The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා. හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව මුණ ගැහෙ…

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා.
හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව මුණ ගැහෙන්න යනවා, ඊට පස්සෙ බකී සෑම්ටත් හොරෙන් සීමෝව හිරෙන් පන්නගන්නවා. සීමෝ එකඟ වෙනව මෙයාල එක්ක එකතු වෙලා ෆ්ලෑග් ස්මෑෂර්ලව නවත්තන්න උදව් කරන්න. ඊට පස්සෙ එයාලා මැඩ්‍රිපූර්වලට ගිහින් ඉහළ මට්ටමේ ආපරාධ කල්ලි නායිකාවක් වෙන සෙල්බිව මුණගැහෙනව. සෙල්බිගෙන් එයාලා දැනගන්නවා ඩොක්ටර්. පවර් බ්‍රෝකර් කියලා කෙනෙක්ට කලින් හයිඩ්‍රා එකේ විද්‍යාඥයෙක් වුණ ඩොක්ටර් විල්ෆ්‍රඩ් නේගල් වැඩ කරලා තියෙනවා කියලා මේ සුපර් සෝල්ජර් සිරම් එක නැවත නිපදවන්න. මේ අස්සේ සෑම්ගෙ නංගි, සේරා අපේ සෑම්ට කෝල් කරලා සෑම් කියලා කතා කරන නිසා සෑම් ගැන එළි වෙනවා. ඒත් එක්කම වෙඩි පහරකින් සෙල්බි මිය යනව. ඒ නිසා සෑම්, බකී සහ සීමෝලව අල්ලල දෙන කෙනෙක්ට ත්‍යාගයක් දෙනව කියලා පණිවිඩයක් නිකුත් කරනව. තෑග්ග ගන්න තිළිණ දඩයක්කරුවො කට්ටියක් පන්නද්දි ෂැරන් කාටර් ඇවිත් මෙයාල තුන්දෙනාව බේරගන්නවා. Civil War සිදු වීම්වලින් පස්සෙ ෂැරන් ජීවත් වෙන්නෙ පලා යන්නෙක් විදිහට. ෂැරන් එයාලව ඩොක්ටර් නේගල්ගේ පරීක්ෂණාගාරයට එක්කගෙන යනවා. එතනදි එයාලා දැනගන්නවා නේගල් සිරම් කුප්පි 20ක් හදල තියෙනව කියලත්, ඒවා කාලි මෝගන්තාඔ හොරකම් කළා කියලත්. සීමෝ එක පාරටම නේගල්ට වෙඩි තියල දානව. ලැබ් එකත් විනාශ වෙලා යනව. මේ වෙලාවෙ සිදු වෙන සටනදි සීමෝගේ කොමික්වලට අදාළ වෙස් මූණ දැකගන්න පුලුවන් අපට.

Helmut Zemo’s Mask in Comics & Live-Action
ඉන් පස්සෙ සීමෝ වාහනයක් හොරකම් කරගෙන යන්න සූදානම් වෙනව. නමුත් ෂැරන් එහේම නවතිනවා. සෑම් පොරොන්දු වෙනව ඇයට සමාව අරගෙන දෙන්න. ඉතින් මෙතනදි සෑම් අහනව බකීගෙන් සීට් එක පොඩ්ඩක් ඉස්සරහට ගන්න බෑනෙ, නේද කියලා. බකී ගත් කටට බෑ කියනව ඉතින්. හේතුව මතක් වුණාද? Civil War එකේ බකීගේ ඉල්ලීම සලකන්නෙ නැතුව සෑම් පුටුව ඉස්සරහට නොගත්ත පළිය තමා බකී ඔතනදි බොහොම කුරිරු විදිහට අරගන්නේ. 😅

මේ අතරතුර බර්ලින්වලට ආපු ජෝන් වෝකර් (අලුත් කැප්ටන් ඇමරිකා) සහ හොස්කින්ස් (බැට්ල්ස්ටාර්) නිගමනය කරනවා සීමෝ හිරෙන් පැනපු එකට සෑම් සහ බකීගේ සම්බන්ධ ඇති බවට. ෆ්ලෑග් ස්මෑෂර්ලා, ලිතුවේනියාවේ තියෙන ලෝක ප්‍රති-ආගමන කවුන්සිලයේ (GRC) සැපයුම් තිබෙන ගබඩා පරිශ්‍රයක් වටලා ප්‍රහාරයක් එල්ල කරනව. සීමෝ, සෑම්, බකී තුන්කට්ටුව මෝගන්තාඔව හොයාගෙන ලැට්වියාට යනවා. අවසානයේ අපි නොහිතපු කෙනෙක් කතාවේ දකින්න ලැබුණා. වකන්ඩා රජතුමා ට’චකාව ඝාතනය කරපු එක වකන්ඩාවරු අමතක කරලානම් නෑ කියලා මෙතනදි අපිට දැනගන්න පුලුවන්. සීමෝව හොයාගෙන ඇවිත් තියෙන්නේ ආයෝ. ආයෝ තමයි Civil War එකේදී බ්ලැක් විඩෝට තර්ජනාත්මකව කියන්නේ, අයින් වෙනවද, අයින් කරන්නද කියලා.

“Move. Or you will be moved.” — ‘Ayo’ to ‘Black Widow’ in Civil War
බකී ආයෝව හොයාගෙන යන්නේ පොඩි බෝල වගේ ජාතියක් දැකලනෙ. මේවා හඳුන්වන්නෙ කිමෝයෝ බීඩ් (Kimoyo Beads) කියලා. වකන්ඩානු ඉහළ තාක්ෂණයේ නිර්මාණයක්. මේවා වයිබ්‍රේනියම්වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. වකන්ඩානුවන් මේක විවිධ අරමුණු සඳහා යොදාගන්නව. Black Panther, Infinity War, Endgame චිත්‍රපට තුනේදිම අපිට මේ බීඩ්වල විවිධ ප්‍රයෝජන දකින්න ලැබුණා. උදාහරණ කීපයක් බැලුවොත්, වෙද හෙදකමට, වාහන දුරස්ථ පාලනයට, සන්නිවේදනයට වගේම ඔත්තු බැලීමට යොදාගන්න දෙයක් ලෙස මේක යොදාගන්න ආකාර අපි දැක්කා. මෙතනදිනම් ඒවා සීමෝ ගැන තොරතුරු හොයන්න පාවිච්චි කරන්න ඇති. එහෙමත් නැත්නම් බකීව ගෙන්නගන්න පාවිච්චි කරපු පණිවිඩ ක්‍රමයක් වෙන්නත් පුලුවන්. ඒකට උත්තරේ මේ කොටසින් බලාපොරොත්තු වන්න…
ඔන්න එහෙනම් අද කොටසින් බලාගන්න පුලුවන් ඊළඟට මොනවද වුණේ කියලා…
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
17,102 downloadsDownload The-Falcon-and-the-Winter-Soldier-E04.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2021
- #Anthony Mackie
- #Comics
- #Daniel Brühl
- #Desmond Chiam
- #Editor's Pick
- #Emily VanCamp
- #John Gettier
- #Marvel
- #Marvel Comics
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sebastian Stan
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Falcon and the Winter Soldier
- #Wyatt Russell
- #එල්. සී. දමැල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
56 comments
sachintha
Shaggy
බීඩ් එක පාරට දැක්කෙ බීඩි වගේ උපසිරැසට බොහොම ස්තූතියි
Gayana Thathsara
අම්නේ සබ් එක ඉක්කන්ට දීලා... තැන්කූ.....
Sandaru Rashmika Weerasinge
Thanks.....!
Ramesh
Thanks mchn.....
Tamilmv eke aluthin aapu hindi,tamil,kannada movies tikak thynow,awurudhu sathiye puluwn nm ewta sub demu....
Jaya wewaKasun
Thanks for the Subtitle
Anonymous
හම්මො ඇතියන්තම් තැම්ස්
Nilush Angana
Sub ekata thanx
kavin
ambooooo dilaaaa thnk you brooooo......
Gihan
සබට තුති සහෝ.....
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Kaveeshwara Fernando
Thank you machan sab eka dunnata
Pramukmili
Thanxxx bro...............
LANZ
superb work and also superb episode!!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Hemal
Thank You
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!viraj
thanks......
Anonymous
thanks for sub
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Ruchira
Thanks for the sub!!!!
Sandeep
Supiri.. thanx sub ekata
Nishan S. Ariyarathna
thanks saho...
Dilshan
සුපිරි
සෙනසුරාද උදේ වෙද්දි දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව❤️❤️Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
hasala
thanx
th2000
sub eka denakn dawas ganak baln hitiya bn ayya anith episodes tikanm ikmanatama
oneඑල්.සී. දමැල්
රිලීස් වුණේ 9වෙනිදා, දුන්නෙ 10 වෙනිදා. ඇයි දවස් ගාණක් පරක්කු වුණා කියන්නෙ? :( ලැබෙන ලැබෙන විවේක වෙලාව යොදවල මාත් කළේ උපරිමය තමයි. නිවැරදිව දෙන්නත් එපැයි. උඩින් පල්ලෙන් කරල පැය දෙක තුනක් ඇතුළත දුන්නා කියල වැඩක් නෑනෙ...
Dulshan Kanishka
owa ganan gannepa kollo sub dena ekama athi
KehanShakya
Sub එක movie එකට වඩා speed. කොහොමද හදන්නෙ. Mn KM player mobile eken බලන්නෙ
එල්.සී. දමැල්
ආපහු සබ් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. තව සබ් ෆයිල් එකක් ඇති. ඒක පාවිච්චි කරලා බලන්න හරිද කියලා...
එහෙමත් හරියන්නෙ නැත්නම් Adjust Sync එකෙන් ටයිමින් හදාගන්න වෙනවා. ඒත් නැත්නම් P S A කොපි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න.
RVMENDIS85
Thanks bro...
JANNUL
thanksss
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
kavinda gamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Kavi_madushan
Bohoma sthuthi sub ekta,puluwnnm "the Dark crystal age of ressistance" series ekta sub dennko,budusarnai,jayawewa!!!
ravidu ishan
සබ්එකට ස්තූතියි සහෝ.. ජය ✌️
chinthaka.max4
thankx machan
Sahan
thanks a lot saho sub ekata
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you very much bro
Bimbisha Adithya
උපසිරැසියට ස්තූතියි ♥️ දමැල් සහෝ♥️
Bimbisha Adithya
ඉදිරි ගමනට ජය ♥️
Dewadithya
Thanks for sub!
lakshan
thanks ....................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Manee
සිංහල උපසිරසියත් සමග කතාව ගැන ලියන ලිපි නිසා මන් Marvel, DC ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.ඔයාලට ගොඩක් ස්තූතියි මේ කරන සේවයට.පුලුවන්නම් Gossip Girl(tv series), Destination Wedding,Anna Karenina කියන movies වලටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්:)
Anonymous
me wage lipiyak ekka kathawa baladdi thawath aasa hithenawa
mindika
Thanks !!!
Anonymous
Thanks machan...
Nisal
Thanks Bro
Ravindra
Thanks sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි