Watch Trailer

The Crossing (2018) [S01 : E02] Sinhala Subtitles | සත්‍ය කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් පවුලේ දසවැනි සංවත්සරය වෙනුවෙන් සාඩම්බරයෙන් ඉදිරිපත් කරපු තවත් සුපිරිම සිරීස් එකකට මටත් සහභාගි වෙන්න පුළුවන් වුනා. කවදවත් අපි දෙන්නේ හොදම දේවල් කියලා හැමෝම දන්නවනේ. පලවෙනි කොටස බලපු අයට නම් මේ සිරීස් එක අල්ලලා යන්න ඇති නිසැකවම. හුගක් අය ආසාවෙන් බලාගෙන ඉන්න ජාතියේ තේමාවක් රැ…

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් පවුලේ දසවැනි සංවත්සරය වෙනුවෙන් සාඩම්බරයෙන් ඉදිරිපත් කරපු තවත් සුපිරිම සිරීස් එකකට මටත් සහභාගි වෙන්න පුළුවන් වුනා. කවදවත් අපි දෙන්නේ හොදම දේවල් කියලා හැමෝම දන්නවනේ. පලවෙනි කොටස බලපු අයට නම් මේ සිරීස් එක අල්ලලා යන්න ඇති නිසැකවම. හුගක් අය ආසාවෙන් බලාගෙන ඉන්න ජාතියේ තේමාවක් රැගත් කතා මාලාවක්. වැඩිය කොටසුත් නෑ නේ එක සීසන් එකයි කොටස් එකලොහයි. එක හුස්මට බලන්න පුළුවන්. වැඩි කතා ඕන නෑ බලමු සුපුරුදු විදිහට කලින් කොටස ගැන.

පසුගිය කොටසින්…

කතාව පටන් ගත්තේ නගරයේ ෂෙරිෆ් ජූඩ් සහ එයාගේ සහයකයා නෙස්ටර් මුහුදට ගහගෙන ආපු මනුස්සයෙක් දැක්ක තැනින්. ඊට පස්සේ ඔවුන් දැක්කා ඒ ගහගෙන ඇවිල්ලා තියෙන්නේ එක මිනිහෙක් නෙමෙයි මිනිස්සු සිය ගානක් කියලා. ඒ අතරෙ ඉදපු පුංචි කෙල්ලෙක්ව ඔවුන් මුලින් බේරගන්නවා. ඊට පස්සේ තමයි ඉහලින් උදව් අරගෙන ෂෙරිෆ් ඇතුලු පිරිස මුහුදේ පාවි පාවි හිටපු මිනිස්සු අතරින් 47 දෙනෙක්ගේ පණ බේරගන්න පුළුවන් වෙන්නේ. මේ ගැන පරීක්ෂණය කරන්න ඉහලින් කට්ටියව එවලා නිසා ෂෙරිෆ්ට එයාගේ වැඩ කටයුතු කරගෙන යන්න වෙන්නේ නෑ. ඒ දිවි බේරගත්ත මිනිස්සු ගැන පරීක්ෂන කරන වැඩකටයුතු වලින් ෂෙරිෆ් ජූඩ්ව අයින් කරලා ඒ ගැන ඉහලින් පරීක්ෂන කරන්න පටන් ගත්තා. ඒ අනුව පරීක්ෂන කරද්දි ඒ මිනිස්සු ඔක්කමලා කිව්වේ යුද්ධයක් ගැන. පොඩි කෙල්ල පවා කිව්වේ එයාලා යුද්ධයෙන් බේරෙන්න පැනලා යනවා කියලා. ඒපෙක්ස් කියලා දෙයකින් තමා මේ ඔක්කම කරන්නේ කියලා තමයි එයාල කියන්නේ. ඒත් එයාලා කියන මේ දේවල් තේරුම් ගන්න බැරුව ඉන්නකොට තමයි පොඩි කෙල්ලගේ අම්මා වෙනම මුහුදක මාළු අල්ලන කට්ටියකට හම්බුවෙන්නේ. එතනින් ඊට පස්සේ ඒ ගෑනු කෙනා එයාගේ දුවව හොයාගන්න ෂෙරිෆ් ජූඩ්ව කොහොමහරි ඇපයට තියාගෙන මළසිරුරු තියෙන තැනට යනවා එතනදි ඒ ගෑණු කෙනාට පහර දෙන්න හදන ආරක්ෂකයන්ගෙන් බේරිලා මේ ගෑණු කෙනා බේරෙන විදිහ දකින්න ඇතිනෙ. එතකොට අර දිවි බේරගත්ත මිනිස්සුන්ව වෙන තැනකට අරගෙන යනවා ආරක්ෂාව වෙනුවෙන්. ඒ අතරේ අර දිවි බේරගත්ත මිනිස්සු කිහිපදෙනා අතරින් එක්කෙනෙක් මේ ගැන පරීක්ෂන කරන පරීක්ෂකවරියට ගිහින් කියනවා එයාට ඉහල බලධාරියෙක්ව හම්බුවෙන්න ඕන කියලා, ඒ මොකද කියලා ඇහුවම ඔහු කිව්වේ මෙහාට මුලින්ම ආවේ අපි නෙමෙයි කියලා, ඊට පස්සේ ඒ මනුස්සයාව පරීක්ෂකවරියගේ ඉහල නිලධාරියා ගාවට එක්කගෙන ගියාම වෙච්ච දෙයින් තමා කලින් කොටස අවසන් වුනේ.

අද කොටසින්…

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් මේ ඒපෙක්ස් කියන දේ මොකද්ද කියලා පොඩි ඉගි කිහිපයක්. ඒ වගේම වෛරසයක් ගැනත් අද කියවෙනවා. ඒ වගේම අර පුංචි කෙල්ල ඇත්තටම කවුද කියලත් බලාගන්න පුළුවන්. අර ගෑණු කෙනා මොනවා කරයිද කියලා බලන්නකෝ එහෙනම් තමන්ගේ දුවව හොයාගන්න. ඒ අතරේ ෂෙරිෆ් ජූඩ් කරන්නේ මොනාද කියලත් ඔයාලම බලන්නකෝ.

එහෙනම් ඊළග කොටසින් ආපහු හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ජය වේවා…!!

 

 

 


 

     

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,667 downloadsDownload The.Crossing.S01E02.Baiscopelk.com_.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

1,667 downloadsDownload Subtitles24 KB

15 comments

  1. lucifer

    aluth epiya enakan hitiye tnx bro

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata ...

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  4. zeal

    Ela Ela... Hama dama mehema denna pluwannam Supiri neda.. Jaya wewa Baiscope

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Pradeepkumara

    Thanx saho

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Udara Damith Dissanayaka

    rfffffffffffffffffffforid aw eqb hF21S32Z6G1

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Ayesh Prashan

    Thank You

  12. suranuwan

    thanks...

  13. sineth devapriya

    Thanq bro

  14. rkkasun

    thanx

  15. Anonymous

    thanks