කොහොමද කට්ටියට ඉතින්.පොරොන්දු වුනා වගේම ඔන්න අද ඔයාලට X Files කතා මාලාවේ හතරවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් අරගෙන තමයි ආවේ. අද කතාව, IMDB දර්ශකයේ 6.9 ක අගයක් ලබාගෙන තියෙනවා. හරි දැන් අද කතාව පැත්තට හැරෙමු. කතාව පටන්ගන්නේ, ගුවන් යානයක සිටින කලු ජාතික මිනිහෙක් යානයේ වැසිකිළියේදී කිසියම් අයෙකුගේ ප්‍රහාර…

කොහොමද කට්ටියට ඉතින්.පොරොන්දු වුනා වගේම ඔන්න අද ඔයාලට X Files කතා මාලාවේ හතරවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් අරගෙන තමයි ආවේ. අද කතාව, IMDB දර්ශකයේ 6.9 ක අගයක් ලබාගෙන තියෙනවා.
හරි දැන් අද කතාව පැත්තට හැරෙමු. කතාව පටන්ගන්නේ, ගුවන් යානයක සිටින කලු ජාතික මිනිහෙක් යානයේ වැසිකිළියේදී කිසියම් අයෙකුගේ ප්‍රහාරයකට ලක්වෙන දර්ශනයක් එක්ක. ප්‍රහාරයට ලක්වුන මිනිහගේ සිරුර හමුවන කොට ඔහුගේ සමේ වර්ණය තනිකරම සුදුපාටට හැරිලයි තියෙන්නේ. ඊට පස්සේ වෙනම සිදුවීමක ෆිලඩෙල්ෆියා වල කලු ජාතිකයින් අතුරුදහන් වීමේ සිද්ධියක් ගැන සාකච්ඡා කරන්න, ජාතික රෝග මර්දන ඒකකයේ නියෝජිතයෙක් පැමිනෙනවා, ස්කලීව මුණ ගැහෙන්න. ඔවුන්ට අතුරුදහන් වුන කලු ජාතිකයන්ගෙන් එක් අයෙකුගේ සිරුර හොයාගන්න පුලුවන් වෙලා තිබුනත්, ඔහුගේ මරණයට හේතුව හොයාගන්න පුලුවන් වෙලා නැහැ. මෙයාලට ඒ කලු ජාතිකයාගේ සිරුර හම්බවෙන කොට එයාගෙත් සමේ වර්ණය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින්, තනිකරම සුදුපාට හැරිලයි තිබිලා තියෙන්නේ. ඒ නියොජිතයා විශ්වාස කරන්නේ මේක කුමක් හෝ මාරාන්තික රෝගයක් කියලා..ඒ නිසා එයා ස්කලීට කියනවා මේ සිරුර ගැන පරීක්ෂා කරලා මේකට හේතුව මොකක්ද කියලා හොයන්න කියලා.. ඉතින් මෝල්ඩර්ත් මේ වැඩේට එකතු වෙනවා. සිරුර පරික්ෂා කිරීමෙන් ස්කලී හොයාගන්නවා, සමේ වර්ණය ඉවත්වීමට හේතුව, පිටියුටරි ග්‍රන්ථියේ පටක මිය යෑම කියලා. ස්කලී හිතන්නෙත් මේක කුමන හෝ රෝගයක් කියලා..මොල්ඩර් මේ මියගිය කෙනාගෙන් ලබාගත්ත දේවල් ටිකක් පරීක්ෂණාගාරයට යැවුවම එයාලට හම්බවෙනවා, බටහිර අප්‍රිකාවට පමණක් ආවේනික දුර්ලභ ගණයේ වැල්දොඩම් විශේෂයක බීජ වගයක්.හරි.. මම එතනින් කතාව නවත්තන්නම් කතාවේ ඉතුරු ටිකේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. එහෙමනම් කතාව බලන්න කියලා හැමෝටම ආරධනා කරනවා..තවත් කොටසකින් හමුවන තුරු කට්ටියටම ජයවේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,908 downloadsDownload The.X-Files.S04E03.720p.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවීන් පෙරේරා
Subtitles
13 comments
Diyath119
Chaturangagayan
Thanks sahoo, දිගටම sab දෙන්න . අපි බලාගෙන ඉන්නවා ...
sachithra
3 4 ektma dila aaaa!!!!.jaya wewa malli.
denidu
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
SUBATA THANKS
Pramukmili
thanxxxxx brother ............
suranuwan
thanks...
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
mogana007
mewage sub gann bene
Anonymous
Thanks Brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you saho