කොහොමද ඉතින් හැමෝටම? අද නම් ටිකක් ප්‍රමාද උනා සබ් එක ගේන්න. කොහොමහරි ටික දවසකට පස්සෙ අද ආවෙ Scooby-Doo and Guess Who! කතාමාලාවෙ සයවැනි කතාංගය අරගෙන. මේ කතාමාලාවෙ පසුගිය කොටස් දෙකම තිබුණෙ එංගලන්තයේ බව බලපු අය දන්නවනෙ. ඉතිං මෙයාලා ඒගොල්ලන්ගෙ එංගලන්ත සවාරිය නිමා කරලා අද කතාවට මුලපුරන්නෙ ග්‍රීසියේ ඉඳලා…

කොහොමද ඉතින් හැමෝටම? අද නම් ටිකක් ප්‍රමාද උනා සබ් එක ගේන්න. කොහොමහරි ටික දවසකට පස්සෙ අද ආවෙ Scooby-Doo and Guess Who! කතාමාලාවෙ සයවැනි කතාංගය අරගෙන. මේ කතාමාලාවෙ පසුගිය කොටස් දෙකම තිබුණෙ එංගලන්තයේ බව බලපු අය දන්නවනෙ. ඉතිං මෙයාලා ඒගොල්ලන්ගෙ එංගලන්ත සවාරිය නිමා කරලා අද කතාවට මුලපුරන්නෙ ග්‍රීසියේ ඉඳලා. අද කතාවෙ සීන් එකට මෙයාලා ඇතුල් වෙන්නෙ කෞතුකාගාරයක් තුලදී. ඒ ග්‍රීසියෙ කෞතුකාගාරයක පුරාවස්තු නරඹමින් ඉන්නා අවස්තාවක වුණු සිදුවීමක් නිසා. අද කතාවනම් මුල ඉඳලම ජොලි. මොකද අර දෙන්නා උදේ පාන්දරම ඇදගෙන නානවා. ඒ පොඩ්ඩක් වැඩ පෙන්නන්න ගිහිල්ලා. කොහොමහරි ඒ අල්ලපනල්ලෙ තමයි හැමදාම වගේ ඉන්න හොල්මන කතාවට සෙට් වෙන්නේ. මේ අවස්තාවේ තමයි අද කතාවෙ සැඟවුණු අමුත්තා එලියට එන්නෙ. ඒ වෙන කවුරුවත් නෙමෙයි. වොන්ඩර් වුමන් (Wonder Women) මෙයාගැන නම් මට සඳහන් කරන්න දෙයක් නැති තරම්. මොකද මට වඩා හොඳට මෙයා ගැන ඔයාලා දන්නවනෙ.
ඊට කලින් ටිකක් ග්‍රීසියෙ ඉතිහාසය ගැන දේවල් ටිකක් කියන්න තියෙනවා. කොහොමත් සිනමාවෙදි ග්‍රීසිය ප්‍රසිද්ධ වෙන්නෙ දෙවිවරුන්ටනෙ. Clash Of The Titans (2010),Wrath Of The Titans (2012), Percy Jackson වගේ චිත්‍රපට වලින් ග්‍රීක දෙවිවරුන් පිලිබඳව සඳහන් කරනවා. මේ ග්‍රීක දෙවිවරුන්ගෙන් ප්‍රධානම දෙවියෙක් වෙන්නෙ සියුස් කියන දෙවියා. සියුස් තමා කොන්රෝස් කියන දෙවියන්ගෙත් රජු වූ දෙවිවරයාගෙ සයවැනි පුතා වෙන්නෙ. හේඩීස්,පොසයිඩන්, හෙස්ටියා,හෙරා,ඩෙමෙටර් කියන්නෙ මෙයාගෙ අනිත් සහෝදර සහෝදරියන්. එතකොට මේ සියුස්ගේ පළවෙනි පුතා තමා ඇපොලෝ වෙන්නෙ. සියුස්ට මීට කලින් දූවරු ඉඳලා තිබුණත් සියුස්ට දාව ඉපදුනු පලමු පිරිමි දරුවා වෙන්නෙ ඇපොලෝ. සියුස්ගේ ප්‍රදාන බිරිඳ වෙන්නෙ හේරා. නමුත් මේ අපොලෝගෙ මව වෙන්නෙ සියුස්ගේ සයවැනි බිරිඳ වන ලේටා. මේ හින්දා තරහින් හිටපු හෙරා විසින් ලේටාට ඇපොලෝ හට ගොඩබිමකදී උපතදීම තහනම් කලා. ඉතින් ඒ නිසා ඇපොලෝ උපදින්නෙ මහසයුර මැදදි. ඒ වගේම ඇය ආර්ටිමීස් හා ඕර්ටිජී යන පිරිමිදරුවන් දෙදෙනාද බිහිකලා. කොහොමහරි මේ සිද්ධිය ගැන සිසුස් කිසිසොයාබැලීමක් කරලා නෑ. ඒ කියන්නෙ සියුස් තමන්ගේ එකම පිරිමි පුතාව මහ සයුර මැද ඉපදෙන්න හැරලා නිකන් හිටියා. ඉතින් මේ නිසා සියුස් එක්ක තරහෙන් හිටපු ඇපොලෝ සියුස්ව දෙවිවරුන්ගේ සිහසුනෙන් නෙරපාහරින්න පොසයිඩන්ට උදව් කලා. පොසයිඩන් සියුස්ගේ සොහොයුරෙක් නිසා එයාටත් සිහසුනට අයිතියක් තිබුනා. මෙයාලගෙ මේ කැරැල්ලෙදි ඇතීනා සහ හේරාත් එක් වෙනවා පොසයිඩන්ගෙ පැත්තට.. කෙසේවෙතත් මේ ප්‍රයත්නය සාර්ථක වෙන්නෙ නෑ. ඒකට දඬුවමක් විදිහට සියුස් ඇපොලෝව යවනවා ට්‍රෝජන් රජෙකු වූ ලැඕමෙඩන්ගේ සේවකයෙක් ලෙස. ඔහොම තමයි මෙයාලගෙ කතාව යන්නෙ.
මම හිතන්නෙ ඒ ඇතිවෙයි ග්‍රීක දෙවිවරු ගැන කිව්වා.මේ ටික කියෙව්වෙ නෑ කියලා කතාවට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ. ඒත් කතාවෙ සැරින් සැරේ මේ නම් ටික කියවෙන හින්දාතමා මං මේ ග්‍රීක දෙවිවරු ගැන පොඩි පැහැදිලි කිරීමක් කලේ.
ඉතින් අදට මම නවතින්නම්. හැබැයි ඊලඟ කතාවත් අරගෙන ඉක්මනින්ම එනවා..තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,035 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E06.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
12 comments
sacheee35
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක ගේමු..
ජය වේවා.!Chamindalakruwan
ස්තුති සබ් එකට
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
rockz2020
බොහොම ස්තූතියි සහෝ✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kalana dissanayaka
Ela brother♥️
Stranger
thanks
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Kanchana
Thanx saho
Udara Damith Dissanayaka
elaaaaaaaaaa
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසි වලට ස්තූතියි.....සුපිරි