Watch Trailer

The Widow [S1:E01] Sinhala Subtitle | යානයේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සිය සාඩම්බර දශක සංවත්සරය සමරන මේ අවස්ථාවේ අපි හිතුව තවත් සුපිරිම කතාමාලාවක් දෙන්න. නෑ නෑ අද පටන් ගත්තට ඉවර කරන්න දවස් ගාණක් ගන්නෙ නෑ. අදම, මේ අදම ඉවරයක් කරනවා. නිකන් නෙවෙයි පැයෙන් පැයට උපසිරැසිය දීලා. ඉතින් පළවෙනි කොටසෙ ඉඳන් බය නැතුව එකක් බලලා ආපහු එනකොට ඊළඟ කොටසේ උපසිරැසිය…

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සිය සාඩම්බර දශක සංවත්සරය සමරන මේ අවස්ථාවේ අපි හිතුව තවත් සුපිරිම කතාමාලාවක් දෙන්න. නෑ නෑ අද පටන් ගත්තට ඉවර කරන්න දවස් ගාණක් ගන්නෙ නෑ. අදම, මේ අදම ඉවරයක් කරනවා. නිකන් නෙවෙයි පැයෙන් පැයට උපසිරැසිය දීලා. ඉතින් පළවෙනි කොටසෙ ඉඳන් බය නැතුව එකක් බලලා ආපහු එනකොට ඊළඟ කොටසේ උපසිරැසිය ඇවිල්ලා තියෙයි. ඔක්කොම තියෙන්නෙ කොටස් අටයි. ඉතින් බැලිල්ලක් තමා.

බයිස්කෝප් අඩවියට මුල්ම උපසිරැසිය දීමේ වාසනාව හා භාග්‍ය ලැබු කෙනා විදියට කියන්න තියෙන්නෙ එදා ඉඳන් අද වෙනකම් මේච්චර කාලයක් අපි ආවේ මේ ඔබගෙන් ලැබූ ධෛර්යය නිසාමයි. ඒ දුන්න දිරිමත් කිරීම ඉදිරියටත් ඔබ සැමගෙන් අප සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. එහෙනම් කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

කතාව ගැන කෙටියෙන්ම කිව්වොත් ඔයාලට මතක නම් සුපිරි ජැක් රයන් කතා මාලාව දුන්න ඇමසොන් ප්‍රයිම් එකේම කතා මාලාවක් තමා මේකත්. ජෝර්ජියා වෙල්ස් කියන්නෙ අවුරුදු 3 කට කලින් කොංගොවේ වෙච්ච ගුවන් යානා අනතුරක් නිසා මියගිය තම සැමියාගේ වියෝ වේදනාවෙන් තැවෙමින්, වේල්සයේ ජන ශූන්‍ය ප්‍රදේශයකට වෙලා හුදකලාව ජීවත් වෙන වැන්දඹුවක්. ඇය හිටපු හමුදා සෙබලියක්. හැබැයි හදිසි අනතුරක් නිසා රෝහලට යන ඇය දකින ප්‍රවෘත්ති විකාශයක එක් දර්ශනයක ඇය තම මියගිය සැමියා වගේ කෙනෙක්ව දකිනවා. ඇය ඔහු ජීවත් වන බව තරයේ අදහමින්, මේ වියවුල ලිහා ගන්න අදිටන් කරගන්නවා. හැබැයි ඒ වියවුල ලෙහෙන හැටි බලන අපිව තවත් ඒ වියවුල මැදටම ඇදගෙන ගිහින් අත අරිනවා.

සුරූපී නිළි Kate Beckinsale හා GOT කතා මාලාවේ ටයිවින් ලැනිස්ටර්ට පණ පෙව්ව Charles Dance ඇතුළු නළු නිළි කැලකින් සමන්විත මේ කොටස් අට බලලා මේ වියවුල ලිහාගන්න බලන්න එහෙනම්. එහෙනම් ඊළඟ කොටස අරන් විමා ඒවී. එතකම් සමුගන්නම්. ජය වේවා! චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.

3,351 downloadsDownload 201903060419baiscopelk.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

3,351 downloadsDownload Subtitles84 KB

20 comments

  1. Praneeth priyadarshana

    රොයිලි කාලෙකින් මගේ උණුසුම් සුභ පැතුම් බයිස්කෝප් king ලට ජයවේවා.....

  2. madusanka

    ඔයාලට හැමදාමත් ජයෙන් ජයම වේවා මෙ කරන සේවයට...***

  3. Ramraj

    රොයිලි ඉතිං කොහොමද? බයිස්කෝප් අඩවියට වසර 10 ක් පිරීම නිමින්තෙන් මාගේ සුභ පැතුම්. මාත් අවුරුදු 10 ක් මේකත් එක්ක සිටියා. මුල් කාලයේ නම් නිතරම ආවා. කමෙන්ට් කලා. දැන්නම් කමෙන්ටියක් දාන්න වෙලාවක් නෑ. නමුත් මම සබ් ඩවුන් ලෝඩ් කරන් යනවා. ඒකට ඇත්තටම මම ලැජ්ජා වෙනවා. නමුත් හැකි සෑම විටම මම කමෙන්ටියක් දානවා. ඒ වගේම නිතරම ඔයාලත් එක්ක ඉන්නවා. රොයිලි තාමත් ඉන්න එක ගැන හා සිංහල සබ් ආරම්භකවයා විදියට හරිම සතුටුයි.

  4. daypal

    Thnks

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  6. dsdkavishka

    Thenks for sub bro

  7. charith87

    roily oya athulu team ekata suba pathum. GOT apu gaman oya ey yuthukama karanakam balan innawa

  8. Kulanjana Maduranga

    niyamai..good work...subta thanks baiscopelk team...jaya wewa

  9. harshahjk

    රොයිලි මචෝ ඉතින් කෝමැයි උපන් දියන දවසෙම ආවා එහෙනමි. මම නම් බලාපොරොත්තු උනේ GOT එකන් හමු වෙයි කියලා ඊට කලින්ම ආවාට බොහෝම ස්තූතියි සබ අරගන්නවා ජයවේවා

  10. Pradeepkumara

    Thanx saho

  11. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!!!!!!!

  12. Ayesh Prashan

    Thank You

  13. indika75

    thanks..

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    බයිස්කෝප් අඩවියට 10 වසරක් සපිරීම නිමිත්තෙන් මාගේ සුභ පැතුම්....
    ජය

  15. Pramukmili

    thanxxx Roil aiya.......i

  16. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  17. priyan99

    thanks bro sub ekata

  18. suranuwan

    thanks bro...

  19. Kanchaka

    Thanks bro

  20. sunanda shanth

    thanks