ආයුබෝවන්..! ඔන්න ඉතිං ආපු දවසෙම සබ් එක කරල ඉවර කළා. 2019 නොවැම්බර් මාසෙ අග සතියෙ තමයි TWD Mid Seasonal Break එක ගත්තෙ. ඉතිං ඊට පස්සෙ ඔන්න ආයෙත් මාස තුනකට විතර පස්සෙ කතාව ආරම්භ වුණා. මෙතැන් ඉඳල සතියකට කතාංගය බැගින් ඉතිරි කතාංගයන් 7ත් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. මොනව වුණත් මගේ පුද්ගලික මතය නම් ඇල…

ආයුබෝවන්..!
ඔන්න ඉතිං ආපු දවසෙම සබ් එක කරල ඉවර කළා. 2019 නොවැම්බර් මාසෙ අග සතියෙ තමයි TWD Mid Seasonal Break එක ගත්තෙ. ඉතිං ඊට පස්සෙ ඔන්න ආයෙත් මාස තුනකට විතර පස්සෙ කතාව ආරම්භ වුණා. මෙතැන් ඉඳල සතියකට කතාංගය බැගින් ඉතිරි කතාංගයන් 7ත් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. මොනව වුණත් මගේ පුද්ගලික මතය නම් ඇල්ෆා වටා ගෙතෙන මේ කතාව දැන් ඇදෙගෙන ආපු ප්‍රමාණය සෑහෙන වැඩියි. මොකද කිව්වොත් දැන් දැන් ජීව ගුණය සිඳෙන ලකුණු තමයි මේ කතා මලාවෙත් පෙන්නුම් කරන්නෙ. ඒ කෙසේ වෙතත් අපි තාමත් ඉතිං මේක බලාගෙන යනවනෙ. එහෙනම් මතක් කරගමු අටවැනි කතාංගයේ මොකද්ද වුණේ කියල.
ඉතිං අවසාන කතාංගය ඇතුළෙ අපි දැක්කෙ ගැමා ලබා දුන්නු තොරතුරු අනුව ඩැරල්, කැරොල්, ඇරොන් ඇතුළු පිරිස යනව ඇල්ෆා රඳවගෙන ඉන්න මළවුන් රැළ හොයාගෙන විනාශ කරන්න කියල හිතාගෙන. මේ දේ මෙහෙම වෙන්න කලින් ඩැරල් සහ කැරොල් ප්‍රාණ ඇපකාරයෙක් අල්ල ගත්ත නමුත් හිරකාරය මැරෙනව වස දීමක් නිසා, ඒ වගේම හොර දොස්තර කෙනෙක් විදියට ඇල්ෆාට වැඩ කරපු ඩාන්ටේ සිඩ්ඩික්ව අමු අමුවේ මරල දැම්ම. හැබැයි ඉතිං ඩාන්ටේගෙ ඉරණම විසඳුණේ නොහිතපු විදියට, ගේබ්‍රියල්ගෙ අතින්. ඒ වගේම ලිඩියා මේ වෙනකොට අතුරුදහන් වෙලා ඉන්නෙ. නීගන් ඇල්ෆාගෙ සගයෙක් වෙමින් පවතිනව. මේ සිද්ධි අතරෙ තමයි කට්ටිය ගැමාගෙ විස්තර අනුව සීමාව හරහා ගිහින් නැෂනල් කැලෑව ඇතුළට යන්නෙ. මෙහෙම ගියාට පස්සෙ කැරොල් දකිනව ඇල්ෆා ඉන්නව කැලෑව මැද්දෙ. කැරොල් ඉහිළුම් නැතුව ඇල්ෆා පස්සෙ ගිහින්, ඩැරල්, ඇරොන් ඇතුළු ඔක්කොම ගිහින් ලොකු ආවාටයක් ඇතුළෙ හිර වෙනව. නිකම්ම නෙවෙයි එළියට අඩියක් තියන්න බැරුව මළවුන් පිරුණු ආවාටයක.
අද කතාංගය මූලිකව ගෙවෙන්නෙ මේ පිරිස මේ ගුහා ආවාටයෙන් ගැලවෙන්න දරණ අසීරු උත්සාහය එක්ක. මළවුන් වගේම මුමුණන්නන් නිසා ඇතිවෙන බාධා වගේම, මේ පිරිසට භූමියේ පිහිටීම ඉතාම අවාසි සහගත තත්වයක් උදා කරනව. ඒ අතරෙ කැරොල් කරන තව දරුණු මෝඩ වැඩක් නිසා, කොනී සහ මැග්නා දෙන්නට ජීවිතය අහිමි වීම හෝ ඒ හා සමාන අනතුරකට මූණ දෙන්න වෙනව. ඒ වගේම ඇල්ෆා සහ නීගන් සංයෝජනය අනාගතයට බලපෑම් කරන්න බොහෝවිට ඉඩකඩ තියෙනව. ඒ වගේම ගැමාගෙ ඉරණම මේ වෙනකොට කඩු තුඩක් උඩ තියෙන්නෙ. ඉතිං එතකොට මොකද්ද වෙන්න යන්නෙ? ඔන්න එහෙනම් අද බලාගන්න පුළුවන් ඒ ටික. නැවත උපසිරැසියකින් මුණගැහෙමු. ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,975 downloadsDownload The-Walking-Dead-S10-E09.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
27 comments
ප්‍රසාද් රත්නායක (Prasad)
Ishan
ස්තූතියි උපසිරැසියට.
නීගන් ඉස්සරහට කරන දේ බලන් ඉන්න. කට්ටියම පුදුම වෙයිhasitha nimanka senarath
Shehan putha
Thanks saho
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Indika Aruna Kumara
Arpu gaman dunnata bohoma sthuthi....
Digatama Webrip ekata denna...
Thanks sub ekata...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
pitcher bro
අම්බෝ තෑන්ක්ස් බන් ආපු දවසෙම් දුන්නු එකට.
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
suranuwan
thanks bro......
UI
Supiri.supiri ..dhigatama dhemu ayye
Anonymous
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh Prashan
Thank You
Sandaru Nimsara
Sub ekata tnx bro
Thrishala95
Thanks for sub
dil_shan
tnz sub ekata.
Asela Indrajith
Thank Bro
Shamal manojan
Doctor Sleep ෆිල්ම් එකට bluray update කරලා දෙන්න පුලුවන්ද please.
Anonymous
සුබපැතුම්..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadeesha
Tnx subt
Anonymous
Thanx broooooo
Tharindu lakshan
රොසීටා, ඉයුජින්, සිඩ්ඩික්, ගේබ්‍රියල් 4 දෙනා අතර වෙන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්නකෝ
lakshan
thanks ..........................
Pramukmili
Thanxxxxxxxxx bro.................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E09] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය..! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.1.jpg)



enakam balagena hiteyeee.. tnz