එහෙනම් මෙන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. අපි පුරුදු විදිහට කලින් කොටසේ වුණු දේවල් මතක් කරන් ඉමු. කලින් කොටසත් කුතුහලෙන් පිරිලා තිබුණු බව මතක ඇතිනේ. මුලින්ම අපි දැක්කා හැන්ඩ්ලර් මැරිලා නෑ කියලා. උණ්ඩෙන් කොහොම හරි හැන්ඩ්ලර් බේරෙනවා. ඒ වගේම වන්යා හමුවෙන්න ලූතර් යනවා මතකත් ඇති. තමන් සහෝදරයා බවට වන්යාට හ…

එහෙනම් මෙන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. අපි පුරුදු විදිහට කලින් කොටසේ වුණු දේවල් මතක් කරන් ඉමු.
කලින් කොටසත් කුතුහලෙන් පිරිලා තිබුණු බව මතක ඇතිනේ. මුලින්ම අපි දැක්කා හැන්ඩ්ලර් මැරිලා නෑ කියලා. උණ්ඩෙන් කොහොම හරි හැන්ඩ්ලර් බේරෙනවා. ඒ වගේම වන්යා හමුවෙන්න ලූතර් යනවා මතකත් ඇති. තමන් සහෝදරයා බවට වන්යාට හෙලි කළත් ලූතර් ඇයට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලයි යන්නේ. ඒ වගේම ඇලිසන්ගේ සැමියව බොරු චෝදනා යටතේ අතඩංගුවට ගන්නවා. ඔය දේවල් අතරතුර දියේගෝ සහා ඔහුගේ අලුත් මිතුරියත් ෆයිව්ට ලෝක බේරගන්න උදවු කරන්න කැමති වෙනවා. ඒ වගේම ඒ කොටසේ ෆයිව් හේසල්ගෙන් ලැබුණු වීඩියෝ පටය නරඹනවා. හැමෝම පුදුම කරමින් ඒ වීඩියෝ පටයේ තියෙන්නේ අනාගතයේ වෙන සිදුවීමක්. ඒ කෙනඩිගේ ඝාතනය.
එතන රෙජොනල්ඩ් හාර්ග්‍රීව්ස්, නැත්තම් ඇකැඩමියේ ළමයිගේ තාත්තා විදිහට හඳුනන කෙනා ඉන්නවා. ඒකෙන් ෆයිව් දැනගන්නවා ඔහු 60 දශකය තුළ ජීවත් වෙලා තියෙනවා කියලා. ඉතිං ඒ දෙන්නා ඔහුව හොයන් රෙජිනල්ඩ් නැවතිලා ඉන්න මන්දිරයට යනවා. හැබැයි මේ වෙද්දී ඇකැඩමිය රෙජිනල්ඩ් හදලා නැති නිසා ෆයිව් සහ දියෙගෝ දෙන්නව ඔහු හඳුනන් නෑ. ඒ නිසා රෙජිනල්ඩ් ඔවුන් අනතුරක් කියලා හිතලා මේ වෙද්දී පැටියෙකුගේ අවදියේ ඉන්න පෝගො එක්ක එකතු වෙලා ඒ දෙන්නට පහර දෙනවා. මෙතනින් යන සටනින් දියේගෝ පරාද වෙන්නේ මරණීය පිහි පහරක් කාලා “ආධුනිකයා” කියලත් අහගෙන.
දියේගො මිය යයිද; අනිත් අයව ෆයිව් කොහොම හොයා ගනියිද; ඇලිසන්ට සහ ක්ලවුස්ට මොනවා වෙයිද; මේ දේවල් අද කොටසින් බලලා දැනගන්නකෝ.
එහෙනම් ඊළඟ කොටසෙන් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
෴෴සුබ දවසක්…! ෴෴
Season 2 Episode 3:
“The Swedish Job”
අධ්‍යක්ෂණය: Stephen Surjik
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 48
IMDB අගය: 8.4
Age Rating: TV-14

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,129 downloadsDownload The-Umbrella-Academy-S02-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
6 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sub ekata thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි