Watch Trailer

Loki [S02 : E01] Sinhala Subtitles | ඕරොබෝරස් [සිංහල උපසිරසි]

2019 කියන්නේ මාවල් විශ්වයට තීරණාත්මක අවුරුද්දක්. ඒ අවුරුද්දේ තමයි මුළු හොලිවුඩයම හොල්ලමින් සහ MCU කියන නම හැම සුපිරිවීර රසිකයෙක්ගේ හිතේම නොමැකෙන සටහනක් බවට පත් කරමින් Avengers: Endgame කියන චිත්‍රපටය එළියට ආවෙ. ඉතින් ඒකෙන් පස්සේ මාවල් විශ්වය කොහෙට යනවද කියන එක තමයි හැමෝගෙම හිතේ තිබුණෙ. මේ අතරේ තමයි…

2019 කියන්නේ මාවල් විශ්වයට තීරණාත්මක අවුරුද්දක්. ඒ අවුරුද්දේ තමයි මුළු හොලිවුඩයම හොල්ලමින් සහ MCU කියන නම හැම සුපිරිවීර රසිකයෙක්ගේ හිතේම නොමැකෙන සටහනක් බවට පත් කරමින් Avengers: Endgame කියන චිත්‍රපටය එළියට ආවෙ. ඉතින් ඒකෙන් පස්සේ මාවල් විශ්වය කොහෙට යනවද කියන එක තමයි හැමෝගෙම හිතේ තිබුණෙ. මේ අතරේ තමයි 2019 දීම Kevin Fiege ප්‍රකාශ කරන්නේ MCU එකේ හතරවෙනි අදියරයේ කොටසක් හැටියට Marvel සහ Disney Plus එකමුතුවෙන් සීරීස් පෙළක් නිකුත් කරන බව.

ඉතින් 2021 ජනවාරි 15 වෙනිදා WandaVision සමඟින් මේ සීරීස් පෙළ පටන් ගන්නවා. එතැනින් පස්සේ අනුපිළිවෙළින් The Falcon and the Winter Soldier, Loki, Hawkeye, Moon Knight, Ms. Marvel, She-Hulk සහ Secret Invasion MCU series පවුලට එකතු වෙනවා. මේවගේ කොලිටිය ගැන ෆෑන්ස්ලගෙ තියෙන අදහස මොකක් වුණත්, මුළු ෆැන්ඩම් එකම බොහෝ විට එකඟ වෙන දෙයක් තමයි මේ සීරීස් අතරින් හොඳම එක Loki බව. මේ නිසාමදෝ වෙන එක සීරීස් එකකටවත් කරගන්න බැරි වුණු දෙයක් Loki කරලා තියෙනවා; ඒ තමයි දෙවෙනි කතා සමයක් ලබා ගැනීම. ඉතින් මේ උණු උණුවේම උපසිරසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ දෙවෙනි කතා සමයේ පළවෙනි කතාංගයටයි.

පසුගිය කතා සමයෙන්…

ඉතින් මම ආයෙමත් ලෝකි කියන්නේ කවුද, TVA එක කියන්නෙ කවුද කියාලා විස්තර කරන්න යන්නේ නෑ, මොකද අපේ ලෂේන් අයියා ඒකට නියම ලිපියක් පළමු කතා සමයේ පළමු කතාංගයේදී සපයලා තියෙන නිසා. ඒක මෙතැනින් කියවලා බලන්නකෝ. කොහොම නමුත් පළමු කතා සමයේ අවසානය ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්.

ලෝකිව සහ සිල්විව පෲන් කළාට පස්සේ ඒ දෙන්නා අලායත්ව මෙල්ල කරලා “ඉතිරිව හුන් ඔහු” හෙවත් Kang the Conqueror ගේ මාළිහාවට යන විදිය අවසන් කතාංගයේදී අපි දැක්ක. එතනදී අපට හෙළි වුණා මේ සේක්‍රඩ් ටයිම්ලයින් එක මල්ටිවර්ස් යුද්ධය ඉවර කරාට පස්සේ “ඉතිරිව හුන් ඔහු” විසින් හදපු එකක් බවත්, ඒක අතු බෙදී යන්න නොදෙන්න එයා TVA එක නිර්මාණය කළ බවත්. මොකද සේක්‍රඩ් ටයිම්ලයින් එක අතු බෙදිලා යනවා කියන්නේ තවත් මල්ටිවර්ස් යුද්ධයකට පාර කැපෙන බවයි. එතනදී කෑන්ග් ලෝකිට සහ සිල්විට යෝජනාවක් කරනවා; එක්කෝ TVA එකේ පාලකයන් විදියට ආපහු ගිහිල්ලා ටයිම්ලයින් එක බලාගන්න, නැත්නම් සිල්විට ඕන කරලා තියෙන විදියට කෑන්ග්ව මරලා එයාට වඩා නරක එයාගේ වෙනත් ස්වරූපවලට මුහුණ දෙන්න. සීසන් එක අවසාන වුණේ ලෝකි සහ සිල්වි අතර ඇති වුණු සටනින් සිල්වි දිනලා කෑන්ග්ව මරණයට පත් කරන තැනින්. අපි අන්තිමට දැක්කේ මෙච්චර කල් පරිස්සමට පවත්වගෙන ආව සේක්‍රඩ් ටයිම්වලින් එක ආපහු හරිගස්සන්න බැරි විදියට අතු බෙදිලා යන හැටියි.

ඒවගේම ලෝකි ආපහු ඇවිත් මෝබියස්ව හොයාගන්නකොට අපට පේනවා මෝබියස්ට ලෝකි ගැන කොහෙත්ම මතකයක් නැති බව. ඉතින් එතන වෙලා තියෙන්නෙ මොකක්ද? කවුරුහරි මෝබියස්ගේ සහ TVA එකේ අනිත් අයගේ මතකයන් මකලා දාලා ද? සේක්‍රඩ් ටයිම්වලින් එකට දැන් මොකක් වෙයිද?

අද කතාවෙන් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් වෙයි. ඒවගේම පූර්ව ප්‍රචාරක පටවලත් දැක්ක විදියට මේ සීසන් එකට “O.B.” හෙවත් ‘ඕරොබෝරස්’ නමින් අලුත් චරිතයක් හඳුන්වා දෙනවා. එයා නම් MCU fan-favourite කෙනෙක් වෙයි වගේ. එහෙනම් ඊළඟ සතියේ දෙවෙනි කතාංගයේ උපසිරසියෙන් හමුවෙමු. පීස් ✌️.

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

26,893 downloadsDownload Loki-S02-E01-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous Season

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

26,893 downloadsDownload Subtitles24 KB

15 comments

  1. Ravindra

    Thanks

  2. එල්. සී. ‎දමැල්

    වෙඩි වගේ ආ... කීප් ඉට් අප්...
    ‍ස්තුතියි සබ් එකට.

  3. kavi

    adoooo awa witharai supiri brooo thanksssss.....

  4. dasun

    thanks bn sub ekata

  5. Kasun Kalhara

    Thanks For Sub

  6. Nimesh

    Thanks Bro Sub ❤

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. THISANGA

    niymet sub ek thibb
    thnks mahansi unt

  9. Udara Damith

    එල කිවි

  10. Malitg

    koki s2 all subtitle

  11. Dewadithya

    Thanks for Sub!

  12. Sahan Gayantha

    thanks wewa saho sub ekata

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  14. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P