එක්ස් ෆයිල් තුන් වන කොටස -“අක්මා සොරා .” කතාවේ නම : Squeeze ලබා ගත් රේටින් සංඛාව : 8.7/10 අධ්‍යක්ෂණය : හැරී ලෝන්ග්ස්ට්‍රීට් කතාව : ග්ලේන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny ඉයුජින් වික්ටර් ටුම් – Doug Hutchison පරීක්‍ෂක ටොම්…
එක්ස් ෆයිල් තුන් වන කොටස -“අක්මා සොරා .”
කතාවේ නම : Squeeze
ලබා ගත් රේටින් සංඛාව : 8.7/10
අධ්‍යක්ෂණය : හැරී ලෝන්ග්ස්ට්‍රීට්
කතාව : ග්ලේන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග්
ප්‍රධාන නළු නිලියන් :
ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
ඉයුජින් වික්ටර් ටුම් – Doug Hutchison පරීක්‍ෂක ටොම් කොල්ටන් – Donal Logue
පරීක්ෂක ෆ්‍රෑන්ක් බ්‍රිග්ස්- Henry Beckman ෆුලර් – Kevin McNulty
ජෝර්ජ් යුෂේර් – Terence Kelly යන්ත්‍ර ක්‍රියාකරන්නි – Collen Winton
ජොන්සන් – James Bell කෙනඩි – Gary Hetherington
ක්‍රේම – Rob Morton වර්නර් මහතා – Paul Joyce
මෙවර කතාව:
ස්කලිගේ පාසල් කාලයේ මිතුරෙක් වන ඇමරිකානු FBI නියෝජිත ටොම් කොල්ටන් ,අනුක්‍රමිකව සිදු කළ ඝාතන මාලාවක් ගැන ස්කලීට විස්තර කරයි. The victims were all murdered inside locked or secured rooms. විපතට පත් සියලු දෙනාවම ඇඳුම් මාරු කරන කාමර තුලදී හෝ ආරක්ෂිත කාමර තුලදී මරා දමා ඇති බවත් ඒ Each had their liver ripped out of their body. එක් එක් අවස්ථා වලිදී අක්මාව ඔවුන්ගේ ශරීරයෙන් පිටතට අරගෙන තිබු බවත් ඔහු සඳහන් කරයි.මෙම අවස්ථාවේදී කොල්ටන් විසින් ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා ඇයගේන් උදව් ඉල්ලන අතර මොල්ඩර්ගේ මැදිහත් වීම පිළිබඳව අකමැත්තෙන් සිටි.
අධි ආරක්‍ෂිත ගොඩනැගිල්ලේ ජෝර්ජ් යුෂර්ව මරා දමා තිබු කාමරයේ වායු කවුළු අසලදී අමුතු ආකාරයේ ඇඟිලි සලකුණු කිහිපයක් මෝල්ඩර් විසින් සොයා ගනී.1903 වර්ෂයේ සිට ඇමෙරිකාව තුල සෑම වර්ෂ 30 කට වතාවක් සිදු වූ මිනීමැරුම් සිද්ධි පහක් සමඟ මෙම ඇඟිලි සලකුණු සම්බන්ධයක් තිබෙන බවත් මෝල්ඩර් සොයා ගනී.එම මිනීමැරුම් වලදීත් මළ තැනැත්තාගේ අක්මාව ඉවතට ගෙන තිබුණි.
මෙම සිද්ධි ගැන මෝල්ඩර් සහ ස්කලී අතර වාද විවාද ඇති වී ස්කලී විසින් ටොම් කොල්ටන්ගේ කණ්ඩායම සමඟ විමර්ශය ආරම්භ කරයි.අපරාධකරුවන් තමා අපරාධය කළ අවස්ථාවේ ඇති වූ මානසික අත්දැකීම නැවත ලබා ගැනීමට ,නැවත නැවත අපරාධය කළ ස්ථාන වලට පැමිණෙන බව ස්කලී පැවසීමේ පසුව, ස්කලී සහ කණ්ඩායමක් අධි ආරක්‍ෂිත ගොඩනැගිල්ලේ මුර සංචාරයක යෙදෙයි.එම අවස්ථාවට මෝල්ඩර් ද පසුව පැමිණ මෙම අපරාධකරු නැවත නොපැමිණ වෙනත් අපරාධයක් සැලසුම් කරන බව පවසයි.නමුත් මේ අවස්ථාවේ ඒ අසල තිබු වායු නළ ඇතුලින් ඇසෙන ශබ්ධ නිසා එය පරික්ෂා කිරීමේදී ටුම්ස් එම නළ තුලින් එලියට පැමිණේ.එහිදී ඔහුව ස්කලී විසින් අත් අඩංගුවට ගෙන බොරු පැවසීමේදී හදුනා ගන්න යන්ත්‍රයක් මගින් ප්‍රශ්න කිරීමකට ලක් කරයි.නමුත් ඉයුජින් ටුම්ස් පරීක්ෂණය සමත් වී නිදහස ලබයි.
ප්‍රශ්න කිරීම් වලට ලක් කිරීමේදී මෝල්ඩර් විසින් ලබා දුන් අසාමාන්‍ය ප්‍රශ්න කිහිපයක ලබා දුන් පිළිතුරු නිසා මෝල්ඩර් ටුම්ස් ගැන සැක සිති ඔහුගේ ඇඟිලි සලකුණු පෙර ලබා ගත් අසාමාන්‍ය ඇගිලි සලකුණු ප්‍රමාණයටම විශාලනය කර පරික්ෂා කිරීමේදී එම අපරාධ ස්ථාන වලින් ලබා ගත් ඇඟිලි සලකුණු ඉයුජින් ටුම්ස්ගේම ඇඟිලි සලකුණු බවට ප්‍රත්‍යක්ෂ කර ගනී.ඒ නිසා ස්කලිට මේ පිළිබඳව ස්කලිට කිතුහලයක් ඇති වී මොල්දර සමග නැවත විමර්ශන කටයුතු ආරම්භ කරයි.
අධි තාක්ෂණික උපකරණ ආරක්ෂා කළ අයෙකුට ටුම්ස් නැවත පහර දී අතුරුදහන් වෙයි.මේ අතර ස්කලී විසින් ටුම්ස් කවදාවත් ජිවත් නොවූ ඔහුගේ නවාතැන සොයා ගනී.එමෙන්ම 1933 සිට මෙවැනි මිනීමැරුම් පිළිබඳව විමර්ශනය කළ ෂෙරිෆ් වරයා වන ෆ්‍රෑන්ක් බ්‍රිග්ස් හමු වේ.ඔහු විසින් සිදු කළ විමර්ශන පිළිබඳව ස්කලී සහ මෝල්ඩර් දෙදෙනා විස්තර ලබා ගන්නා අතර ෂෙරිෆ් වරයා විසින් එකතු කළ සාක්ෂි ඔවුන්ට ලබා දේ.
ශේරිෆ්වරයා ලබාදුන් විස්තර අනුව ටුම්ස් නවාතැන් ගත් අත්හැර දැමු ගොඩනැගිල්ලකට ගිය මෝල්ඩර් සහ ස්කලිට කුඩා කුටිරයක පරණ පත්තර වලින් සාදන ලද අසාමාන්‍ය කුඩුවක් වැනි කොටසක් සහ මිනීමැරුම් වල සමරු ලෙස රැස්කළ භාණ්ඩ රැසක් හමු වේ.මෙහිදී මෝල්ඩර් විසින් සැක කරන්නේ ටුම්ස් යම් ආකාරයකින් ජාන විකෘතියක් නිසා දසක කිහිපයක් තාරකා නින්දේ සිටිමින් ඔහුට අවශ්‍ය ශක්තිය ඔහු විසින් ශරීර වලින් ඉවත් කරගත් අක්මා ආහාරයට ගැනීමෙන් ලබා ගන්නා බවත් ය.එම කුටියෙන් ඉවතට පැමිණෙන අවස්ථාවේදී සඟව සිටින ටුම්ස් විසින් ස්කලිගේ කර මාලය කඩා ගනී.
ස්කලී විසින් නැවතත් අත්හැර දැමු ගොඩනැගිල්ල විමර්ශනය කිරීමට නිලධාරින් යෙදෙව්වද කොල්ටන් විසින් මොල්ඩර්ට නොදන්වා එය නවතා දමයි.එම ස්ථානයට මෝල්ඩර් පැමිණෙන විට කිසිම නිලධාරියෙක් නොමැති බව දකින මොල්ඩර්ට සමරු භාණ්ඩ අතර තිබී ස්කලිගේ කරමාලය හමු වේ.
ඒ සැනින්ම මෝල්ඩර් ස්කලිගේ නවාතැනට පැමිණි අවස්ථාවේ ටුම්ස් සහ ස්කලී පොරබදින දර්ශනය නෙත ගැටේ.ස්කලී සහ මෝල්ඩර් දෙදෙනා එකතු වී ඉතා අමාරුවෙන් ඉයුජින් ටුම්ස් ට මාංචු දමා සිරගත කරගැනීමට හැකි වේ,එම සිර කුඩුව තුලත් ඔහු විසින් නව කුඩුවක් තනමින් සිටින බව දක්නට ලැබේ..
ඔබගේ දැනගැනීමට:
· මෙම කතාවේ ටුම්ස්ගේ චරිතයට දෙදෙනෙකු විසින් රංගනයෙන් දායක වී ඇත.
· ඩෝහ හචිස්සන් විසින් ටුම්ස් ගේ චරිතයේ අක්මා ආහාරයට ගන්නා රූප රාමුවට රඟපාන අතර එම කාලයේ ඔහු එළවළු පමණක් ආහාරයට ගන්නා අයෙක් බව සඳහන් වේ.නමුත් ඔහුව එම චරිතයට තෝරාගැනීමට ස්තුතිය පල කිරීමට ඔහු විසින් ක්‍රිස් කාර්ටර් වෙත සත්ත්ව අක්මාවක් තෑගී වශයෙන් යවා ඇත.
· අවසාන අවස්ථාවේදී ස්කලී විසින් දුරකථන සංවාදයක යෙදෙන කාමරයේ අංකය වශයෙන් 405 දක්නට ලැබේ.නමුත් මෝල්ඩර් විසින් එම දොර කඩාගෙන ඇතුලට එන විට එම කාමරයේ අංකය වශයෙන් අංක 35 සදහන්ව ඇත.
එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය………
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,507 downloadsDownload The-X-files-S01E03.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>Subtitles by
DHSS අනුරාධ
Subtitles
33 comments
Ishan
Kulanjana Maduranga
niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
thank you
Madusha
නියමයි සහෝ දිගටම sub දෙමු. බොහොම ස්තූතියි.
Hasanka Sanjana
Thankq Sub ekata
Denidu Nimsara
Thanks For The Sub
කේ.යූ.ජී. උදාර
දිගට දෙමු........ ඔන්න මේකත් ගත්තා.
සිංහල සබට බොහොම ස්තූතියි.yeshu
tnx
ramesh
machan singal episod torrent file eka nadda?
Eranga Sandaruwan
අහ්. නියමයි. ඉක්මනට දෙනව නේ. එල කිරි. දිගටම යමු. අතරමග නතර නොවී. ජය වේවා.....
රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ.. :) ජය වේවා !!
shamal
එල මචෝ දිගටම දෙමු
සුරනන්දන බණ්ඩාර ! රාජපක්ෂ !
2001 අවුරුද්දේ රැ 10.00 ඉදන් 11.30 වෙනකන් මේක බලලා ! ජාතික එකේ .එලියටවත් නොගිය අපි ඒ තරම් අපේ ජිවිත වලට මේ කතාව ඇගට' වැටුන මෝල්ඩර් ,ස්කලී යන දවස' බදාදා ඉතින් බ්‍රහස්පතින්දා දවසම ඉස්කෝලේ ෆ්‍රී පැයවල් වල කතා
කලේ අඩේ අරක මෝල්ඩර් හොයාගත්තේ කොමද බොරු නේද බන් ඕවා නැ බන් ඔහොම වෙන්ඩත් පුළුවන් කියලාඅද ඒ ෂිහිනේ අපේ අතට ඇවිත් ඔය නිසා දැන් අපිට ට්ව් එකේ යනකන් රැ එළිවෙනකන් ඇහැරිලා ඉන්ඩ ඕනේ නැ !
බයිස්කෝප් කාර්යමණ්ඩලයට' !
ඔබට
අනේකවාරයක්
තුති !
පින් !මටත් නැවත බයිස්කෝප් සමග එක් වීමට ඇති ආශාව වැඩි වුනත්' ඔවුන්ගේ තහනම නිසා සහ නොසැලකිල්ල නිසා කල නොහැකිය.
තව අපි ආස
* thunder-stone
* spases cases
* crash zone
* zack files
* young herculis
* herculis of the legand
* robinhood of shirwood
* spellbinder 1 , 2
* xeenaa
* the lost worldමේවත් පුළුවන්නම් කරන්න අයියේ !
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඊළඟ එකත් ඉක්මනට දෙන්න බලන්න...
ජයෙන් ජය...tharindu madushanka
thanks
janith
Thanks saho
saradi
thanks bro.
anuradha
thanks.season 10 yanawane dan aluthe eke sub hadala kata hari danna puluwannam godak hodayi
Asiri
පට්ටයි අයියේ දිගටම දෙමු.ඊලග සබ් එක එනකල් බලාගෙන ඉන්නේ.සබට තෑන්කූ.ජය වේවා.
නලින් පෙරේරා
බොහොම ස්තූතියි අනුරාධ සහෝ මේ කොටසත් ඉක්මනින් දුන්නට. ජය වේවා෴
Lahiru Amarathunga
Kung Fu Panda 3 sub eka ikamanata dennooooooo balanakan iwasillak neeeeeeeeeeeeeee :)
Ayesh Nadeeshan
digatama sub eka demu bro... thankz...
chamee
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
Udara Damith B\K
man thama eka kotasak wath downloard kare ne .................
Eth ithin comment ekak noda puluwanda .....................
ma meka passema balanawa................................
denata commwnt ekak danawa ..........................
thanka...........................................................Udara Damith B\K
man thama eka kotasak wath downloard kare ne .................
Eth ithin comment ekak noda puluwanda .....................
ma meka passema balanawa................................
denata commwnt ekak danawa ..........................
thanks...........................................................P.K
Thank you for the sub...
W A C E Weerasinghe
Thanks For The Sub
ShiRan
ජය වේවා!!!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි අනු.....ඔබට ජය !!"
tharindu
x files tv series eka download karaganna honda vidihak kiyanna puluwanda
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E03 – Squeeze] with Sinhala Subtitles| “අක්මා සොරා .” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

Thanx