The Walking Dead කිවුවම කවුද නොදන්නේ නේද? Prison Break, The Legend Of The Seeker ඇතුලු ටීවි සීරීස් වගේම ලංකාවේ හුඟක් ප්‍රේක්ෂකයින් මුල ඉඳලම ආදරයෙන් වැලදගත්ත කතා මාලාවක්. ඒ නිසාම අර උඩ සීරීස් වගේම මේකත් ලංකාවෙ සීරිස් බලන ෆෑන්බේස් එක අතර හරි ඉක්මණින් හුඟක් ජනප්‍රිය වුනා. ඒකට තවත් එක හේතුවක් විදිහට බය…

The Walking Dead කිවුවම කවුද නොදන්නේ නේද? Prison Break, The Legend Of The Seeker ඇතුලු ටීවි සීරීස් වගේම ලංකාවේ හුඟක් ප්‍රේක්ෂකයින් මුල ඉඳලම ආදරයෙන් වැලදගත්ත කතා මාලාවක්. ඒ නිසාම අර උඩ සීරීස් වගේම මේකත් ලංකාවෙ සීරිස් බලන ෆෑන්බේස් එක අතර හරි ඉක්මණින් හුඟක් ජනප්‍රිය වුනා. ඒකට තවත් එක හේතුවක් විදිහට බයිස්කෝප් ටීම් එකේ අයියලා මේ සීරීස් එක මුල ඉඳන්ම සිංහල උපසිරැසි එක්ක තිළිණ කිරීමත් ලොකු හේතුවක් වුනු බව නොරහසක්.
ඉතිං සීසන් 11 කින් අවුරුදු 11 ක් පුරාවට විකාශය වුනු දීර්ඝ අත් දැකීමක් විදිහට The Walking Dead මතකයේ රැඳී හමාරයි. 2010 වර්ෂයේ AMC නාලිකාවෙන් ගෙන ආ මේ කතා මාලාව පුරා සොම්බි පාදක කරගත්ත හරි ලස්සන කතාවක් අරගෙන ආවා. ඉතිං කෝමා එකකින් ඇහැරිලා මුලු ලෝකය පුරාම අමුතුම විදිහේ වෛරසයක් පැතිරිලා මිනිස්සු දහස් ගාණකගේ මරණයෙන් තැනුනු සොහොනක් බවට ලෝකය පත්වෙලා කියලා දැනගත්තු රික් ග්‍රයිම්ස් තමන්ගේ පවුලෙ අය හොයාගෙන යන ගමනිනුයි මේ කතා මාලාව පටන් ගත්තේ. එහෙම පටන් ගත්ත මේ කතා මාලාවට එක එක කාලවලදි විවිද සතුරන් හඳුන්වා දෙමින් දිග වික්‍රමාන්විතයක් බවට සීරීස් එක පත් වුනා.
ඇත්තටම මීට කලින් සීරීස් එක ඉවර වෙන්න තිබුනා කියලා නොහිතෙනවාමත් නෙවේ. මොකද මේ සීරීස් එකේ 9.0 කට වඩා ඉහළ රේටි අරගත්ත එපිසෝඩ් වගේම 5 කටත් අඩුවෙන් රේටින් ලැබුනු එපිසෝඩ් IMDB එක පැත්තෙ ගියොත් හොයාගන්න පුලුවන්. විශේෂයෙන්ම සීසන් 6 න් පස්සේ සීරීස් එකම කන පිට හැරවුනු නිසාමද කොහෙදෝ ප්‍රේක්ෂකයින් අතරත් ලොකු වෙනසක් සිදු වුනා. ඉතිඅ සාර්ථකත්වයක් වගේම සමහර අවස්තාවලදී අසාර්තක උත්සහයන් පවා පෙන්නපු සීරීස් එකක්.
ඉතිං කොහොම හරි TWD එකත් අවසායට ළං වෙලා. ඒ අවසානයට ආරඹය විදිහට මේ අරන් එන්නේ The Walking Dead Final Season එකේ පළවෙනි කොටසයි.
The Walking Dead කියන්නෙත් කොමික් ආශ්‍රිතව නිර්මාණය කරපු සීරීස් එකක්. මේක 2003 දි මේ නමින්ම ආරම්ඹ කරපු Image Comic ආයතනයේ කොමික් සීරීස් එකක් පාදක කරගෙනයි නිර්මාණය වෙන්නේ. මේ කොමික් එක නිර්මාණය වෙන්නෙත් Invincible කොමික් සීරීස් එක නිර්මාණයටත් හේතු වුන Robert Kirkman මහතාමයි. කොහොම හරි එක පාරම නොසිතූ විදිහට රොබර්ට් මේ කොමික් සීරීස් එක 2019 දි අවසන් කරන්න තීරණය කරනවා.

ආපහු සීරිස් එක පැත්තට ආවොත් අන්තිම සීසන් එක කොටස් 24 කින් යුක්ත වෙනවා. ඒ වගේම AMC ලා මේ සීසන් එක Part A, B සහ C කියලා කොටස් තුනකට කඩලා විකාශය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා කලින් සීසන් වගේම මේ සීසන් එකෙත් මැදදි මාස කිහිපයක විරාමයන් කිහිපයක් ලැබෙයි. පළවෙනි එපිසෝඩ් 8 මේ වසරේ විකාශය කරලා ඊළඟ එපිසෝඩ් 16 ලබන 2022 විකාශය කරන බවයි දැනට AMC ලා කියන්නේ.
ඉතිං හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා රික් ග්‍රයිම්ස් ආපහු එයිද කියන එක. මොකද සීසන් 8 සහ 9 වෙනි සීසන් එකේ මුල් කොටස් කිහිපය පුරාවටම කතාවේ ප්‍රධාන චරිතය වුනේ රික්. ඉතිං රික් කතාවෙන් සමුගන්න බවට ඉඟි ලැබෙද්දී හැමෝම හිතුවේ සීරීස් එකේ ලෙගසි එක ඊළඟට කාල් අතට යාවි කියලා. ඒත් නොහිතපු විදිහට කාල්ගෙ චරිතයත් සීරීස් එකෙන් සමුගත්තා. ඊට පස්සෙ රික් සමුගන්නවා. ඇත්තටම කාල් වගේ රික් මිය යන්නේ නැහැ කියලා මතක ඇතිනේ. රික් තුවාල වෙලා ඉන්නකොට එක පාරම කොහෙන්දෝ මතුවුන හෙලිකොප්ටර් එකකින් පරණ යාලුවෙක් එක්ක රික් අතුරුද්දන් වෙනවා. ඊට පස්සේ මුල ඉඳන් හිටපු අනිත් ප්‍රධාන චරිත එක්ක තමා 9, 10 සහ දැනට පේන විදිහට 11 වෙනි සීසන් එකත් ගලාගෙන යන්නේ. ඒත් තාම කතාව එක්ක රැඳිලා ඉන්න ප්‍රේක්ෂකයෝ රික් එනකන් මග බලාගෙන ඉන්නවා. Rumors යන විදිහට රික් අන්තිම කොටස් කිහිපයට හරි රික් සම්බන්ඳ වෙයි කියලා කියන්නේ. ඉතිං රික්ගේ නැවත පැමිණීම අපි කාලයට බාර දෙමු.
11 වෙනි සීසන් එක පටන් ගද්දිම වෝකර්ස්ලා එක්ක සටනක් යනවා. ඉතිං මේ වෙනකොට ඇලෙක්සැන්ඩ්‍රියාවට හානි වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ආහාරත් හිඟ වෙමින් තියෙන කාලයක්. ඉතිං මැගී තීරණය කරනවා ආහාර හොයාගෙන මරණීය ගමනකට එක් වෙන්න. මේ වැඩේට නීගන් එහෙමත් සෙට් වෙනවා. මේ අතර එසේකිල් ඇතුලු පිරිසත් ලොකු ඇබැද්දියකකට දැනටමත් අහුවෙලා ඉන්න පාටක් පෙනෙන්නේ.
ඉතිං ලිපිය මෙතනින් හමාර කරන්න මම හදන්නේ. මේ සබ් එක කරන්න මට අවස්තාව ලබා දුන්න අශාන් විමුක්ති අයියටත් විශේෂ ස්තූතියක් පිරිනමන්න කැමතියි. එහෙනම් දෙවෙනි එපියෙන් ඉක්මණින්ම හමුවෙමු…!
෴෴ සුබ දවසක්…! ෴෴
Acheron: Part I
IMDB rating: 9.1
Air Date; August 15 2021
Director : Kevin Dowling
Writer: Frank Darabont
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,065 downloadsDownload The-Walking-Dead-S11-E01.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
33 comments
Anonymous
විමා
සබ් එකට බොහොම ස්තුතියි මලේ.
එහෙනම් ලංකාවේ මිනිස්සුන්ට සොම්බි පිස්සුවක් ඇතිකරන්න මුලික වෙච්ච කතා මාලාවක අවසානය මලයට බාරයි.
වැඩේ එළකිරි වගේ කරගෙන යමු :)Anonymous
ftta bokkah
Anonymous
meka nm pisuwak
Anonymous
Ehenum කොල්ලො ආරම්භ karanta last season එක දුකයි kmk ne thanx bro
Nisa
Denakm balan hitiyaa..thnkz brooo
Anuja Lakshitha
patta lipiya
sub ekta thanks malliyaIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
charith
සබ් එකට ස්තුතියි....
Daminda Buddhi
Sthuthiyi malli.meka iwara wenakan balan hitiye mama nidahase marenna,
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
mula idanma sub dunna godak pin
indika75
thanks..
Anonymous
Meka denakan ki parak baiscope eka ptte awada
Thank bro sub ekatSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Tnx bro
Pramukmili
Thanxxxxxxxx bro.....
Dilan
අලුත් season eka release වෙලා mechara ඉක්මනින් subtitle එක දුන්න එක ට නම් පින්... Ethuru episode ටිකත් release වෙනවාත් එක්කම sub එකත් දෙන්න... ඔයාල sub danakam download කරන් බලන් ඉන්නේ...
P_mihir
Thnxx brother..... Vikings series eketh subtitles bluray walata update krl dennako....
Ashan
පට්ට පට පට..ආපු ගමන්ම උනු උනුවේ දුන්න එක සුපිරි ඈ..පට්ට වැඩක් ..ජය වේවා...බයිස්කෝප් තමයි ඉති.
...
Anonymous
thnx
Anonymous
bro s11 e2 subs...
Nishan S Ariyarathna
thanks
Ramesh
Enakal balan hitiye sub 1ta thanks bro... Fear The Walking Dead Series 1tath puluwannam sub denawada
Dimuthu
I need walking dead season 11 episode 5 subtitel
Gatta
Episode 5 sub aka onee
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
lakshan
thanks ........................
@Shashi
Broo the walking dead eke season 11 episode 19,20,21,22,23,24 ewai sub kare nedd.e sub tika puluwnnm krla dannko plz..
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Malinda ashan
ඉතුරු එපිසොඩ් ටිකෙත් සබ් ටික දාලා දෙන්නකො මචංලා. ❤️
Ravindu_Heshan
දාලා තියෙන්නේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub ekata thanks