එක්ස් ෆයිල් දෙවන කොටස -“රහස් උදව් කරුවා.” කතාවේ නම : Deep Throat ලබා ගත් රේටින් සංඛාව : 8.3/10 අධ්‍යක්ෂණය : ඩැනියෙල් සකෙහිම් කතාව : ක්‍රිස් කාටර් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny රහස් උදව් කරුවා – Jerry Hardin අංශ ප්‍රධානි ස්කොට් – Charles Cioffi ප…
එක්ස් ෆයිල් දෙවන කොටස -“රහස් උදව් කරුවා.”
කතාවේ නම : Deep Throat
ලබා ගත් රේටින් සංඛාව : 8.3/10
අධ්‍යක්ෂණය : ඩැනියෙල් සකෙහිම්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන් :
ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
රහස් උදව් කරුවා – Jerry Hardin අංශ ප්‍රධානි ස්කොට් – Charles Cioffi
පොල් මොසින්ගේර් – Michael Bryan කර්නල් බුධහස් – Andrew Johnston
එමිලි – Seth Green සෝ – Lalainia Lindejerg
කිස්සෙල් – Vince Metcalfe ඇනිටා බුධහස් – Gabrielle Rose
ලඩෝන – Monica Parker මැක්ලිනන් – Doc Harris
වෙර්ලා මැක්ලිනන් – Sheila Moore හෝටල් කළමණාකරු – Michael Puttonen
අණදෙන නිලධාරියා – Jon Cuthbert
මෙවර කතාව:
හදුනා නොගත් සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර කළ යුතු පරීක්ෂක ගුවන් නියමුවෙක් වන ලුතිනන් කොලොනෙල් රොබර්ට් බුධහස් නමැති පුද්ගලයාගේ අභිරහස් අතුරුදහන් වීම පිළිබඳව මෝල්ඩර් සහ ස්කලී විමර්ශන අරඹයි.පරීක්ෂණ මට්ටමේ ගුවන් යානා පදවන එලන්ස් ගුවන් හමුදා කඳවුරේ තවත් ගුවන් නියමුවන් හය දෙනෙකුට අත් වූ ඉරණමම මොහුටත් අත් වී ඇතැයි මෝල්ඩර් සැක පහල කරයි.එමෙන්ම මෙම අභිරහස් අතුරුදහන් වීම් අසාමාන්‍ය සිද්ධීන් සහිත එක්ස් ෆයිල් සිද්ධි වලට සම්බන්ධයක් සහිත බවට මෝල්ඩර් ස්කලී සමඟ වාද ඇති කරගනී.
විමර්ශන කටයුතු සඳහා එලන්ස් ගුවන් හමුදා කඳවුරට පිටත් වීමට පෙර ගුප්ත ලෙස හැසිරෙන මනුෂ්‍යයෙක් පැමිණ මෙම විමර්ශනය නවත්වන ලෙසට මෝල්ඩර් හට අවවාද කරයි.නමුත් මෝල්ඩර් විසින් මෙය ස්කලීට නොපවසාම මෙම අවවාදය ගණන් නොගෙන බුධහස් බිරිදගෙන් ප්‍රශ්න කිරීම් පටන් ගනී.බුධහස්ගේ අමුතු ආකාරයේ හැසිරීම්,අසාමාන්‍ය සමේ රෝගය,සහ ඔහුගේ රාජකාරි කටයුතු ගැන කතා කිරීමට අකමැති භාවය ගැන ඇය විසින් රහස් පරීක්ෂක නිලධාරින් දෙදෙනාට පවසයි.ඒ අනුව මෙම ගුවන් නියමුවන් ඇමෙරිකානු රජයේ “අව්රෝරා” නමැති අන්තර් කක්ෂීය ඔත්තු බලන යානා පරික්ෂා කිරීමේ මෙහෙයුමට සම්බන්ධව සේවය කර ඇති බවට සැක පහල කරයි,එදිනම රාත්‍රියේදී ස්කලී සහ මෝල්ඩර් දෙදෙනාට ගුවන් හමුදා කඳවුරු භුමියේ වේගයෙන් චලනය වන අමුතු ආකාරයේ ආලෝක වස්තුන් දෙකක් දර්ශනය වෙයි.ඒ සමගම මේ අසලට පැමිණෙන එමලි සහ සෝ නමැති තරුණ වයසේ ළමුන් දෙදෙනාව හෙලිකොප්ටරයක් මගින් ලුහුබැඳ යනවිට ඔවුන්ට හමු වේ.මෙම ළමුන් දෙදෙනාව බේරා ගත් පසුව ඔවුන් මෙම ආලෝක වස්තුන් පිළිබඳව කතා පුවත් මෝල්ඩර් සහ ස්කලී දෙදෙනාට පවසයි.
පිටසක්වල තාක්ෂනය යොදාගෙන මෙම ස්ථානයේ අධි තාක්ෂණික ගුවන් යානා නිපදවන බවට පිටසක්වල ආක්‍රමණ ගැන කිසිඳු විශ්වාසයක් නැති ස්කලී හට මෝල්ඩර් විසින් පවසයි.මේ අතර බුධහස් මහතා හදිසියේම නිවසට පැමිණීම පිළිබඳව ඔහුගේ බිරිඳ විසින් දැන්වූ පසු බුධහස් මහතා අතුරුදහන් වීමෙන් පසුව සිදු වූ දෙය පිළිබඳව මතකයෙන් අස්වාභාවික ලෙස අතුරුදහන්ව ඇති බව සොයා ගනී.මෝල්ඩර් පවසන්නේ මෙය කවුරුන් හෝ සිතාමතාම කළ දෙයක් බවයි.
මේ අතර පරීක්ෂකවරු කණ්ඩායමක් පැමිණ මෝල්ඩර් සහ ස්කලී සොයා ගත් සාක්ෂි බලෙන් පැහර ගෙන ඔවුන් දෙදෙනාට මෙම නගරය අත්හැර පිටවන ලෙසට තර්ජනය කරයි.එමලි සහ සෝ විසින් පෙර අවස්ථාවේ ලබා දුන් විස්තර අනුව මෝල්ඩර් තනියම කඳවුර සිමාවේ ඇති සිදුරක් තුලින් කඳවුරු භූමියට ඇතුල් වෙයි.එහිදී හදුනා නොගත් අභිරහස් යානාවක් ඔහුට දර්ශනය වන අතර ඔහුව මෙම යානාව මගින් අත්අඩංගුවට ගෙන කඳවුරු භුමියේ සිරකර තබයි.එහිදී ඔහුට අමුතු ආකාරයේ වෛද්‍යවරු පිරිසක් විසින් ප්‍රතිකාර කරණු ලබයි. මොසින්ගර් නමැති කඳවුරට සම්බන්ධ පුද්ගලයා විසින් ස්කලිට පහරදීමට තැත් කරන අවස්ථාවේ ඔහුගේම තුවක්කුව පැහැරගෙන ඔහුව ප්‍රාණ ඇපකරුවකු වශයෙන් තබාගෙන මෝල්ඩර් බේරා ගැනීමට ස්කලී උත්සාහ කරයි.කඳවුරේ හමුදාව සමඟ මෝල්ඩර් සහ මොසින්ගර් හුවමාරු කරගෙන මෝල්ඩර්ව ස්කලී විසින් බේරා ගනී.නමුත් කඳවුරු භූමියේදී සිදු වූ කිසිම සිදුවීමක් මෝල්ඩර්ටද මතක් කරගත නොහැකි විය.පසුව මෝල්ඩර් සහ ස්කලී නැවත වොෂින්ටන් නගරයට පැමිණේ.මෝල්ඩර් ව්‍යායාම කරන අවස්තාවක එම ස්ථානයට පැමිණෙන පෙර අභිරහස් පුද්ගලයාම ඔවුන්ගේ ජිවිත අනතුරේ හෙලාගෙන ක්‍රියා කිරීම සම්බන්ධව මොල්ඩර්ට දොස් පවරයි.නමුත් අතීතයේ සිටම පිටසක්වලයින් පෘතුවියේ සිටි බවට මෝල්ඩර් විසින් දැනගනී.අභිරහස් පුද්ගලයා මෝල්ඩර් වෙත රජයේ රහස් ව්‍යාපෘති වල තොරතුරු රහසිගතව ලබා දීමට කැමැත්ත පල කරයි.
එහෙනම් හුස්ම ගන්න කතාව අවසානයි. 🙂
ඔබගේ දැනගැනීමට:
· කතා මාලාව තුල විටින් විට හමුවන මේ අභිරස් පුද්ගලයාගේ ප්‍රථම හදුන්වා දීම මෙයයි.
· ස්කලී සහ මෝල්ඩර් හට පහරදීමට පැමිණි පරීක්ෂකවරුන්ගේ රථයේ ලියාපදිංචි අංකය CC-1356 සහ අවසානයේදී ස්කලී විසින් සකසන වාර්තාවේ අංකය වන DF-101364 අතර ක්‍රිස් කාර්ටර් ගේ උපන්දිනයේ අංක යොදාගෙන තිබේ.එනම් 1956.10.13 වේ.
· බුධහස් මහතාගේ නිවස 1996 වර්ෂයේ විකාශනය වුන “මිලේනියම්”නමැති කතා මාලාවටත් යොදාගෙන ඇත.
· ස්කලී විසින් පසුගිය පුවත්පත් නරඹන අවස්ථාවේ එක් වාර්තාවක වාර්තාකරු වශයෙන් C.Carter (ක්‍රිස් කාටර්) වශයෙන් සදහන්ව ඇත.
එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය…..
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,276 downloadsDownload The-X-files-S01E021.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
DHSS අනුරාධ
Subtitles
50 comments
Udara Damith B\K
Kulanjana Maduranga
niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasanka Sanjana
OOn mamath ada isallama gaththa sub eka..... thanks sub ekata....
devinda
kynna deyak na bro.gdk pin oyata.
hesh
patta machan, ohommama degatama denna
venura
well done
achintha
එළ සහෝ කියන්න වචන නෑ.....එක දවසකට episode 2ක් වත් දානව නම් නියමයි.comment දෙන්නම් කෝටියක් වුණත්
Harsha Prabath
බොහොම ස්තුතියේ සහෝ
widuranga
thanx sahooooo
kavinda
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රෙයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
Anjana
හුඟක් අගය කරන්න ඕනෙ ඔයාලාගේ මේ වැඩ වලට. නියම වැඩක්. මාත් ආසාවෙන් බලපු කතාවක් තමා. ආයේ පරක් බලන්න හිතුනා..
බොහොම ස්තූතියි අනුරාධ සහෝ..Max
Excellent!
කේ.යූ.ජී. උදාර
මේ ස්පීඩ් එකෙන් ම දිගට ම දෙමු..............
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.Sachintha
Thanks bro!
Mama kamathima ekak meka!Janith Mathula
Well done baiscope.....! Thanks 4 ur sub...
PK
Thanks Mr.
Madhawa
thanx saho
Kasthuri Jayasanka
Uba nam ela kollek ban seesan 9 ma ubata aduwak nathuwa comment denawa api ela thankas jaya wewa
Eranga Sandaruwan
එල කිරි. බෝම ස්තූතියි. දිගටම දෙන්න.
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! :)
tharindu madushanka
thank you
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Imila
Thanx..... Lokka.... Godak Kal Balan Hitiya Meka enakam..............
Amila Kaushalya
Bro Patta Thanx Ah plz late karanna nathiwa okkoma denna ikmanatama
නලින් පෙරේරා
බොහොමත්ම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. කියන්න වචන නැහැ. ආයෙත් ස්තුතියි. ජය වේවා෴
තිසර
bohoma asa tv serieas eka sub dennak balan hitiye.... bohoma thanks
yeshu
tnx
රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
Thanks saho
Ravin
Niyamai saho.... anit tikat ikmanata oneeee.......
Asiri
එලම තමා සහෝ.මේ speed එකෙන් දිගටම sub දෙමු.sub වලට තෑන්කූ.ජය වේවා.
Ayesh Nadeeshan
anith tikath ikmanatama demu bro... thankx...
chamee
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
Prasad Kandamulla
බොහොම ස්තුතියි මහන්සියට...........
Isuru Sky
ඉස්සර ටී.වී.එකේ යද්දි බැලුවත් ඒ තරම් ගානක් තිබ්බෙ නෑ...මේක දෙනකන් කාලයක් බලන් හිටියා.x files වලට සබ් දෙනව කියන්නේ වෙන ඕනම නෑ..ගොඩාක් ස්තුතියි සහෝ...සීසන් 9ටම සබ් දෙන්න...ජය..!!
Udara Damith B\K
`````````````````````````````
11111111111111111111111111111@
බොහොම ස්තුතියිවරුණ නිරෝෂණ
නියමයි සහෝ නියමයි..........
Ras
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
ජය!!!P.K
Thank you very much :-)
iresh
Deep Web
2015
Documentaryiresh
Deep Web
2015
Documentary mekata sinhla sub dannako..DS / DK
ඇයි හැම Film එකක හො TV Series එකක Torrent File එක නැත්තෙ ????????? Help me ???????????????????
THE DARK SHADOW
♥♥♥ela ela♡♡♡
ShiRan
ජය වේවා!!
Dmadhu
Thank u brother
Stranger
thanks
salgado
සබ් එක E2 වෙනුවට download වෙන්නේ E21 . මට E2 තියෙන්නේ කොහෙද
Mahesh
E2 එකේ ස්බ් එක තියන්නෙ E21 සබ් එක තියන එකේ
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E02 – Deep Throat] with Sinhala Subtitles| “රහස් උදව් කරුවා.” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

...............
.
.
.
.
.
.
බොහොම ස්තුතියි සහෝ…