Watch Trailer

The Walking Dead [S10 : E10] Sinhala Subtitles | මිනී වළෙන් ආ මාරයා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න The Walking Dead S10 E10 තමයි මේ උණු උණුවෙම අරගෙන එන්නෙ. පහුගිය කතාංගය බැලුවනම් එහෙම දකින්න ඇති, ඩැරල් ඇතුළු පිරිස අර ගුහාව ඇතුළෙ හිර වෙලා ලොකු කට්ටක් කෑව උඩට එන්න. මුළි කතාංගයම ගෙවිල ගියේ ඒ වෙනුවෙන්. මළවුන්ගෙන් පහර වැදීම්, කැරොල් කරන මෝඩ තකතීරු වැඩ ඒව මේව නිසා කට්ටියට ගොඩ එන්න ලොකු වෙහෙසක් දර…

ඔන්න The Walking Dead S10 E10 තමයි මේ උණු උණුවෙම අරගෙන එන්නෙ. පහුගිය කතාංගය බැලුවනම් එහෙම දකින්න ඇති, ඩැරල් ඇතුළු පිරිස අර ගුහාව ඇතුළෙ හිර වෙලා ලොකු කට්ටක් කෑව උඩට එන්න. මුළි කතාංගයම ගෙවිල ගියේ ඒ වෙනුවෙන්. මළවුන්ගෙන් පහර වැදීම්, කැරොල් කරන මෝඩ තකතීරු වැඩ ඒව මේව නිසා කට්ටියට ගොඩ එන්න ලොකු වෙහෙසක් දරන්න වෙනව. මේ අතරෙ කැරොල් කරපු මෝඩ වැඩක් නිසා, කොනී සහ මැග්නා දෙන්නට එක්කො ජීවිත අහිමි වෙනව, නැත්තං උමඟ ඇතුළෙ හිර වෙනව.මේ සිද්ධිය නිසා මළ පනින ඩැරල් යනව තනියම මේ දෙන්නව බේර ගන්න හිතාගෙන. ඔහොම තමා පහුගිය කොටස ගෙවිල ගියේ.

ඉතිං අද කොටස නම් ටිකක් සිත්ගන්නා සුළු එකක් කියල කියන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නෙ ඩැරල් සහ ඇල්ෆා අතර ඇතිවෙන මාරක යුද්ධය. මේ නිසා දෙන්නම බරපතළ තුවාල ලබනව. දෙන්නම එකම තැන පේන මානෙ වැතිරිලා හිටියත්, එක්කෙනකුටවත් නැගිටල ගිහින් අනිත් කෙනා මරන්න තරම් ශාරීරික ශක්තියක් තිබුණෙ නැත්තෙ, දෙන්නටම මරණීය තුවාල සිද්ධ වෙලා නිසා. ඔන්න ඔය අතරෙ පහුගිය කතා සමයන් වල අතුරුදන් වෙලා හිටපු කෙනෙක් මේ දෙන්න ලඟට එනව. මේ දේ මෙහෙම වෙන අතරෙ ගැමාට මොකද්ද වුණේ කියලත් බලාගන්න පුළුවන් වේවි. වැදගත්ම දේ ඒක නෙවෙයි. ඩාන්ටේගෙ සොහොනෙන් මතුවෙන දේ. ඇලෙක්සැන්ඩ්‍රියාවෙ සාමාන්‍ය ජීවිතය උඩුයටිකුරු වෙනව මේ මතුවීම නිසා. එහෙනම් ඔන්න බලාගන්නකො ඩාන්ටේගෙ මිනී වලෙන් මතුවෙන්නෙ මොනවගේ නස්පැත්තියක් ද කියල. ඊලඟ සතියෙ ආයෙත් හමුවෙමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,852 downloadsDownload The-Walking-Dead-S10-E10.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,852 downloadsDownload Subtitles28 KB

26 comments

  1. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  4. Thilan Durage

    Me font eka mokadda bro... Mage com eke play wenne naha... ekay....

    1. උදයංග සම්පත් හතරසිංහ

      මචං ඕක නෝට්පෑඩ් එකකින් ඕපන් කරල ආයෙ සේව් කරල ගනිං. එතකොට වැඩ කරයි. හෙළකුරු වලින් සබ් එක කළේ.

  5. උදයංග සම්පත් හතරසිංහ

    මචං ඕක නෝට්පෑඩ් එකකින් ඕපන් කරල ආයෙ සේව් කරල ගනිං. එතකොට වැඩ කරයි. හෙළකුරු වලින් සබ් එක කළේ.

  6. Anonymous

    niyamai bro

  7. sarangaw

    tnx Bro !

  8. techpro

    thanks bro

  9. Anonymous

    THANKS

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  11. Anonymous

    thanks bro... dan dan ayema kathawata patta asaawak enawa...

  12. Anonymous

    Thank You

  13. Anonymous

    thanks brother

  14. විමා

    සබට තුති බන්
    මේක නම් පරක්කු නැතුව දෙනවා වගේ නේ :P

    1. උදයංග සම්පත් හතරසිංහ

      වයිකින්ග්ස් එකත් වෙලාවට දුන්න ඩෝ.. අවසාන එපිය විතරයි වෙලාවට දීගන්න බැරි වුණේ..

  15. suranuwan

    thanks......

  16. Sheshin

    Meke thawa season ekak enawada?

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Sandaru Nimsara

    Sub ekata tnx bro

  19. Anonymous

    බොහොම ස්තූතියී..........

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Nadeesha

    Tnx bro subt

  22. Anonymous

    Thanx for sub brooo...

  23. lakshan

    thanks ......................

  24. Pramukmili

    Thanxx bro..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.