The Umbrella Academy වෙබ් සීරීස් එකේ පස්වෙනි කොටසත් ඔන්න අරන් ආවා. මේ තාක් කොටස් බලපු අයට දැනෙන්න ඇතිනේ මේකෙ රහ කොහොමද කියලා. සංගීතය, රංගනය මේ හැම අතකින්ම පට්ටම කතාවක් තමා මේ අම්බ්‍රෙල්ලා ඇකැඩමි කියන්නෙ. ඉතිං ඔයාලට මෙච්චර කල් බලපු කොටස් වලින් තේරෙන්න ඇතිනේ මේක ගලන් යන්නෙ කාල තරණයත්, නැත්තම් Time Tr…

The Umbrella Academy වෙබ් සීරීස් එකේ පස්වෙනි කොටසත් ඔන්න අරන් ආවා. මේ තාක් කොටස් බලපු අයට දැනෙන්න ඇතිනේ මේකෙ රහ කොහොමද කියලා. සංගීතය, රංගනය මේ හැම අතකින්ම පට්ටම කතාවක් තමා මේ අම්බ්‍රෙල්ලා ඇකැඩමි කියන්නෙ. ඉතිං ඔයාලට මෙච්චර කල් බලපු කොටස් වලින් තේරෙන්න ඇතිනේ මේක ගලන් යන්නෙ කාල තරණයත්, නැත්තම් Time Travelling නුත් පාදක කරන් කියලා. ඉතිං අද මං මේකෙ කතා කෙරෙන The Butterfly Effect එක ගැනත් කතා කරන්න්න හිතුවා. මොකද මේ ගැන අද එපියෙත් කතා කෙරෙන නිසා. එහෙනම් ලිපියත් කියවගෙනම යමු.
The Butterfly Effect

මේ ගැන නම් Sci-Fi ෆිල්ම්, ටීවි බලන අයනම් අනිවා දන්නව ඇති. කාල තරණය ගැන තියෙන හැම නිර්මාණයකම කතා වෙනවා. මේ ගැන මුල්ම අදහස එන්නෙ එඩ්වර්ඩ් ලෝරන්ස් කියන විද්‍යාඥයාගෙන්. ඔහු මේක කාලගුණය හා සම්බන්ද කරන් තමා අදහස් පළකරන්නෙ. ඔහු කියනවා යම් කිසි තැනක සමනළයෙක් කරන තටු සැලීමක් වගේ දේකින් ඊට හුඟක් දුර ඇති තැනක ටෝනෙඩෝවක් වගේ විශාල සිදුවීමක් කරන්න පුලුවන් කියලා. ඔව්, ඇත්තටම මේ නියමයේ ප්‍රශ්නයක් තියෙනව නම් තමයි.හැබැයි ඒකෙන් වෙන යටි අදහස හුඟක් වැදගත් දෙයක්. ඒකෙන් කියවෙන්නෙ සුලු සිදුවීමක ඇති කරන පොඩිම පොඩි වෙනසක් ඉතා විශාල ප්‍රථිඵල ලබා දෙන්න පුලුවන් බව. මේක කාල තරණයට පාදක වෙන්නෙ මෙහෙමයි. හිතන්නකෝ කෙනෙක් තවත් පුද්ගලයෙක්ව මරනවා. ඒ මැරුන කෙනා ඔයාගෙ තාත්තව මරන්න හිටිය කෙනෙක්. මේ මරනය සිදුවෙන්නෙ ඔයා ඉපදෙන්න කලින්. හැබැයි කෙනෙක් කාලය හරහ ගිහින් අර මනුස්සයගෙ මරනය නවත්තනවා, නැත්තම් කිවුවොත් ඒ මනුස්සයව මරපු කෙනාව මරලා දානව. දැන් මේ සිදුවීම කාලයේ ලොකු වෙනසකට ලක් කරනවා. දැන් අර මැරෙන්න ඕන කෙනා ජීවත් වෙන නිසා එයා ඇවිත් ඔයාගේ තාත්තව මරනවා. ඒ නිසා ඔයා ඉපදෙන්නෙත් නැහැ. ඒ කියන්නෙ අර කාල තරණය කරපු කෙනා කරපු දේ නිසා ඔයාගෙ පැවැත්ම කාල රාමුවෙන් ඉවත් කරල තියෙන්නේ. අන්න ඔය නිසා තමයි විද්‍යාව තුළ කාලතරණය භයානකයි කියල කියන්නෙ. පුන්චි වෙනසක් කළොත් කාලය හරහා ගිහින් අතීතය තුළදී, ඒකෙන් අනාගතේ විශාල වෙනස්කම් කරන්න පුලුවන්. මෙන්න මේ දේ අද කතාවෙත් කතා වෙනවා.
කලින් කොටසෙදි දකින්න ඇතිනෙ ලූතර් විකෘති බාවයට පත් වුණේ මිෂන් එක්ක වුණු වැරදීමක් නිසා බව. ඒ වගේම ක්ලවුස්ට වද දීල දීල හේසල්, චා-චා දෙන්නා ඕන තොරතුරු ටික ගන්නවා. ෆයිව්ට ඒකෙනුත් වෙන්නෙ වැඩේ කාගන්න එක. මේ අස්සෙ ආරක්ෂක අංශෙනුත් පන්නවා හේසල් සහ චා-චා පස්සෙ. ඒ වගේම ඒ දෙන්න අතින් දියේගොගෙ පෙම්වතියට වෙඩි වදිනවා. ඔය අස්සෙ ක්ලවුස් මේ දෙන්නගෙ කාල තරණය කරන්න තියෙන බ්‍රීෆ්කේස් එකත් හොරකම් කරන් පැනල යනවා. ඔන්න ඕක තමා සාරාංශය.
ඊළඟට මොනා වෙයිද කියල අද එපිය බලලම දැන ගන්නකෝ. ඉතිං අද එපිය බලද්දි හුඟක් අවදානයෙන් බැලුවොත් තමා හොඳ. මොකද කාල තරණය එක්ක කතාවෙ සංකීර්ණ බවත් වැඩිවෙමින් තියෙන්නෙ. ඒ වගේම මේකෙ හැම සිද්දියක්ම, හැම ලයින් එකක්ම ඉතාම වැදගත්. ඒ නිසා ලංකාවෙ මෙගා බලනවා වගේ එහෙටයි මෙහෙටයි වෙවී බලල නම් හරියන්නෑ. ඉතිං අද කොටසත් පට්ටම ආතල් එකේ, කුතුහලෙන් බලන්න පුලුවන් විදිහට ගෙතිලා යනවා. ඒ වගේම සුපුරුදු පරිදි පට්ට ට්‍රැක්ස් දෙක තුනකිනුත් රසවත් වෙලා තියෙනවා. එහෙනම් හයවෙනි එපියෙන් හමුවෙමු.
අද කොටස:- Number Five
IMDb අගය:- 8.3
ධාවන කාලය:- විනාඩි 59
අධ්‍යක්ෂණය:- Ellen Kuras
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15
සුබ දවසක්…!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,144 downloadsDownload The-Umbrella-Academy-S01-E05.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
13 comments
Rakitha Soysa
සචින්ත කල්හාර බෙනට්
එපිසෝඩ් දහයම ඉවර කරලා සයිට් එකට දීලා තියෙන්නේ, සහෝ. ඉතුරු ටික සයිට් එකෙන් ඉක්මණටම පල කරාවි. බොහොම ස්තූතියි අදහසක් පළ කිරීම ගැන.
Shaggie
Thnks mchn
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
podda
elama!!!!!
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Binidu sumal
thanks for sub
mithila
thanks machn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Subtitle hodai..plz poddak ikmanata anith episode wala subtitles tikath dennako...thanks