Watch Trailer

The Umbrella Academy [S01 : E06] Sinhala Subtitles | නොවිය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි එපියත් අරගෙන ආවා. තව කොටස් හතරකින් පළවෙනි සීසන් එක ඉවර වෙනවා. ඉතිං මේ ආරම්භ වෙන්නේ පළවෙනි අදියරේ අවසන් භාගයයි. ඒ නිසා අවසන් කොටස් වෙද්දී ඊළඟ කොටසෙ ඉඳන් වෙන සිද්දි ඉතාම වැදගත්. දැන් ඉතිං එන්න එන්නම් පළවෙනි එපි ටිකේ හදපු පැටලිලි ටික ලෙහෙන ගමන් තියෙන්නේ. ඉතිං අද එපියත් බලලම ඉමු. ඊට කලින් ක…

ඔන්න හයවෙනි එපියත් අරගෙන ආවා. තව කොටස් හතරකින් පළවෙනි සීසන් එක ඉවර වෙනවා. ඉතිං මේ ආරම්භ වෙන්නේ පළවෙනි අදියරේ අවසන් භාගයයි. ඒ නිසා අවසන් කොටස් වෙද්දී ඊළඟ කොටසෙ ඉඳන් වෙන සිද්දි ඉතාම වැදගත්. දැන් ඉතිං එන්න එන්නම් පළවෙනි එපි ටිකේ හදපු පැටලිලි ටික ලෙහෙන ගමන් තියෙන්නේ. ඉතිං අද එපියත් බලලම ඉමු. ඊට කලින් කියන්න දේවල් වගයක් තියෙන නිසා ඒ ටිකත් කියලම ඉමු.😀

The Commission

කලින් එපිය පුරා ඇහුණු නමක්නේ මේක. සිංහලෙන් කිවුවොත් කොමිසම කියන්නේ The Umbrella Academy කොමික් පුරා දිගහැරෙන ආයතනයක්. මේකෙන් කිවුවොත් කොටින්ම කරන්නේ කාලයේ අක්‍රමිකතා සකසන එක. ඒ කියන්නේ ටයිම් ලයින් එකත් එක්ක පිස්සු නටන මිනිස්සුන්ව ඒ ටයිම් ලයින් එකෙන් ඉවත් කරන් එකයි. මේකට මූලිකව කොමිෂන් එක යොදා ගන්නේ ටයිම් ට්‍රැවලින්. මෙයාලා කාල තරණය කරන්නත් යන්ත්‍රයක් යොදාගන්නවා. ඒ යන්ත්‍රය සකසල තියෙන්නේ නිකම් බ්‍රීෆ්කේස් එකක් වගේ. අර හේසල්, චා-චා දෙන්නගෙන් ක්ල්වුස් හොරකම් කරගත්තෙන් ඒ කාල තරණය කරන බ්‍රීෆ්කේස් එකම තමා. ඉතිං මේ ආයත්නයේ කළමණාකරුවෝ සහ කුලී ඝාතකයෝ කියල දෙගොල්ලක් ඉන්නවා. කළමණාකරුවෝ කරන්නේ අර ටයිම් ලයින් වෙනස් කරන, නැත්තම් විය යුතු දේ නොවෙන්න වැඩ කරන සිද්ධි හොයලා, ඒකට මූලිකවම බලපාන මිනිස්සුන්ව හොයන එක. ඝාතකයෝ කරන්නේ කළමණාකරුවන්ගෙන් ලැබෙන නියෝගවලට අනුව අර බලපාන මනුස්සයව හොයන් ගිහින් මරන එක. නිකන් හේසල් සහ චා-චා වගේ, අර පළවෙනි එපිය දකින්න ලැබුණ තුවක්කු කාරයෝ වගේම ඉස්සර ෆයිව් කළෙත් මේ ඝාතකයින්ගේ රැකියාවම තමයි. මේ කොමිෂන් එකේ වර්තමාන පාලකයා ඔයාලට ඊයෙ කොටසින් දකින්න ලැබුණනේ. එයා තමයි Handler කියන්නේ. මේ ආයතනයේ මූලස්ථාන තියෙන්නේ 1950ස් ගණන්වල.

Handler

ඉතිං ඔන්න ඔය වගේ දෙයක් තමයි කොමිෂන් කියන්නේ. අද ඔයාලට මේ කොමිෂන් එක ඇතුලේ වැඩ වෙන විදිහ වඩාත් පැහැදිලිව දකින්න ලැබෙයි.

කලින් කොටසෙදි දකින්න ඇති ෆයිව් අනාගතේ ඉඳලා කොමිෂන් එකට බැඳුණ හැටි. ඒ වගේම ක්ලවුස් කාලය හරහා ගිහින් ඇවිත් හේසල් සහ චා-චාගේ බ්‍රීෆ්කේස් එක විනාශ කරපු හැටි. ඒ වගේම ක්ලවුස්, දියේගෝ දෙන්නා හේසල්, චා-චා පස්සෙ ගිය හැටිත් අපිට දකින්න ලැබුණා. ඒ වගේම කලින් එපියෙ තමයි වන්යාගේ බලයන් ගැන මුලින්ම ඉඟියක් ලබා දුන්නේ. ඔන්න ඔය වගේ සිද්ධි ගොඩාක් කලින් කොටසෙදි වුණා.

අද කොටස නම් වෙලා තියෙන්නේ The day that Wasn’t කියලයි. ඒ නම ලැබුණේ ඇයි කියලා ඔයාලට අවසානයට තේරේවි. ඒ වගේම මේ කොටසේ වෙන දේවල් ඊළඟ කොටසේ වෙන දේවල් සුලුතරයකට සමානයි. ඒ ගැන දැනගන්නත් අද එපිය අරන්ම බලන්නකෝ.

එහෙනම් හත්වෙනි කොටසින් හමුවෙමු. අදහ්සකුත් හලාගෙනම යන්න. අහින්සක හිත් නොවෑ.😉

සුබ දවසක්…!

අද කොටස:- The day that Wasn’t
IMDb අගය:- 8.5
ධාවන කාලය:- විනාඩි 57
අධ්‍යක්ෂණය:- Stephen Surjik
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,838 downloadsDownload The-Umbrella-Academy-S01-E06.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

8,838 downloadsDownload Subtitles66 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ

  3. Shaggie

    Thnks mchn

  4. Ayesh Prashan

    Thank You

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  6. Sandeep

    Thanx saho sub ekata.. good luck

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chinthaka.max4

    thankx machan

  9. Ruvini Apeksha

    Thank You So much for this Subtitles.... :) :) :)

  10. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️
    පැටලිලි ටික ලිහා ගන්න උදව්වක් වුන ලිපියටත් බොහොම ස්තූතියි❣️
    ජය✨️

  11. Binidu sumal

    sub ekata thanx saho