කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනවේ,හතරවෙනි කතා සමයේ හතරවෙනි කොටස.. අද කතාවට IMDB දර්ශකයේ 8.3 ක අගයක් ලැබිලා තියෙනවා.. හරි අද කතාව ගැන කියනවානම්, කතාව මුලින්ම පටන් ගන්නේ, කාන්තාවක් පාස්පෝට් ඡායාරූපයක් ගන්න, කඩයකට ගොස්, ඒ පින්තූරය අරගෙන සල්ලි ගෙවීමට යාම…

කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනවේ,හතරවෙනි කතා සමයේ හතරවෙනි කොටස.. අද කතාවට IMDB දර්ශකයේ 8.3 ක අගයක් ලැබිලා තියෙනවා..
හරි අද කතාව ගැන කියනවානම්, කතාව මුලින්ම පටන් ගන්නේ, කාන්තාවක් පාස්පෝට් ඡායාරූපයක් ගන්න, කඩයකට ගොස්, ඒ පින්තූරය අරගෙන සල්ලි ගෙවීමට යාමේදී, තමාගේ පසුම්බිය වාහනේ දාලා ඇවිත් කියලා දැනගෙන, සල්ලි ගේන්න නැවත වාහනයට යෑමේදී, කිසියම් පුද්ගලයෙකු, ඇයව පැහැර ගැනීමේ සිද්ධියක් එක්ක..ඉතින් මෝල්ඩර්ටයි, ස්කලීටයි මේ පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න භාර වෙනවා..මේ වතාවේ ඔවුන්ට හමුවෙන සැකකරු, මානසික ආබාධයකින් පෙලෙන අයෙක්. නමුත් ඔහුට, හිස් ඡායාරූප පටලයක් දිහා බලාගෙන ඉඳලා, තමාගේ හිතේ තියෙන දේ සේයා පටලයකින් නිරූපනය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔහු දන්නේ නැහැ එහෙම හැකියාවක් තමාට තියෙනවා කියලා. ඉතින් ඔහු කාන්තාවන් පැහැරගෙන, ඔවුන්ගේ මනස සුවපත් කරනවා කියලා, ඔවුන්ගේ මොළයට සැත්කම් සිදු කරනවා..ඉතින් මොල්ඩර් සහ ස්කලී මේ සැකකරුව හොයාගන්නේ කොහොමද? මේ සැකකරු ඊලඟට කුමක් කරාවිද කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා.!!
“මේ කතාවේ එන ‘සිතුවිලි රූප’ (Thouhtography) කියන සංකල්පය ඇත්තටම පැවතුන සංකල්පයක්. එවැනි හැකියාවක් තාමට තිබෙන බවට පැවසූ කිහිපදෙනෙක්ම ඉතිහාසයේ සිටිනවා. නම් වශයෙන්.Tomokichi Fukurai, Eva Carriere,මෙම කතාවේ සඳහන් වෙන Ted Serios යන අයව හඳුන්වන්න පුලුවන්. ඔවුන් පවසන පරිදි, ඔවුන්ට හිස් ඡායාරූප පටලයක් දෙස අවධානය යොමු කරගෙන ඉඳලා, තමාගේ හිතේ මැවෙන රූපය, ඒ සේයාපටයට නංවන්න පුලුවන් හැකියාවක් ඔවුන්ට තියෙනවා..එලෙස නිර්මාණය කරපු ඡායාරූප ගනනාවකුත් ඔවුන් සාක්ෂි වශයෙන් දක්වලා තියෙනවා.”හරි එහෙමනම් කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් කොටසකින් හමුවෙන තුරු කට්ටියටම ජයවේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
3,779 downloadsDownload The.X-Files.S04E04.BDRip_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවීන් පෙරේරා
Subtitles
19 comments
podda
Chaturangagayan
Thanks sahoo sab ekata...
sandamal rajapaksha
Tanx brooo sub walata okkotama sub denna bro
denidu
NIyamai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks.
Navanjanaishan
Eturu tikat ohommam demu
suranuwan
thank you....
Ishan Madusha
ස්තූතියි
dreamsland
thank you
eranda weerasinghe
ස්තුතී
mtckmadu
Thank You...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
kodagoda
tnx sahoo
thison
season 9 koooo
Lasantharathnasirirox
Tnx yalu..
sadeepa
thank you bro................
Anonymous
Thanks Brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niyamai niyamai bro!!! puluwannam kalin wage WEBRIP walatama sub denna balanna.