Watch Trailer

The Worst of Evil [S01 : E05] Sinhala Subtitles | ද්‍රෝහියා කවුද? [සිංහල උපසිරසි]

සුබ දවසක් බයිස්කෝප්වාසී හිතවතුනි!! ඔන්න ඉතින් කාලෙකට පස්සෙ කොරියානු කතාමාලාවකට උපසිරැසියක් අරගෙන ඔබ හමුවට ආවා. මුලින්ම මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත ඔලිව සහෝවත් මතක් කරලා ඉන්න ඕන. Moving කතා මාලාවෙන් පස්සෙ Disney + අත ඇරපු කොරියානු බෝම්බය තමා The Worst of Evil කියන්නෙ. 90 දශකයෙදි ගන්ග්නම් කේන්ද්‍ර කර…

සුබ දවසක් බයිස්කෝප්වාසී හිතවතුනි!! ඔන්න ඉතින් කාලෙකට පස්සෙ කොරියානු කතාමාලාවකට උපසිරැසියක් අරගෙන ඔබ හමුවට ආවා. මුලින්ම මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත ඔලිව සහෝවත් මතක් කරලා ඉන්න ඕන. Moving කතා මාලාවෙන් පස්සෙ Disney + අත ඇරපු කොරියානු බෝම්බය තමා The Worst of Evil කියන්නෙ.

90 දශකයෙදි ගන්ග්නම් කේන්ද්‍ර කරගෙන ජපානය සහ චීනයට මත්ද්‍රව්‍ය බෙදාහරින ජන්ග් ගිචුල් විසින් ආරම්භ කරපු කරන කල්ලිය නීතිය ඉදිරියට ගේන්න පාර්ක් ජුන්මෝ නම් පොලිස් නිලධාරියා ඒ සංවිධානයට බැඳෙනවා..නමුත් ජුන්මෝ දිගින් දිගටම සංවිධානයේ සාමාජිකයන්ගෙ සැකයට ලක්වෙනවා.තත්වය තවත් දරුණු වුනාට පස්සෙ ජුන්මෝගෙ බිරිඳත් මේ විමර්ශනයට එකතු වෙනවා.හතරවන වන කොටස අවසන් වෙන්නෙ ජුන්මෝ සහ ගිචුල් යන කාර් එකට පිරිසක් රැකගෙන ඉඳලා පහරදෙන කොටසකින්.

පස්වන කොටස ආරම්භයෙදි මේ පිරිසත් එක්ක ජුන්මෝ සහ ගිචුල් සටන් කරනවා.නමුත් ජුන්මෝට බරපතල විදිහට තුවාල වෙනවා.වාසනාවට වගේ එතනට එන චීෆ් සියෝ ඔවුන්ව බේරගෙන එතනින් පලා යනවා.මේ සිද්දියෙන් පස්සෙ තමන්ගෙ ගිචුල් තමන්ගෙ කල්ලියේ ඉන්න ද්‍රෝහියා ගැන හොයන්න පටන් ගන්නවා.තමන් වෙනුවෙන් ජීවිතේ අනතුරේ දාගත්ත නිසා ගීචුල් ජුන්මෝව දැන් ගොඩක් විශ්වාස කරනවා. ගිචුල්ට ද්‍රෝහියව හොයාගන්න ලැබේවිද? ජුන්මොට විමර්ශනයේ ඉදිරියට යන්න ගිචුල්ගෙ විශ්වාසය කොයිතරම් උදව් වෙයිද?

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,452 downloadsDownload The.Worst_.of_.Evil_.-S01E05.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,452 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P