කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු එච්චර ගනන් ගන්න…

කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු එච්චර ගනන් ගන්න එපා. අනිත් එක මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් හොඳ මට්ටමක නෙවෙයි තියෙන්නෙ. පුළුපුළුවන් විදියට ගැටගහගන්නවා. මමත් ගොඩක් ආසයි මේක අශාන් සහෝදරයා කලාට පස්සෙ බලන්න තිබ්බනම්. ඒත් එයා ටිකක් කාර්‍යබහුලයි මේ දවස්වල. ඉතිං මං එයාට කරදරයක් නොවෙන්න මේක ඉල්ලගත්තා. දුන්නු අවස්ථාවට ආයෙමත් ස්තූති කරනවා. අපි බලමු අවසාන කොටසට අශාන් සහෝදරයට සබ් එක කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද ඒක ගොඩක් විශේෂ කොටසක්. සබ් එක හොඳටම තිබුනොත් තමයි කතාවත් ලස්සන වෙන්නෙ. ඒ හින්දා මං හිතනවා ඒක අශාන්ට කරන්න පුළුවන් උනොත් හොඳයි කියලා. එහෙනම් අපි කලින් කොටස ටිකක් මතක් කරගමු.
පසුගිය කොටස් තුලින්…
පසුගිය කොටසෙ පෙන්නුවෙ ස්ටෙෆනිව හොයාගෙන ගිය ඉයුජින්ට යුමිකෝට එසකියෙල්ට සහ මඟදි මුණගැහුන ප්‍රින්සස්ට දැන් වෙලා තියෙන දේ. එයාලව දුම්රිය අංගනයක හිර කරලා ඉන්නෙ. ඔවුන්ව අල්ලාගද්දි යුමිකෝට පහරදෙන නිසා ප්‍රින්සස් එයාට මොකද උනේ කියලා දැනගන්න ගොඩක් උත්සාහ කරනවා. ප්‍රින්සස් ගොඩක් කාලයක් තනියම ජීවත්වෙලා තියෙන නිසා විවිධ මානසික ආබාධ වලින් පීඩා විඳිනවා. සමහර දේවල් මැවිලා පේනවා. ඒකෙදි එයාගෙ කුඩාකාලෙ අමිහිරි අත්දැකීම් ගැනත් කියවෙනවා. කොහොමහරි අන්තිමේදි එයා තමාටම ඔප්පු කරලා පෙන්වනවා අනිත් යාළුවන්ව කරදරයකදි දාලා යන්නෙ නැති හොඳ මිතුරෙක් බව. අන්තිමටම එයා අල්ලගන්න සෙබළා ඉස්සරහා එයා හැම දෙයක්ම කියනවා. ඒක ටිකක් සංවේදී අවස්ථාවක් නේද? ඒ වෙලාවෙ එයාට මොහොතකට අනිත් යාළුවන්ව දැකගන්න අවස්ථාවක් ලැබෙනවා. කුතුහලයක් ඉතුරු කරලා ඒ කොටසත් අවසන් උනේ.
අද කොටසින්…
අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමු. මතකනෙ ඩැරලුයි කැරොලුයි ලියාගෙ නවාතැනේදි ටිකක් හිත් අමනාපකමක් ඇතිකරගන්නවා. ඒකත් හිත් ඇතුලෙ තියාගෙන දෙන්නා වැඩියෙ කතාබහක් නැතුව ආපහු එන්න පිටත්වෙනවා. හැබැයි දෙන්නා එක තැනකදි වෙන් වෙන් මාරග වලට වෙන් වෙනවා. කැරොල් ආපහු ඇලෙක්සැන්ඩ්‍රියාවට පිටත්වෙන අතර ඩැරල් දිගටම තවත් අත්‍යාවශ්‍ය දේවල් හොයන්න පිටත් වෙනවා. ඉතිං ඒ දෙන්නට වෙනස් වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. මේක ටිකක් විනෝදයට බර කොටසක්. ඔයාලට බලද්දි ඒක තේරෙයි. ඩැරල්ගෙ නැට්ට වගේ හිටපු ඩෝග් තෝරගන්නෙ කැරොල් ගිය මාර්ගය. එයත් ඩැරල්ට ද්‍රෝහි වෙනවා.
එහෙනම් මේක බලලා ඉන්න. පුළුවන් ඉක්මනින් අනිත් කොටසත් අශාන් සහෝදරයා හරි මං හරි අරන් එන්නම්. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න. ඔයාලා හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා! එහෙනම් ගිහින් එන්නම්.
ඔබට ජය!
Director: David Boyd.
Writers: Heather Bellson.
IMDB Ratings : 4.1
Air Date: 25 March 2021
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,877 downloadsDownload The-Walking-Dead-S10-E21.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
21 comments
Anonymous
Gayan Chathuranga
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Dilan
Episode 22 ඕනි... අවසාන එක... ඉක්මනට දෙන්න... ❤️❤️❤️❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thank You bro
Visal Wijesinghe
Thank you soo much bro ❤ you are doing great job.. Waiting for final sub
Shiran
ගයියා මම ශිරාන් episode 22 th ඇවිල්ලා තියෙන්නෙ ඒකත් ඉක්මනින් දාපන්
CGR..Gayan Chathuranga
එවලා තියෙන්නෙ මචං. ඉක්මනටම දායි.
indika75
thanks..
Gayathra
Bohoma sthuthii saho...
Film Pissa
කව් රු හරි බ්‍රෝ සුපර්ගර්ල් සීසන් 6 ඉදලා දාන්නකෝ හෙට එපිසෝඩ් 2 එන්න කලින් 1 දාන්න
Hasith dulanjana
Tnx bro
Ashan
ගොඩාක් ස්තූතියි උපසිරැසියට ❤️❤️❤️❤️❤️❤️❤️
Pramukmili
Thanx bro.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasindu kavish
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Anonymous
Hari sub eka dapn yako daddi. me 21 nh
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement



Oya nm supiri ❤️❤️