මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කො…

මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කොටස කරන්න කියලා. එයා වැඩත් එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා. හැබැයි එයා කිව්වා මොනවමහරි ගැටළුවක් ආවොත් කියන්න කියලා. ඒකම ලොකු දෙයක්. ඒත් මට එයාට කරදර කරන්න හිතුනෙ නෑ. කොහොමහරි මේකත් කරනවා කියලා හිතාගත්තා. අන්තිමේදි කලා. මං හිතනවා ලස්සන දෙයක් නිර්මාණය උනා කියලා. මොකද මටම මගෙ ගැන පොඩි ආඩම්බරයක් තියෙනවා. මේ කොටස මුල්ම වතාවට ඉංග්‍රීසි සබ් එක්ක බලද්දි අනිත් ඒවා වගේ නෙවෙයි. ගොඩක් තැන් මට තේරුම් ගන්න අමාරු උනා. ඒ හින්දා මට හිතුනා මේක මට කරන්න අමාරු වෙයි කියලා. ඒකමයි අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලේ. හැබැයි එයා මාව මේකට ෆිට් කලා. එයා කියපු දේ වලින් පොඩි ගැම්මකුත් ආවා, විශ්වාසයකුත් ආවා. අන්තිමේ මටම සතුටු වෙන්න පුළුවන් විදියට මේක ඉවර කරන්න පුළුවන් උනා. දැන් ඇති නේද කයිවාරු ඇහුවා. අපි කලින් කතාංගය ටිකක් මතක් කරගමු.
පසුගිය කොටස් තුලින්…
කලින් කොටසෙදි මරු මරු දේවල් ටිකක් උනා මතකනෙ. ඩැරලුයි කැරොලුයි අමනාප හිත් එක්ක වෙන්වෙලා වෙන වෙන මාර්ග වල යනවා. ඩැරල් යන්නෙ තවදුරටත් වටපිටාව පරීක්ෂා කරලා බලලා මොනවහරි අත්‍යාවශ්‍ය දේවල් තියෙනවද කියලා හොයලා බලන්න. කැරොල් ආපහු ඇලෙක්සැන්ඩ්‍රියාවට එනවා. එතකොට ඩෝග් ඩැරල් වෙනුවට කැරොල් පස්සෙන් එනවා. ඒ එන කැරොල්ට එයා ඉන්න මානසික තත්වයෙන් මිදෙන්න එක එක වැඩ කරන්න හිතෙනවා. ඒ අස්සෙ මීයෙකුත් හොඳ ආතල් එකක් දෙනවනෙ. ඔය අතරෙ තමන් ලඟ තිබ්බ පෑන් පිහිය කැරොල්ට දීලා ඒක ඉල්ලගන්න අමතක වෙන ඩැරල්ට ඒ පිහිය නැතුව සෑහෙන්න කට්ටක් කන්න උනා. ඉතිං ඒ දවස දෙන්නටම එච්චර හොඳ එකක්නම් උනේ නෑ. කතාව ඉවර වෙන්නෙ ඊළඟ දවසෙ ඒ දෙන්නා මුණගැහෙන තැනින්.
අද කොටසින්…
අපි අද කොටසින් මොකද වෙන්නෙ කියලා බලමු. දසවෙනි සමයෙ අවසන් කතාව හැරවුම් ලක්ෂ්‍යයක් වගේ එකක්. අපි හැමෝම දන්නවනෙ ඇලෙක්සැන්ඩ්‍රියාවෙ නීගන් ඉන්න ගැන මැගී ඉන්නෙ නොසතුටින් බව. ඒ දේවල් බලාගෙන ඉන්න කැරොල් තීරණය කරනවා නීගන්ව වෙනත් තැනක නවත්වන්න. එතනදි නීගන්ගෙ අතීතය නීගන්ට ආපහු කතා කරනවා. එයා මොන තීරණයක් ගනීද? එතකොට මේකෙදි නීගන් කියන්නෙ කවුද, එයාගෙ අතීතය මොකක්ද, ලුසිල් කියන බැට් එකේ අතීතෙ මොකක්ද කියන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බවෙනවා. ඒවගේම නීගන් අවසානෙ දැඩි තීරණයක් ගන්නවා. කතාවනම් හරිම ලස්සනයි ඒවගේම සංවේදීයි. අනිත් එක මම දන්නවා අපි බලපු සමහර චිත්‍රපටි වල සමහර කතා වල හිටපු දුෂ්ඨයන්ට අපි ආදරේ කලා, වීරයට වගේම. මගෙ ලයිස්තුවෙ නීගන් උඩින්ම ඉන්නවා. එයාගෙ පැමිණීම අපිට ලොකු කම්පනයක් දුන්නත් ඒකෙ පුදුම බලවත් බවක් තිබුණා. හැමෝම මගෙත් එක්ක එකඟ වෙයිද දන්නෙ නෑ. හැබැයි ඒක තමයි මගෙ මතය. එයාගෙ චරිතය අමුතුම තේජාන්විත එකක්. ඉතිං අද කතාංගය එයා වෙනුවෙන් තමයි වෙන්වෙලා තියෙන්නෙ. එහෙනම් මේකත් බලලා සබ් එක කොහොමද කියන්නකො.
අපිත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනවා කතා මාලාව පුරාම රැඳී හිටියට. ඊළඟ සමය ආපු ගමන්ම අශාන් සහෝදරයා සබ් ටික ඉක්මනට අරගෙන එයි. ඒවගේම අශාන් සහෝදරයටත් ස්තූතිවන්ත වෙනවා මං ඉල්ලපු ගමන්ම මේක මට දුන්නට. මේක මට ලැබුණ ලොකු අවස්ථාවක්. ඇත්තටමයි කියන්නෙ. එතකොට බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙ අනිත් සාමාජිකයින්ටත් ස්තූති කරනවා ඉක්මනින්ම සබ් එක පළකරනවාට. විශේෂයෙන්ම අපේ තරිඳු රුක්ෂාන් සහෝදරයාට ස්තූති කරනවා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට. එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනින්ම ආපහු එන්නම්. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම උදාවන්නාවූ අළුත් අවුරුද්ද ගැටළු නිරාකරණය වෙන වාසනාව උදාවෙන යහපත් අවුරුද්දක් වෙන්න කියලා මුළු සිතින්ම පතනවා.
ඔබට ජය!
Director: Laura Belsey.
Writers: David Leslie Johnson-McGoldrick.
IMDB Ratings : 9.5
Air Date: 04 April 2021
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,936 downloadsDownload The-Walking-Dead-S10-E22.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
28 comments
Dilan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
11 වෙනි කතාමාලාවෙන් නැවත හමු වෙමු
ජයharsha
බොහෝම ස්තූතියි ගයාන් සබ අරගත්තා ජයවේවා
Gayathra
bohoma sthuthii saho sub eka ikmanata dunnata..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
niyamai...
Dulan
season 11
sub dennako
Anonymous
thank you very much bro
thilina
ade pin pin ahh. machan pulvnm Snowpiercer season 2 ekta sub dennako eka bagayai dunne bn aparade natam
Ashan
ගොඩාක් ස්තූතියි ගයාන්..ඔබට ජය
dileepasanjeewa119
sub ekt tnx bro.Fear the walking dead season 3 idn sub dnna pluwnda
RVMENDIS85
Thanks for sinhala sub....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
shathira
amboo ela sub eka.nice bro keep it up
lakshan
thanks ....................
සාරංග
සබට ගොඩක් ස්තුතියි !
indika75
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanuka Madushanka
Thank you brother
Dilanka
Sub tika okkma gaththa, bohom isthuthi.. Jaya wewa
Dan
Thank You ...
tv malli
සබ් එකට ස්තුතියි...ජය වේවා
sasindu kavish
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Anonymous
Sub ekata thank you....ikmanata season 11 eke sub tikath daannako
Tharuka
Thanks brother
Dewadithya
Thanks for Sub!
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ati yantham senasime නිදා ගන්න පුලුවන්