Watch Trailer

The X Files [S01 : E01 – Pilot] with Sinhala Subtitles| පිටසක්වල සහයකයා. [සිංහල උපසිරැසි සමඟ]

පුර්විකාව : මම මේ ලිපිය පුංචි කතාවකින් පටන් ගන්නම්. එක්තරා ප්‍රසිද්ධ නගරයක, ප්‍රසිද්ධ ජාතික පාසලක කොල්ලෝ තුන්දෙනෙක් සිටියා, ෆොක්ස් මෝල්ඩර් (The X File), මොර්පියස් (Matrix), නියෝ (Matrix). මේ තිදෙනාගේ සංවිධානයක් තිබුනා Three Aliens නමින්. මුලස්ථානය එම නගරයේ තිබෙන වැවක් අද්දර කුඹුක් ගසක අට්ටාලයක්, සං…

The X-Files S1P1

පුර්විකාව :
මම මේ ලිපිය පුංචි කතාවකින් පටන් ගන්නම්. එක්තරා ප්‍රසිද්ධ නගරයක, ප්‍රසිද්ධ ජාතික පාසලක කොල්ලෝ තුන්දෙනෙක් සිටියා, ෆොක්ස් මෝල්ඩර් (The X File), මොර්පියස් (Matrix), නියෝ (Matrix). මේ තිදෙනාගේ සංවිධානයක් තිබුනා Three Aliens නමින්. මුලස්ථානය එම නගරයේ තිබෙන වැවක් අද්දර කුඹුක් ගසක අට්ටාලයක්, සංවිධානයේ කාර්යය භාරය තමයි පිටසක්වල ජීවින් ගැන, ඔව්න්ගේ ආක්‍රමණ ගැන තොරතරු රැස් කිරීම සහ පිටසක්වලයින් පැමිණෙන තුරු බලා සිටීම. ඉතින් මේ තුන් කට්ටුව සතියකට දවසක් දෙකක් මේ අට්ටාලයේදී මුණගැසෙනවා සොයා ගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට. (විශේෂයෙන්ම බ්‍රහස්පතින්දාට මොකද එක්ස් ෆයිල් විකාශනය වුනේ බදාදා නිසා.) අපි මේ වැඩේ කරගෙන ගියේ කාටත් හොරෙන් තමයි. පසුව අපි ගැන දැනගත්ත දෙමාපියන් ඇතුළු යාළු හිතමිත්‍රාදීන් කිව්වේ නම් මුන්ට පු*** ඉදන්ම පිස්සු කියලයි. මේ කතාවේ වර්තමානය ගැන කිව්වොත් පැවති රජයේන් වැව් දහසක් ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩපිළිවල යටතේ කුඹුක් ගහ පෙරලලා දැම්මා. මොර්පියස් පරිඝනක විශාරදයෙක් වශයෙන් රටේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරනවා. නියෝ අධිකරණ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇමෙරිකාවට ගිහින් තාමත් ඉගෙන ගන්නවා. ෆොක්ස් මෝල්ඩර් ඒ කියන්නේ මම සබ් කොට කොටා ඉන්නවා. එක්ස් ෆයිල් කතාවට කොච්චර පිස්සු වැටිලා සිටියද කිව්වොත් මං ගාව ස්කලිගේ සහ මෝල්ඩර් ගේ අත්සන් සහිත ෆොටෝස් මෙන්ම අපිම සාදා ගත් FBI හැදුනුම්පත්, ටි ෂර්ට් තිබුනා. ඔන්න ඔහොම සුව නොවුණු පිස්සුවක් තිබුන නිසා තමයි මම කතාංග 09 ක් ම තිබෙන මේ වැඩේ කරන්න ඉල්ලුවේ. මෝඩ කමට බෙහෙත් නෑ කිව්වළුනේ. මෙච්චර කතා සංඛ්‍යාවක් කරන්නේ කොහොමද තනියම. ඉතිං අපේ රොයිලි සහෝ තමයි මේ කතාංග 09 එකිනෙකාට බෙදලා දීලා වැඩේ කෙරෙන විදියට සෙට් කෙරුවේ.

කථා මාලාව :
Drama, Action & Adventure, Horror, Suspense, Science Fiction යන ගණයන්ට අයත්,ලෝකයේ මිලියන සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයින් නරඹලා තිබෙන, Peabody,Golden Globe සහ Emmy සම්මාන විශාල සංඛ්‍යාවකට උරුම කම් කියන, හොඳම රුපවාහිනි නාට්‍ය අතර ඉහලම ස්ථානයක් තිබෙන ,Chris Carter විසින් නිර්මාණය කළ, චිත්‍රපටි දෙකකටත් (The X-Files හා I Want To Believe) සහ වෙනත් ටෙලිවෘතාන්තයකටත් (The Lone Gunmen) පාදක වූ,THE X FILE කතාමාලා සියල්ලම අද පටන් යාලුවන්ට බලන්න පුළුවන්.

විසදීමට නොහැකි වූ අසාමාන්‍ය සිද්ධීන් සහ අපරාධ මෙන්ම ලෝක න්‍යායන්ට පටහැනිව අස්වාභාවික ලෙස සිදු වූ සිදුවීම ඇතුලත් එක්ස් ෆයිල් අංශය FBI ආයතනයේ තරමක් විහිළුවටද ඉතාම ප්‍රසිද්ධියටද පත් අංශයකි.මෙහි පරීක්ෂක වරුන් වන ඩෙනා ස්කලී සහ ෆොක්ස් මෝල්ඩර් මෙම විසදීමට නොහැකිව පැත්තකට දමා තිබු එක්ස් ෆයිල් සිද්ධීන් එකිනෙක විසදන ආකාරය ඉතාම කුතුහලෙන් යුක්තව මනාවටම නිර්මාණය කර ඇත. 1993 සිට 2003 දක්වා ඇමරිකානු Fox රූපවාහිනී ජාලය ඔස්සේ විකාශනය වූ .මෙහි චරිත හා ඇතැම් වැකි ( “The Truth Is Out There”, “Trust No One”, “I Want to Believe”) ජනප්‍රිය සංස්කෘතියක් බිහිකිරීමට මුල් වූ අතර රසිකයන් තුල නොමැකෙන මතකයන් තැබීමට සමත් විය.

ලබා ගත් සම්මාන -Emmy Awards
2001 – Outstanding Makeup for a Series for episode DeadAlive
2000 – Outstanding Makeup for a Series for episode Theef
– Outstanding Sound Mixing for a Drama Series for episode First Person Shooter
– Outstanding Special Visual Effects for a Series for episode First Person Shooter
1999 – Outstanding Makeup for a series for episodes Two Fathers/One Son
1998 – Outstanding Art Direction for a Series for episode The Post-Modern Prometheus
– Outstanding Single Camera Picture Editing for a Series for episode Kill Switch
1997 – Outstanding Lead Actress in a Drama Series for Gillian Anderson
– Outstanding Art Direction for a Series for episode Memento Mori
– Outstanding Sound Editing for a Series for episode Tempus Fugit
1996 – Outstanding Guest Actor in a Drama Series to Peter Boyle for episode Clyde Bruckman’s Final Repose
– Outstanding Individual Achievement in Writing for a Drama.

සම්මාන 92 ක් සහ නිර්දේශිත නාම 202 ලැබී ඇති අතර ලිපිය අනවශ්‍ය ලෙස දීර්ග වන නිසා ලැබූ සම්මාන සහ නිර්දේශිත නාම සියල්ලම මෙහි සදහන්ව නොමැති බැවින් වැඩි විස්තර බලාගැනීමට මෙතනින් යන්න.( http://x-files.host.sk/xawards.php)

ප්‍රථම කතා මාලාව:
The X Files Season 01 ගැන කතා කලොත් පහත ලෙසට මෙම කතා මාලාවට අදාලව විස්තර පහත ආකාරයට සාරාංශ ගත කරන්න පුළුවන්.(මේ ලිපියේ විස්තර වැඩි නිසා මෙසේ සාරාංශ ගත කලෙමි.)
කතා මාලාවේ නම : The X Files Season 01
ලබා ගත් රේටින් සංඛාව : 8.8/10
කතාංග සංඛාව : 24
ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson
ෆොක්ස් මෝල්ඩර් – David Duchovny

අද කථාව:
එක්ස් ෆයිල් පළමු කොටස -“පිටසක්වල සහයකයා”.
කතාවේ නම : Pilot (කතා මාලාව හදුන්වා දීම)
ලබා ගත් රේටින් සංඛාව : 8.3/10
අධ්‍යක්ෂණය : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන් :
· ඩෙනා ස්කලී – Gillian Anderson
· ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
· ස්මොකින්ග් මෑන් – William B Davis
· බිලි මයිල්ස් – Zachary Ansley
· ඔර්ඩේලි – Alexandra Berlin
· මරණ පරීක්ෂක ට්රුයිට් – Stephen E Miller
· වෛද්‍ය ජේ නිම්මන් – Cliff De Young
· වෛද්‍ය ග්ලාස් – Malcom Stewart

අසාමාන්‍ය සිද්ධීන් ගැන අනුපමේය උනන්දුවක් සහ ඇති දක්ෂ පරීක්ෂක වරයෙක් වන ෆොක්ස් මොල්ඩර්ගේ සහයට සහ ඔහු පිළිබඳව ඔත්තු බැලීමටත් එක්ස් ෆයිල් විමර්ශන වාර්ථා කිරීම සදහා ඉතාම තරුණ දක්ෂ වෛද්‍ය වරියක් වන පරීක්ෂක ඩේනා ස්කලීව පත් කරනවා.

මේ දෙදෙනාගේ පළමු විමර්ශනය නම් වයඹ ඔරිගොන් ප්‍රාන්තයේ සිදු වූ අභිරහස් මිනි මැරුම් තුනක් සම්බන්ධවයි. උපාධිය ලැබීම සමරන පිණිස කැලයේ සාදයක් පවත්වමින් සිටින තරුණ පිරිසක් පිටසක්වල් ජීවින් විසින් යම් පරීක්ෂණයක් සිදු කිරීමට පැහැර ගන්නවා. නමුත් මේ පරීක්ෂණය අසාර්ථක නිසා බිලි මයිල්ස් කියන තරුණයාගේ ඔළුවේ සවි කරන ලද උපකරණයක් මගින් ඔහුව පාලනය කරමින් පරීක්ෂණයේ සියලුම සාක්ෂි විනාශ කිරීමට අණ දෙනවා. ඒ අනුව අනිත් දෙදෙනාම මිය යනවා. මේ මිය යාම් පිළිබඳව පරීක්ෂණ පවත්වන මෝල්ඩර් සහ ස්කලී දෙදෙනාට බිලිගේ පියා වන ප්‍රාන්ත රහස් පරීක්ෂක වරයා නිතරම බාධා කරන නිසා මේ ගැන මොල්ඩර්ට සැක සිති ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවීම නිසා මේ සිද්ධින් වලට බිලි මයිල්ස් සම්භන්ධ බව ඔවුනට සොයා ගැනීමට හැකි වෙනවා.කථාව අතරතුර මේ FBI පරීක්ෂක වරු දෙදෙනාවත් පිටසක්වල පැහැර ගැනීමකට ලක් වන නමුත් දැනුවත්ව ඔවුන්ට එයින් කිසිදු හානියක් සිදු නොවෙයි.ස්කලිගේ සමීක්ෂණ වාර්ථාව කියවන FBI ඉහල නිලධාරින් එම විමර්ශනයේ සාක්ෂි වශයෙන් බිලි මයිල්ස්ව මෝහනය කර ලබා ගත් වාචික සාක්ෂි පිළි නොගන්නා අතර එයට භෞතික සාක්ෂි ඉල්ලා සිටියත් එයට ස්කලී අපොහොසත් වීම නිසා මේ සිද්ධියත් විසදුම් සොයාගත නොහැකි සිද්ධීන් යටතේ එක්ස් ෆයිල් සිද්ධියක් ලෙස වර්ගීකරණය කරයි.

එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය………

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,575 downloadsDownload The-X-files-S01E01.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                             All Episodes                     Next Episode >>

Subtitles by

DHSS අනුරාධ

Subtitles

4,575 downloadsDownload Subtitles29 KB

132 comments

  1. Deshan Mudalige

    Thank You sahoo subata!!! jayen jayama wewa!!!!!!!!!!!!!!!!!

  2. Soori

    එළස්.............................
    මගේත් කැමතිම මාලාව.
    ගොඩක් ලොකු වැඩක් මේ සීරිස් 09ටම උපසිරැසි දෙන එක....
    දිගටම දෙන්න හැකියාව ධෛර්යය ලැබේවා....
    ලිපියත් හොඳට ලියලා තියෙනවා සහෝ....
    බොහෝම පින් මේ වැඩේට අතගැහුවට.....

  3. vimukthi

    jaya wewa !!!!!!!!!!!!!!!!!!!!nice work.

  4. Charuka Indunil

    තැන්කූ තැන්කූ සහෝ. හම්මේ ඉතින් මේක දෙනකන් කොච්චරනම් බලන් හිටියද.

  5. තරිඳු

    නියම වැඩක් දිගටම කරගෙන යමු මේක බාගෙන දෙනකන් බලාහිටියේ ගොඩාක් ස්තුතියි

  6. දෙනිදු

    නියමයි මචං සබ් එකට ස්තුතියි .සීසන් නමයම දියන් මචං.

  7. Kesara

    Thanks for the subtitle. Wish u a brilliant future with baisecopelk.com! Keep it up bro..! :-) :-) :-)

  8. achintha

    thanks mco....ikmanata damu elkiri wageee

  9. Chloe Bennet

    ගොඩක් ගොඩක් ගොඩා......ක් තැන්ක් යූ
    අනිත් ටිකත් දෙන්ඩෝ...
    උම්ම්ම්මාහ්
    ගුඩ් ලක්.

  10. Isuru

    Thanks pattai

  11. Rasindu Perera

    නියමයි...මාත් ආසම එකක්...
    දිගටම කරන් යමු...සබ් එකට තැන්ක්ස්....

  12. thisal

    ගොඩක් ලොකු වැඩක් මේ සීරිස් 09ටම උපසිරැසි දෙන එක….
    දිගටම දෙන්න හැකියාව ධෛර්යය ලැබේවා….

  13. Achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය!!!

    1. lakshi

      Fatta saho... Ddigatama demu seasons 10 tama.. Podi kale oka balala matath FBI haduna.dan ayeth hedei..thnxxxx

  14. Kulanjana Maduranga

    niayamai…mekata sub dena 1ka nm sahenna watinawa.mula idalama dena 1ka nm hodai.thanks ANURADA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Tv pissa

    Ammatasiri wenawa. Meka denna gattada baiscope la. Ubala denna gatta kiyanne iwara karalama tama passa balanne kiyala mama dannawa. Fatta happy. E kale tv eke baluwata e tharam therumak na. Dan ithin apith dannna sinhalen balanna sudaanam wenawa onna. Thankz a lot baiscopelk. U r the best sub site in sl.

  16. elakolla

    Maxxxxaaa anek awat demu

  17. Práðèép Üðäýàñgå

    බුදු අම්මො පටං අරං එහෙනම්,
    FB එකෙ කී දෙන්ක් ගෙන් පුද්ගලිකව මැස‍ේජ් දාලා ඇහුවද සයිට්
    එකෙ මේක පටන් ගන්නෙ නැද්ද කියලා
    ,ඇති යන්තම්.. ලොකු සතුටක් සහො...
    30GB + සීසන් 1-9 එක්ක 10 මේ වෙනකන් යන ටිකත් බාගෙන ගොඩක් කල් බලං හිටියා, දිගටම කරන් යමු සහො
    ජය..... !

  18. Sanjana

    හේ හේ පටන් අරන් තියෙන්නේ ලේසි පහසු වැඩක් නම් නෙවේ... ලොකු අඩුවක් පුරවන්නනේ මේ පටන් ගත්තේ.... පටන් ගත්ත වැඩේ ඉක්මනට ඉවර කරන්න ඕන ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... ජය !!!

  19. nadil

    season 9 wenakamma denna shakthiya labewa

  20. sm

    Ela
    Okkoma denna

  21. Saketha Pulasthi

    සුපිරිම ඩයල් ටිකක් තමා බයිස්කෝප් එකේ ඉන්නේප
    24 (E205)
    Supernatural (E233)
    The Mentalist (E151)
    Prison Break (E81) වගේ සුපිරිම සුපිරිම ටීවී සීරීස් සෙට් ටිකක් දීල තියෙනවා.ඒ ගොඩට The X Filesලුත් එකතු වෙන්න යන්නේ. ඒ ගැන නම් ලොකු සතුටක් තියෙන්නේ. ^_^
    ජාතික රූපවාහිනියේ යනකොට X Files තැනින් තැනින් බැලුවා.ඒත් දැන්ම කතාව බලන්න සෙට් වෙන්න බෑ.අනිවා අගෝස්තු වලින් පස්සේ බලන්න ගන්නවා. :D වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනවා.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. ශාන් විමුක්ති [විමා]

    එහෙමනම් හාපුරා කියල පටන් ගත්ත වැඩේ අවසානයක් කරා ගෙනියන්න දිරිය ශක්තිය ලැබේවා
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජයෙන් ජය

  23. indika

    ගොඩක් ස්තූතියි සහෝ

  24. Sanindu Lakkitha

    Godak thnx saho.. Me darama series eka site ekata dapu eka godak hodai. Meta kalayak jatika rupawahiniye essara yanakaota hemadama wage beluwa. Season 9tama sartakawa sub denna shaktiya dairaya lebewa... Jaya wewa saho

    .

  25. Nipuna Malshan

    meka nm pattama wadak bro...digatama karan yanna...good luck...gdk thanks...

  26. හිරු

    හා... . ඔය ජාතියෙ තව එකෙක් මෙන්න මෙහෙත් ඉන්නව... මං නං ඔක්කොම දෙවනි පාරටත් ඩවුන්ලොඩ් කළා... ( පළවෙනි පාර එකක් 2800 ගානෙ සල්ලි දීලා ගත්තා 2004 දි.. ඒවා ඔක්කොම අපෙ මල්ලි පිනට දීලා..)

    ඕකට සිංහල සබ් දෙන එක පිස්සු හැදිලා ආයිත් හැදෙන වැඩක්... ඔන්න දැම්මම කිව්වා.... ස්කලී කියවන විකාර සයන්ටිෆික් කතන්දර වලට වචන අලුතින් හොයන්න වෙයි.... හි හි

  27. Kasthuri Jayasanka

    පට්ට ආ මාත් අසවෙන් හිටපු එකක් සීසන් 09 ම තියෙන නිසා ඉක්මන්ට දෙයි කියල හිතනවා සුබ පතනවා මේ වැඩේට අත ගැහුවට

  28. anurA

    මෙන්නසහෝදරයා කතාව ....මෙක බලන්න පුදුම ආසාවකින් හිටියේ ..මේක රූපවාහිනියේ පෙන්නන කාලෙ අපේ ගෙදර tv තිබුනේ නෑ ඉතින් කොච්චර ආසා කලත් බලන්න හම්බෞනේ නෑ ...පුදුමයි මෙන්න අයේත් ඇවිත් අනිවා බලනවා දැන් එතින් සහෝදරයා බොහොම thnzzz වේවා .........................

  29. Dimuthu

    Kiyala wedak ne. Thank you!

  30. Nishadi Wickrama

    niyamai. tnx

  31. Asiri

    නියමයි සහෝ ඔයා නම් දෙයියෙක්.X Files වලට sub නැති නිසා බලන්න කම්මැලිකමේ හිටියේ.දිගටම sub දෙමු නවත්තන්න නම් හිතන්නවත් එපා.සබ් වලට තෑන්කූ.ජය වෙවා. (ඊලග එකත් ඉක්මනින්ම ඕනේ)

  32. Gayashan

    patta happy machan keep continue bokkenma suba pathanawa

  33. pushpa kumra

    niyamai,digatama karagena yamu,x file denakan balagena hitye///////////////////////

  34. wathsala

    thanx saho math meka hoyapu nathi thanak na thanks a lot ewagema meke seasons
    10k thiyanawa nada?

  35. kavinda

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  36. devinda

    ado pin mcn.godak pin.elzzzzzzzzzzzz.....

  37. Isuru Sky

    මේක දෙනකන් කාලයක් බලන් හිටියා සහෝ..ගොඩාක් ස්තුතියි...දිගටම සබ් දෙන්න..thnx again...

  38. Paz

    Thanks Bro Supiri Wedak.Keep It Up And Good Luck.

  39. Madhawa

    කාලෙක ඉදන් බලගෙන හිටිය එකක්,කියල වැඩක් නෑ සහෝ සුපිරිම වැඩක්.ගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යමු.

  40. Saman Prasad

    බොහොම තුති සහෝ සබ් එකට.
    ඒ වගේම ලිපියටත්...
    ජාතිකේ යද්දී තැනින් තැන තමා මේක බැලුවෙ. ඒ බැලුවෙත් අපේ නෑදෑ කෙනෙක් පිස්සුවෙන් ඕක බලපු නිසා. ඉතින් එහෙ ගිය දවසට මටත් ඕක බලන්න සෙට් වෙනවා. :D
    එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු...
    ජය වේවා...!!!

  41. Tharaka Lahiru

    supiri

  42. නිරෝෂ්

    ස්තුතියි අනුරාධ සහෝ.ජයවේවා !

  43. හිරු

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි... :)
    ස්තුතියි...

  44. praveen

    jaya weewaaa enakan balan hitiyeeeee

  45. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ... ඔන්න මමත් මේක බලන්න එකතු උනා ..ජාතික රූපවාහිනියේ ගිය කාලේ කඩින් කඩ තමයි බලන්න ලැබුනේ දැන් ඔක්කොම පිළිවෙලට බලන්න පුළුවන් :D ජය වේවා !!

  46. හැකර්

    නියමයි සිසන් 9 යටම පුලුවන් ඉක්ම්නට දෙන්න... සිසන් 9ක් තිබ්බට බලන්න ගත්තම මාසයක්වත් යන් නැති වෙයි.... :D පට්ටයි ජාති.. සුපිරි වැඩක් කියන්න වචන නැ... :)

  47. tharindu madushanka

    baiscope.lk most download aka maka wei. thank you

  48. sanoj

    අඩෝ තෑනක්ස් බං සිරාවටම
    මේකෙ සබ් දෙනකං බලන් හිටියෙ
    thnks lot bro

  49. vimukthi

    සබ් එකට ස්තුතියි

  50. hiran

    bro....season 1 eke episode 2eke sinhala sub khd

Load more comments