Watch Trailer

The World Wars [E01] | යුද්ධයේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

“ඉතිහාසය ඔවුන්ගේ නාමයන් දැනගැනීම පෙර, ඔවුන් සටන් කලේ තම රට වෙනුවෙන්. පළමු ලෝක යුද්ධයෙදී : ලෝකය ඔවුන්ව වෙනස් කළා. දෙවන ලෝක යුද්ධයේදී : ඔවුන් ලෝකය වෙනස් කළා.” ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් කරමින් ලෝකයම මහත් විපතකට ඇද දැමූ කාලයක් ඇත්නම් අපි දන්නා තරමින්, ඒ පළමු හා දෙවන ලෝක යුද්ධ සමයයි. 1914 සිට 1945 දක්…

The World Wars epi 1

“ඉතිහාසය ඔවුන්ගේ නාමයන් දැනගැනීම පෙර, ඔවුන් සටන් කලේ තම රට වෙනුවෙන්.
පළමු ලෝක යුද්ධයෙදී : ලෝකය ඔවුන්ව වෙනස් කළා. දෙවන ලෝක යුද්ධයේදී : ඔවුන් ලෝකය වෙනස් කළා.”

ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් කරමින් ලෝකයම මහත් විපතකට ඇද දැමූ කාලයක් ඇත්නම් අපි දන්නා තරමින්, ඒ පළමු හා දෙවන ලෝක යුද්ධ සමයයි. 1914 සිට 1945 දක්වා වසර 30 කට අධික කාලයක් පුරා යුරෝපය මුල් කරගත් ලෝකය මුහුණදුන් ඒ ඛේදජනක සිදුවීම් මාලාව වාර්තා චිත්‍රපටයක් ලෙසින් මෙලෙස ලොවට ඉදිරිපත් කරන්නේ History නාලිකාවයි. කොටස් තුනකින් සමන්විත මේ කෙටි රූපවාහිනී කතා මාලවේ පළමු කොටස අද සිංහල උපසිරසි සහිතව මේ විදියට ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ හසන්ත වික්‍රමරත්න සහෝගේ ආරාධනාවකට අනුවයි. පළමු ලෝක යුද්ධය ආරම්භ වී වසර 100 සපිරීම නිමිත්තෙන් History නාලිකාව මෙම කතා මාලාව විකාශය කරන්නේ 2014 මැයි 26 වන දින. කතා මාලාවේ සාරාංශය කෙටියෙන් මෙසේ ගොනු කරන්නම්.

History නාලිකාවට අනුව, මෙම වාර්තා චිත්‍රපටයෙන් ගෙනහැර දක්වනවා මානව ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ අවුරුදු 30 ක එකී කාල සීමාව. ඊට අන්තර්ගත වෙනවා පැවති ලෝක යුද්ධයන් දෙකම සහ ඒ ලෝක යුද්ධයන් දෙක අතර කාල පරිච්ඡේදය (1914 සිට 1945 දක්වා) තුළ වූ වැදගත් සිදුවීම් සැකෙවින්. කතා මාලාව, ප්‍රවේශය ලබාගන්නේ දෙවන ලෝක යුද්ධය මෙහෙය වූ වැදගත් චරිත කීපයකගේ පෞර්ෂ්‍යත්ව පසුබිම් පාදක කොට ගනිමින්. ඔවුන් නම් ඇඩොල්ෆ් හිට්ලර්, ජෝර්ජ් එස්. පැට්න්, ජෝසෆ් ස්ටාලින්, වින්ස්ටන්ට් චර්චිල් සහ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්. පළමු ලෝක යුද්ධයේදී ඔවුන් ලැබූ අත්දැකීම් තුළින් දෙවන ලෝක යුද්ධයේ හැඩය වෙනස් කරන්නට සමත් වන ආකාරය මනාවට පැහැදිලි කරනවා. මම ලිපිය ආරම්භයට යොදාගත් පාඨය අදාල වන්නේ මෙකී නායකයින්ටයි.

මෙම වාර්තා චිත්‍රපටය තුළ කැටිවන සිදුවීම් මාලාවන් පැහැදිලි කරන්නේ, එක්සත් ජනපද සෙනෙට් සභික John McCain, එක්සත් ජනපද හිටපු ජෙනරාල් සහ රාජ්‍ය ලේකම් Colin Powell, හිටපු බ්‍රිතාන්‍යය අගමැති John Major, හිටපු ඉතාලි අගමැති Mario Monti, හිටපු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Leon Panetta ඇතුලු තවත් විචාරකයින් කීප දෙනෙක් විසින්. කතා විස්තරය ඉදිරිපත් කරන්නේ (Narrator), Jeremy Renner. එලෙසම මේ කතා මාලාව පටිගත කල පණිවිඩයක් මඟින් ආරම්භයේදී හඳුන්වාදෙන්නේ වර්තමාන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති, Barack Obama විසින්.

මේ විශිෂ්ට වාර්තා චිත්‍රපටය History නාලිකාව වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ, The Men Who Built America නම් කෙටි රූපවාහිනී කතා මාලාව වෙනුවෙන් Emmy සම්මාන දිනූ Stephen David Entertainment නිෂ්පාදන ආයතනයයි. ලබාගෙන ඇති IMDb අගය 7.9 ක්. මෙහි ප්‍රධාන චරිත සඳහා රංගන ශිල්පීන් දෙදෙනා බැගින් දායක වී ඇති අතර, පළමු ලෝක යුද්ධයේ තරුණ චරිතයත් දෙවන ලෝක යුද්ධයේ වයස්ගත චරිතයත් ඔවුන් අතින් නිරූපණය වේ.

වින්ස්ටන් චර්චිල් — Ian Beyts, තරුණ චර්චිල් — Tom Vickers
ඇඩොල්ෆ් හිට්ලර් — Hugh Scully, තරුණ හිට්ලර් — Maximilian Klas
බෙනීටො මුසොලිනී — Jonathan Hartman, තරුණ මුසොලිනී — Nabil Vinas
ජෝර්ජ් එස්. පැට්න් — Don Hartman, තරුණ පැට්න් — Matt Dearman
ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් — Dino Gigaliano, තරුණ රූස්වෙල්ට් — Kevin McKillip
ජෝසෆ් ස්ටාලින් — Joseph Barbarino, තරුණ ස්ටාලින් — Jacopo Rampini
හිඩෙකි ටෝජෝ — Isao Ota, තරුණ ටෝජෝ — Koji Oshashi
හැරී එස්. ට්‍රමන් — David Mitchum Brown
ව්ලැඩිමියර් ලෙනින් — C. Conrad Cady
වූඩ්රෝ විල්සන්—Judd Bankert

මෙය ලොව සිදු වූ ප්‍රබලතම සත්‍ය සිදුවීමක් නැවත ගෙන හැර දැක්වීමක් නිසා මට උපසිරසි ගැන්වීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් එය කරන්නට සිදුවුනා. ඒ සඳහා හිතුවාට වඩා වැඩි කාලයක් වැය කරමින්. ඔයාලගෙන් ඉල්ලන්නේ මේ අගනා නිර්මාණය නරඹන්න. අපි ප්‍රබන්ධ චිත්‍රපටයක් හෝ රූපවාහිනී කතා මාලාවක් නරඹලා ලබාගන්න තෘප්තියට වඩා වැඩි දෙයක්, වැඩි දැනුමක් අනිවාර්යෙන්ම ඔයාලට ලබාගන්න පුළුවන් බව මට සහතිකයි. ඒ වගේම තමයි මේ කතා මාලාව තෝරාගැනීම සම්බන්ධව ස්තූතිය තනිකරම හිමි විය යුත්තේ බයිස්කෝප් කාර්ය මණ්ඩලයේ හසන්ත වික්‍රමරත්න සහෝදරයාට. මම කලේ උපසිරැසි ගැන්වීම පමණයි. මේ වගේ වටිනා නිර්මාණ ඔයාලා වෙනුවෙන් අරන් එන්න සැලැස්වීම ගැන අපේ ස්තූතිය අනිවාර්යෙන්ම ඔහුට හිමි විය යුතුයි. මෙහි දෙවන කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු. ජයම වේවා…!

“One must regard these 30 years of strife in Europe as part of one story…one story of a 30 years’ war.”
– Winston Churchill

The World Wars (2014) on IMDb

 

 

420 MB කොපිය මෙතනින් බාගන්න

2c9aef822a93bc882775b58a2b1b5f96c1d74689

1.7 GB කොපිය මෙතනින් බාගන්න

3706af79412a7724a85ee79887f41dbe5049feae ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,713 downloadsDownload The.World_.Wars_.E01.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,713 downloadsDownload Subtitles91 KB

51 comments

  1. Anjana Ishan Krishaja

    මෙන්න බඩු.. නියමයි.. උපසිරසියට තුති

    1. gunasekara

      niyami ..godak istuti...

  2. Thisara Buddhika (තිසර නියෝ)

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ වටිනා නිර්මාණයකට උපසිරසි ලබා දුන්නට.
    අනිවාර්යෙන්ම මේක බලනවාමයි......
    ස්තූතියි
    ජයවේවා

  3. poppy

    documentry ekak newei neda...?

  4. නලින්

    නියමයි යශෝධ සහෝ.. කියන්න වචන නැති වටිනා නිර්මාණයක්.

    හසන්ත අයියා වගේම ඔයාටත් නැවතත් ස්තුතියි!

    ජය වේවා!

  5. Hansa

    බොහොම ස්තුතී මෙ වගේ වෙනස් මාදිලියක කාතාවක් ගේනවට
    එ වගෙම මෙක අති විශිස්ටයි.
    ඔබට ජය වේවා.

  6. Shan Vimukthi

    මැසේජ් එක අපු ගමන් මම හිතුවේ වැඩේට බැහැලා තියෙන්නේ රොයිලියා එහෙම නැත්තම් පුබුදුවා කියලා
    බැලින්නම් අපේ යශෝධ මලය නොවැ
    අනේ අප්පේ බොලත් දැන් ලෝක යුධ කතා දෙන්න අරන්
    අනිවා බානවා කොලුවෝ
    සබට බොහොම ස්තුතියි! :)

  7. max

    තාම download කලේත් නැ එත් මන් දන්නවා මේකනම් සුපිරි කියල.. තැන්ක්ස් මචං මේ වගේ වෙනස් දේවල් වලට sub දෙනවට.. මේක වටිනා එකාට කියන්න බේරී තරම් වටිනවා..

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරියි යශෝධ සහෝ..සුපිරිම සුපිරියි..
    මමත් හෙනම ආසයි ඉතිහාස කතා වලට..
    අනිවාර්යෙන්ම මේකනම් විශිෂ්ට ගනයේ වැඩක් ඔයා අපිට සිංහලත් එක්ක මේක අරං ආපු එක,
    නැත්නම් අපි ලොවෙත් මේ වගේ එව්වා බලන්න හිතන්නේ නැහැ..
    ජය වේවා..
    බොහොම ස්තුතියි.

  9. සුළැඟිල්ලා

    හිස්ට්‍රි එකේ එකක් නිසා හොද තත්වෙක තියෙයි.. බලමු බාලම. :D

  10. අසෙල්

    Niyamai saho

  11. ඉෂාර වෙත්තසිංහ

    Great work සහෝ............
    මම මේක අනිවාර්යෙන්ම බලනවා...........
    මේ වගේ හොඳ කථා සබ් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා මම හොඳට දන්නවා............
    තවත් ඉදිරියට මෙවැනි හොඳ දේවල් ගෙන ඒමට ශක්තිය දිරිය පතනවා...........
    ඔබට ජය.....................

  12. කේ.යූ.ජී. උදාර

    නියමයි සහෝ.... බොහොම වටින වැඩක්.
    සිංහල සබට බොහොම ස්තූතියි.............

  13. sarath

    thanks yasoda.

  14. ...

    thanks

  15. dimuth

    නියම කතාවක් වගේ පෙන විදියට ...බොහොම ස්තුතියි සහෝ මේකට නම්...

  16. jayanandana

    නියම කතාවක්නෙ ඔයාල අපිට මේ පාර දීල තියෙන්නෙ, ගොඩක් ස්තුතියි,

  17. chamath

    thanx bro

  18. රොයිලි

    මම අත අරින්නෙම නැති ජාතියේ කතාවක් නේ මේ. හසන්තයව අල්ලගන්න ඕනා මට නොකීවේ මොකද කියලා අහන්න. :( කමක් නෑ ඔයත් මේවට කැමැත්ත දක්වනවා ඇති නොවැ. එහෙනම් අනිවා බෑමක් තමා. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. යශෝධ

      කැමතියි කැමතියි, හැබැයි වැඩිපුර කැමති ඔයා මේකට සබ් දාලා මට බලන්න තිබ්බා නම් තමා. එලස්ස්ස්.... :-D

  19. Dulitha

    mama 2 war movies balanne pissuwen wage. mama 2 war movies hoya hoyaa balane. thank u so much machaan mewage tv series ekak genawata.

  20. හසන්ත

    නියමයි යශෝධ මල්ලි. දැන් දෙයියනේ කියලා කතා තුනම බලන්න පුළුවන්. රොයිලිට අර කිව්වා වගේ කියන්න බැරි උනා. දැන් නිදහසට කාරණාවක් හොයාගන්න වෙනවා :P ආයෙත් සැරයක් ස්තුතියි කියපු සැනින් බාරගෙන ඒ වගේම වෙලාවට වැඩේ කරලා දුන්නට. ජය වේවා !!!

  21. harsha

    නියමයි සහෝ කියන්න වචන නෑ. ඔන්න ගත්ත එහෙනම් බොක්කෙන්ම ස්තූතියි

  22. shani

    තෑන්ක්ස් සිංහල සබ් එකට.
    මමත් මේ වගේ වාර්තා වැඩසටහන් අතහරින්නේ නෑ.

  23. Gimantha

    niyamai sho... deyak ganta puluwan me wage programs digatama denta.sub 1ta tnks.

  24. dedunu

    නියමයි සහෝ…. බොහොම වටින වැඩක්.

  25. mudiya / මුදියා

    අඩේ කොටස් තුනයිනෙ.
    අනිව බලනව එහෙනම්.
    නියමයි යශෝධයා.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  26. shashi

    Thanks, නියමයි

  27. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  28. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ සහෝ..
    ඔබට ජය………

  29. Tharindu Perera

    niyama vadak macahnn.....
    thanks me vagee vatina nirmana valata upasirasi karanavataa...
    meka bagena thiyagena velavak thibba gaman balanavaa...

  30. Sajith

    supiriy machan,digatama karagena yanna,

  31. “චූටී මල්ලි”

    එල
    නියම කතා මාලාවක් වගෙ
    සබට තුති
    ඔබට ජය...........

  32. Randika Pathiranage

    නියමයි සහෝදරයා.... අනිත් දෙකත් ඉක්මනටම ඕන.

  33. SUBHA

    බොහොම ස්තුතියි.. මම කැමතිම වර්ගයේ එකක්..බලන ගමන් ආයෙත් ආවේ ස්තුති කරන්නමයි.

  34. Dulitha

    මම ඉහලිනුත් බලන්න කලින් කමෙන්ට් කලා. ඔයා ඉතාමත් හොදට සබ් එක හදල තියෙනව.සබ් එකේ "විස්තර කරන්නා" කියන එක නොදා විශේෂ පුද්ගලයන් කියන පේලි වෙනත් වර්නයකින් දැම්මනම් මම හිතන්නෙ තවත් ලස්සන වෙයි.(විස්තර කරන්නා කියන එක හැමතැනම වැටුනාම සබ් කියවනකොට ටිකක් කරදරයි වගේ) ඔයාට ගොඩක් ස්තුතියි මහන්සිවෙලා සබ් හදල දුන්නට. අනිත් කොටසත් ඉක්මනට දෙන්න සහෝ........ජය වේවා...!!!!

    1. යශෝධ

      අනිවා සහෝ.. මටත් ඒක තේරුණා.. ඒ නිසාම ඉදිරි කොටස් දෙකේ මම "විස්තර කරන්නා" කියන එක අයින් කරලයි තියෙන්නේ. මටත් හිතුනා ඒක ගැලපෙන්නේ නැහැයි කියලා. බොහෝම ස්තූතියි අදහසට. ජයම වේවා.... එලස්ස්ස්.......

  35. Nishshanka Ruwan

    ස්තුතියි :)

  36. shali sampath

    bro "THE LAST SHIP" tv series ekta sinhala sub denakooo. pattama ekak thma s01 e01 yanne

  37. dinidu madushanka

    ela ela saho jaya wewa

  38. Shan

    Godak sthuthi Bro
    Gud Luk!!!!!!!!!!!!

  39. nuwan

    thank you very much...........!

  40. Amil

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ වටිනා නිර්මාණයකට උපසිරසි ලබා දුන්නට.

  41. Nishshanka Ruwan

    ස්තූතියි :)

  42. Chamika

    නියමයි සහෝදරයා.... බොහොම ස්තූතියි සබ් දුන්නට.....

  43. anuska

    niyamayi saho....thanks...........

  44. bryan

    thanks for the sub

  45. Mithudam

    Mama hamootama aaradana karanava meke part 3 ma balanna kiyala. Sub deepu okkotama godak thanks

  46. වරුණ නිරෝෂණ

    වටිනා වැඩක් සහෝ... බොහෝම ස්තුතියි

  47. samee1986

    ගොඩක් ස්තුති සබ් එකට. මේ වගේ සත්‍ය සිදුවීම් වලට තව සබ් කරන්න . ජයවේවා

  48. Eranda

    Thanks