මාටින් බොහොම සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ කෙනෙක්. වෘත්තීය ජීවිතය ගත්තත් අභිචෝදකවරයෙක් විදියට ඔහු නමක් දිනන් හිටියා. දවසක් උදේ මාටින් නින්දෙන් ඇහැරිලා බලද්දී එයා හිටියේ හිර කූඩුවක, හිරකාර ඇඳුම ඇඳන්. මූණෙ තුවාලෙකුත් තියනවා. එතකොටම ස්කලියි, ඩොගට්නුයි ආවා. එයාව වෙනත් බන්ධනාගාරෙකට මාරු කරන්න එක්කන් යන්නල…

මාටින් බොහොම සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ කෙනෙක්. වෘත්තීය ජීවිතය ගත්තත් අභිචෝදකවරයෙක් විදියට ඔහු නමක් දිනන් හිටියා. දවසක් උදේ මාටින් නින්දෙන් ඇහැරිලා බලද්දී එයා හිටියේ හිර කූඩුවක, හිරකාර ඇඳුම ඇඳන්. මූණෙ තුවාලෙකුත් තියනවා. එතකොටම ස්කලියි, ඩොගට්නුයි ආවා. එයාව වෙනත් බන්ධනාගාරෙකට මාරු කරන්න එක්කන් යන්නලු හදන්නේ. චෝදනාව බිරිඳ ඝාතනය කිරීම! මාටින්ට පිස්සු හැදුනෙ නැති ටික විතරයි. එයාට මේ මොකුත් තේරුම් ගන්න බෑ. ඊයේ වෙනකල් හැමදේම හරියට වුනා. ඒත් අද මොකක්ද මේ වෙන්නේ? ඒ වෙලාවේ ඉඳන් මාටින් දවස දවස ආපස්සට ගියා. එහෙම යද්දී මාටින්ට තේරුම් ගියා එයා අපරාධෙ සිද්ධ වෙන දවසටම යනවා කියලා. එයා හරි. එයා එයාගේ බිරිඳගේ සැබෑ ඝාතකයා අල්ල ගත්තා. එයා කිව්ව කතාව තමයි එයා මාටින්ගෙ බිරිඳ මැරුවේ මාටින් තමන්ගෙ මල්ලිට කළ අසාධාරණේ පළිය ගන්න කියලයි. මාටින් අභිචෝදකවරයෙක්නේ. එයා සාක්ෂි යට ගහලා අහිංසක කෙනෙක්ව ජීවිතාන්තෙ දක්වා හිරේ යවලා. ඒ තමයි ඝාතකයාගෙ මල්ලි. අවාසනාවකට ඒ කෙනා හිරේදි දිවි නසා ගෙන. එතකොටයි මාටින්ට තේරුනේ මේ එයාට ලැබිලා තියෙන්නෙ එයාගෙ වැරදි හදාගන්න, එයාගෙ බිරිඳගේ ජීවිතේ බේරගන්න දෙවනි අවස්ථාවක් බව. එයා එයාගෙ වරද පාපොච්චාරණය කරා. ඒ වගේම බිරිඳවත් බේරගත්තා. ආපස්සට ගිය මාටින්ගේ වෙලාව ආයිත් ඉස්සරහට යන්න පටන් ගත්තා.
ඉතින් අද කතාංගය වෙන් වෙන්නේ ආගමික කල්ලියක් සම්බන්ධයෙන්. ආගමික කල්ලියක සාමාජිකයෝ සේරම එක මොහොතක එකම ක්‍රමේකින් මැරිලා, මේ ආගමික කල්ලිය ගැන සෝදිසියෙන් හිටපු FBI නියෝජිතයෝ දෙන්නෙකුත් ඒ විදියටම මැරිලා. කල්ලියේ නායකයා අතුරුදහන්. ඉතින් මේ විමර්ශනේ බර කරට ගන්න වෙන්නෙ ඩොගට්ටයි, ස්කිනර්ටයි. ඒ ඇයි කියලා බලන්නකෝ එහෙනම්.
ලිපිය : හෙළිලි හේමමාලි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,507 downloadsDownload X-Files-S08e07-426202121.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
6 comments
sachintha
Chandima
Ayemath. Thanks sub ekata. digatama dagana yannna.
Anonymous
elama sahoooo adarei
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Pramukmili
Thanxx bro...............
Shamal manojan
උපසිරැසියට උපසිරැසියට බොහොම ස්තූතියි
8, 9 සීසන් දෙකම දෙන්න.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි