    Thanks

  40. dev

    bohoma stuti saho..... .

  41. ශාන් විමුක්ති [ විමා]

    අම්මෝ මෙන්න අරගත්තා හසෝ

  42. dulaj

    fatta machooo

  43. chanuka wijesundara

    ela machan meka super digatama denna meka nagala yai kiyala hithanawa

  44. සංජය

    බොහොම ස්තුතියි හසන්ත සහෝ...

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. Lahiru

    thanks

  47. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  48. gihan dias

    thank bro..

  49. Shan Jamaldeen

    link ekata yanna denne ne

  50. nishshanka ruwan

    ස්තුතියි :)

Load more comments

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.