බිලී අන්ඩර්වුඩ්.. අවුරුදු හතක දඟකාර කොලු පැංචෙක්. අවුරුදු දහයකට කලින් ළමා උද්‍යානෙකදි අතුරුදහන් වුනා. හැමෝම පුලුවන් තරම් බිලීව හෙව්වා. ඒත් එයාව හොයාගන්න බැරි වුනා. ඒත් ඊට අවුරුදු දහයකට පස්සේ එකපාරටම බිලී ආවා. හැබැයි අවුරුදු දාහතක කොලුවෙක් විදියට නෙවෙයි, අතුරුදහන් වෙද්දි හිටිය අවුරුදු හතේ පැංචා විදි…

බිලී අන්ඩර්වුඩ්.. අවුරුදු හතක දඟකාර කොලු පැංචෙක්. අවුරුදු දහයකට කලින් ළමා උද්‍යානෙකදි අතුරුදහන් වුනා. හැමෝම පුලුවන් තරම් බිලීව හෙව්වා. ඒත් එයාව හොයාගන්න බැරි වුනා. ඒත් ඊට අවුරුදු දහයකට පස්සේ එකපාරටම බිලී ආවා. හැබැයි අවුරුදු දාහතක කොලුවෙක් විදියට නෙවෙයි, අතුරුදහන් වෙද්දි හිටිය අවුරුදු හතේ පැංචා විදියටම. මේක අදහ ගන්න බැරි නිසාම එයාගෙ රුධිර සාම්පල, දත් හැමදේම පරීක්ෂා කරා. කිසිම වර්ධක ඌනතාවයක් නෑ, සම්පූර්ණයෙන් නිරෝගීයි. ඒ හිටියේ පරණ බිලීමයි. ස්කලීට නම් ඒක පුදුමයක් වුනේ නෑ, මොකද ඉහේ කෙස් ගානට එයා X ෆයිල්ස් දැකලා තියන නිසා. ඩොගට්ට නම් මේකට පිලිගන්න පුලුවන් පැහැදිලි කිරීමක් ඕනම වුනා. ඒ නිසා පිස්සෙක් වගේ මේ කේස් එක පස්සෙ පැන්නුවා. ඒ විදියට තමයි රොනී දිහාට සැකේ යොමු වුනේ. ඔය අතරේ බිලී අරුම පුදුම හැසිරීම් පෙන්නන්න ගත්තා. ඒවා කාටවත් අදහා ගන්න පුලුවන් දේවල් නෙවේ. කොහොමහරි අවසානේ බිලීගෙ මල්ලි, ජෝෂ්නුත් අතුරුදහන් වුනා. ඒ වෙලාවෙම වගේ රොනීව අල්ල ගන්න ඩොගට්ට පුලුවන් වුනා. රොනීගෙන් ඇත්ත වමාර ගත්ත ඩොගට්, ස්කලී ඇතුලු පිරිස අපරාධ ස්ථානෙට ගියා. එතන කැලෑවෙන් එයාලට හොයා ගන්න ලැබුනා ඇට සැකිල්ලක්. ඒක වෙන කාගෙවත් නෙවේ අවුරුදු දහයකට කලින් අතුරුදහන් වුන බිලීගේ! ඔන්න ඩොගට්ට ආයිත් පිස්සු වගේ. මේ බිලීගෙ ඇට සැකිල්ල නම් මෙච්චර දවස් පේන්න හිටිය බිලී කවුද? ඩොගට්, ස්කලීගෙන් ඇහුවේ තමන්ගෙ ආත්මෙට යුක්තිය ඉෂ්ට කරගන්න බිලී ඒ විදියට හැමෝම ඉස්සරහට ආවද කියලයි. සැබෑ අපරාධකාරයා කොටු වුන නිසා බිලීගේ ආත්මේ සාමදානයේ සැතපෙන්න ඇති කියලා අපිට හිතන්න පුලුවන්. ඔන්න ඔය විදියට තමයි ඩොගට්-ස්කලී දෙන්නගෙ තවත් X ෆයිල් එකක් අවසන් වුනේ.
ඉතින් අද කතාංගය දිග හැරෙන්නෙ මාටින් කියන අභිචෝදකවරයා සම්බන්ධෙන්. හිටිහැටියෙම දවසක් උදේ ඇහැරිලා බලද්දී එයා තමන්ගේ බිරිඳ ඝාතනේ සම්බන්ධෙන් ප්‍රධාන සැකකාරයා වෙලා. ඒත් එහෙම වුනෙ කොහොමද එයාට මතකයක් නෑ. මාටින්ට මොකද වෙන්නෙ කියලා බලන්නකෝ එහෙනම්.නැවත හමුවෙමු. ආයුබෝවන්!
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,259 downloadsDownload X-Files-S08e06-425201617.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
7 comments
sachintha
Anonymous
Thanks
chandima
mewage age danne 80, 90 mulaipaduna aya. thanks sub ekata. itri tikath season 9 ejath sub dennna
JAYAAnonymous
elmaaaaaaaaaa digatama karan yanna
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න
Gihan
Thank for subtitles.........Good luck
Season 9 subtitles plz
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි