Watch Trailer

The Walking Dead [S10 : E07] Sinhala Subtitles | සිඩ්ඩික්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න හිර කරගෙන හිටිය TWD අවසාන කතාංගයත් අරගෙන ආව. ඒ කියන්නෙ හෙට දිනයේ නිකුත් වෙන 8 වෙනි කතාංගයට කලින් මේක බලන්න පුළුවන්. ඉවසීමෙන් ඉඳපු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි! මේ කතා සමයේ මේ වසරේ නිකුත් වෙන අවසාන කතාංගය වෙන්නෙ, ඊලඟට නිකුත් වෙන්න තියෙන 8 වෙනි කතාංගය. ඒක ඉතිං පරක්කු නොකර ඉක්මන…

ආයුබෝ වේවා..!

ඉතිං ඔන්න හිර කරගෙන හිටිය TWD අවසාන කතාංගයත් අරගෙන ආව. ඒ කියන්නෙ හෙට දිනයේ නිකුත් වෙන 8 වෙනි කතාංගයට කලින් මේක බලන්න පුළුවන්. ඉවසීමෙන් ඉඳපු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි! මේ කතා සමයේ මේ වසරේ නිකුත් වෙන අවසාන කතාංගය වෙන්නෙ, ඊලඟට නිකුත් වෙන්න තියෙන 8 වෙනි කතාංගය. ඒක ඉතිං පරක්කු නොකර ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වෙනව. හරි එහෙනම් මතක් කරගමු කලින් කොටස ගැන පොඩ්ඩක්.

ඇල්ෆා සමඟ ඇවිල්ලෙන්න යන සටනේ පළවෙනි අදියරේ වැඩ පටන් කැරොල්, ඩැරල් එක්ක ඇල්ෆගෙ සීමාවට ගියා මතක ඇති. ඒ ගිහින් ඇල්ෆගෙ සගයෙක් අල්ලගෙන හොරෙන්ම ආයෙ ආව. ඒ වගේම නීගන් තමන්ගේ වටිනාකම ඔප්පු කරල ඇල්ෆා ලඟ තැනක් හදා ගත්ත. මේක තවත් වැදගත් කාරණාවක් වේවි කතාව ඉදිරියේදී. මේ දේවල් මෙහෙම වෙනකොට තමයි හිල්ටොප් තුළ වසංගත තත්වයක් පැතිරිලා යන්නෙ. ඒකෙන් රොසිටා පවා අසනීප වෙලා ඉන්නෙ. මතක ඇතිනෙ රොසිටා උණ විකාරෙන් වගේ ඉයුජින් එක්ක කතා කළා. ඉයුජින් ගැන කතා කරනකොට පහුගිය කතාංගය තුළ අපිට නාඳුනන අලුත් හඬක් අහන්න ලැබුණ. මේ කාරණාවත් ඉදිරි කතා මාලාවක දොරටු විවර වීමක් විය හැකියි. ඒ වගේම ඇරොන් සහ ගැමා අතරෙ යම් ආකාරයක යාළුකමක් දළුලා වැඩිල කියලත් දකින්න ඇති. හැබැයි මේක පිටිපස්සෙ ඇල්ෆා සූක්ෂම දැලක් එළල තියෙන්නෙ.

අද කතාංගය බොහෝ දුරය හිල්ටොප් වල වසංගත තත්වය සහ සිඩ්ඩික්ගේ අතීතාවර්ජනය ප්‍රතිබිම්බ එක්ක තමයි ගතවෙන්නෙ. ඇල්ෆා තමන්ගෙ සීමාව සටහන් කලේ හිල්ටොප් වල හැම කෙනෙක්ම ආදරේ කරපු, හෙන්රි, ටාරා සහ එනිඩ් කියන අයගෙ ඔළු, රිටි වල අමුණල. මේ සාපරාධී ඝාතන සිද්ධවෙන හැටි ඇස් දෙකෙන්ම දකින්න සිඩ්ඩික්ට සිද්ධ වුණා. මේ සිදුවීම නිසා සිඩ්ඩික් තාම ඉන්නෙ පියවි සිහියෙන් නෙවෙයි. ඒ වගේම ඇල්ෆා කියන්නෙ අපිට පේන තරම් ඇල්මැරුණු ගැහැණියක් නොවෙන වගෙ ඔන්න අද සක්සුදක් වගේ පැහැදිලි වේවි. ඒ කරුණු කාරණා එක්ක අද කතාංගයේ එක් අතිශය ප්‍රබල චරිතයක අවසානය ඇතුළුව මරණ තුනක් දැකගන්න පුළුවන්. ඉතිං අද කතාංගයෙන් සමු ගන්නා ඒ ආදරණීයයාට “ඔබේ සටන අවසන්!” කියල සමුදෙමින්, නැවත Mid Season Finale කතාංගය සමඟ හමුවෙන තෙක්, හැම කෙනෙකුටම ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,837 downloadsDownload The-Walking-Dead-S10-E07.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

9,837 downloadsDownload Subtitles35 KB

40 comments

  1. Sandarunimsara

    Sub ekata tnx bro

  2. Nadeesha rox alahakoon

    Tnx bro subt. Puluwnnum the purge tv series ekatath sub eka diyanko nathnum wena kawahari set krhnko

  3. Thilina Jayarathna

    tata tada ayye thq . ayye meka fear of walkind death eka sambanda vei vade da ayye

    1. උදයංග සම්පත් හතරසිංහ

      කියන්න බෑ. ඒ වගේ ලයින් එකකුත් යනව. මේ යන විදියට සුපර්ගර්ල් එක්කත් සම්බන්ධ වේවිද දන්නෑ. ඒ තරම් දුර යයි වගේ. :D

  4. Madhura prasad

    බොහෝම තුති වේවා සහෝ සබ් එකට

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ජය වේවා!

  7. Pasindu16022

    Thanks for the sub bro.

    1. Priya235

      Tnx bro... ජය වේවා

  8. Ruwan@chamara

    Tnx brother
    එනකල් බලාගෙන හිටියේ...
    Sub දාන ඔබ ඇතුළු බයිස්කෝප් team ekatama ජයවේවා...
    ❤️❤️❤️

  9. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  10. madusrp1

    Tnx sub ekata.

  11. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  12. suranuwan

    thanks bro...

  13. Shehan putha

    Thanks machan !

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  15. shehanp

    Thank you

  16. sandha1218

    good job ...your dedication is appreciated...

  17. Ayesh Prashan

    Thank You

  18. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. djtharindu397

    Ela pata ban thanx bn 8tat awa brooo

  21. sachithje

    ela

  22. Nadeesha rox alahakoon

    Tnx bro subt. Md seasin eke anthima epiyatath puluwn ikmnta diyn a. Elm

  23. pitcher bro

    Thanks bro.ela

  24. Janith220

    8 weni epiyeth ikmanatama danna bro

  25. R3aLiZe

    thanks.. 8 sub eka onne

  26. Comman

    ela 8 th ikmanata denna.thaks

  27. yasan maduranga

    8 weni episode eka ikmanata denna

  28. Lakshitham

    Thanks.. 8 dannaaa

  29. Lakshitham

    Thanks.. 8 sub ekath danna

  30. DemonAkalanka

    Machan final ekatah sub diyanko.

  31. max payne

    mchn 8 weni eka thwa parakku weida

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. R-TJ

    Sthuthi saho...

  34. prabath74

    බොහොම ස්තූතියි

  35. Kala karu12

    Thanks sub ekata.

  36. Anonymous

    thanks brooooooooooooooo....

  37. lakshan

    thanks ........................

  38. සචින්ත කල්හාර බෙනට්

    Thank you