Watch Trailer

The Widow [S1:E08] Sinhala Subtitle | අපරාධයට සාධාරණයක්! [සිංහල උපසිරැසි සමඟ]

මාර්තු 10 කියන්නේ බයිස්කෝප් අපිට ගොඩක් වැදගත් දවසක්. ඉතින් ඒ මොකද්ද කියල ඔයාල හැමෝම උදේ ඉඳන් දන්නවා. ඉතින් අපේ 10 වෙනි උපන්දිනේට උදේ ඉඳන් ඔයාලට දුන්නු ටීවී කතා මලා දෙකෙන් එකක් මේ සමගින් අවසන් කරන්නයි මේ සූදානම. අපේ විස්තර උදේ ඉඳන් අහන්න ලැබුනු නිසා මම කෙලින්ම අදාළ කාරණයට එන්නම්. කලින් කොටස බලපු ඔයා…

මාර්තු 10 කියන්නේ බයිස්කෝප් අපිට ගොඩක් වැදගත් දවසක්. ඉතින් ඒ මොකද්ද කියල ඔයාල හැමෝම උදේ ඉඳන් දන්නවා. ඉතින් අපේ 10 වෙනි උපන්දිනේට උදේ ඉඳන් ඔයාලට දුන්නු ටීවී කතා මලා දෙකෙන් එකක් මේ සමගින් අවසන් කරන්නයි මේ සූදානම. අපේ විස්තර උදේ ඉඳන් අහන්න ලැබුනු නිසා මම කෙලින්ම අදාළ කාරණයට එන්නම්. 

කලින් කොටස බලපු ඔයාල දකින්න ඇති සිදුවූ දේවල් මොනවද කියල. ජෝර්ජියා මෙච්චර කලක් විශ්වාස කරපු තමන්ගේ ජිවිතේ පරදුවට තියපු තමන්ගේ ආදරේ කියල හිතපු කෙනා තමන්ට කරලා තියෙන බොරුව ඇය අතටම අල්ලගන්නවා. ඒ වගේම මේ චරිත එකකට එකක් පුදුම විදිහට සම්බන්ධ උනා. හැමෝම ලෝකෙට පේන්න සුදු චරිත උනාට ඇතුලෙන් ගොඩක් කළු චරිත බව ජෝර්ජියා හොයාගත්තා. ඒ එක්කම අඩිජා ගෙදරින් අතුරුදහන් වෙලා ඉඳල නැවත තමන් කල වරද පිළිඅරගෙන ගෙදරට එනවා. නමුත් ඇයට මුණ ගැහෙන්නේ ජෝර්ජියා වෙනුවට වෙන කෙනෙක්. ඒ තමයි ජූඩිත්. මෙච්චර කලක් මියගියා කියල හිතපු කෙනා නැවත ගෙදර ඇවිත්. ඒ වගේම  අසිකාවේ අල්ලගන්න කියල හිතාගෙන මාර්ටින් ඒරියල් සමග කොංගෝ වලට ආවත් ඔහුට සිද්ධ උනා තමන්ගේ ජිවිතේ ඒ වෙනුවෙන් පූජා කරන්න. ඒ වගේම ඒරියල්ගේ මිනීමරුවා උන කෙනත් වෙනම ව්‍යාපාරයක් ගෙනගිය කෙනෙක්.  හැමෝම හැමෝටම හොරෙන් තමන්ගේ න්‍යාය පත්‍රවල වැඩ කරනකොට ජෝර්ජියා තමන් ආව කාරනේ ඉෂ්ඨ කරගෙන නැවත රට බලා පිටත් වෙන්නයි මේ කොටසින් සූදානම් වෙන්නේ. එත් ඇය ආපහු කාරණාව වගේම ඇයගේ ගමනෙන් යමක් සිද්ධ උනාද කියන කාරනේ ඇයට තවමත් හිතට වදදෙනවා. 

එහෙනම් මේ කොටස බාරයි ජෝර්ජියා තමන් ආව අරමුණ ඇත්තටම ඉෂ්ඨ කරගත්තද කියල බලන්න. ඒ වෙනුවෙන් ඇය මොනවගේ පියවරක් අරගනිවිද? අඩීජාට ජූඩිත් මොනවා කරයිද? මේ තමයි මේ කොටසේ ප්‍රශ්නාර්ථ. එහෙනම් නැවත උපසිරසකින් මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්! 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.

2,099 downloadsDownload The.Widow_.S01E08.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,099 downloadsDownload Subtitles21 KB

18 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  2. harshahjk

    බොහෝම ස්තූතියි හසන්ත අද 10 වෙනි උපන් දිනය දවසේ අමුතු වැඩක් කලේ ඒක ඉතාම ඉහලින් අගය කරනවා සබ අරගත්තා ජයවේවා

  3. darshana100

    tank uuuuuu saho budusaranai jaya wewa +++++++++++++=============
    budusaranai

  4. indika75

    thanks..

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sam1973

    thank you for sub

  8. Kulanjana Maduranga

    subata thanks

  9. Ayesh Prashan

    Thank You

  10. kodagoda

    tnx sahoo ituruwat demu

  11. Pradeepkumara

    thanx saho

  12. Pramukmili

    thanxxxx bro........

  13. suranuwan

    thank you..

  14. Kanchaka

    Thanks bro

  15. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  16. sanuj

    බොහෝම ස්තූතියි...

  17. ishan

    කතාව වෙනුවෙන් වෙහස මහන්සි වූ සියළු දෙනාටම බොහොම පිං

  18. Dineth_Kanishka

    උපසිරස දුන්නට ස්තූතියි.