“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 13 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 21 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 7.6ක් ලැබිලා තියෙනවා .” “ අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. ෆ්ලොරිඩා වල ගුඩ්ලන්ඩ් කියන ගමට විශාල සුලිකුණාටුවක් එනවා. මේ ගමේ ජීවත්වෙනවා ශිප්ලේ කියලා පවුලක්. ඒ ප…

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 13 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 21 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 7.6ක් ලැබිලා තියෙනවා .”
“ අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. ෆ්ලොරිඩා වල ගුඩ්ලන්ඩ් කියන ගමට විශාල සුලිකුණාටුවක් එනවා. මේ ගමේ ජීවත්වෙනවා ශිප්ලේ කියලා පවුලක්. ඒ පවුලේ හැම සාමාජිකයෙක්ම මේ කුණාටුව අතරේ අමුතු විදිහක සතෙක් ඇවිත් පැහැරගැන්නවා. ”
“ ආතර් ඩේල්ස් : එෆ්.බී.අයි. වල එක්ස්-ෆයිල්ස් එකේ කලින් වැඩකරපු විශ්‍රාමික නියෝජිතයෙක්. ”
“ මේ ආතර් ඩේල්ස් කියන කෙනත් ජීවත්වෙන්නේ අර කියන ගම ළඟමයි. මෙයා පොලිසියට එන දුරකථන ඇමතුම් හොරෙන් අහන් ඉන්නකොට ශිප්ලේ මහත්මිය කෝල් කරලා කියනවා පොලිසියට එයාගේ මහත්තයව ලොකු අත් තියෙන සතෙක් ඇවිත් එයාව බෙල්ලෙන් අල්ලාගෙන ඇදගෙන ගියා කියලා. ඉතින් යාලුවනේ මේ ආතර් ඩේල්ස් මේ ගැන බලන්න එන්න කියලා නියෝජිත මොල්ඩර්ට පණිවිඩයක් යවනවා. හැබැයි ඉතින් මේ ගමනට එකතුවෙන්නේ මෝල්ඩර් විතරක් නෙමෙයි ස්කලීත් එකතුවෙනවා. ”
“ එයාලා ඊට පස්සේ අර ගුඩ්ලන්ඩ් කියන ගමේ ශිප්ලේ පවුල ජීවත්වුණු ගෙදරට යනවා. එහෙදි එයාලට දකින්න ලැබෙන්නේ අමුතු දෙයක් මොකද ඒ ගෙදර ඇතුලෙන් සීල් කරලා තිබිලා තියෙන්නේ, ඒවගේම සතෙක් ඇවිල්ලා කියලා කිසි හෝඩුවාවක් නැහැ. එයාලා මේ ගෙදර පරීක්ෂා කරන අතරේ ප්‍රාන්ත පොලිසියේ උප ප්‍රධානී ග්‍රියර් එහෙට එනවා ඒ ගෙදර බලන්න. මෙයාලා කොච්චර හෙව්වත් කිසි කෙනෙක්ව හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේක මෙයාලා ප්‍රාන්ත පොලිසියට භාර දීලා එහෙන් යන්න හදනවා. ඒත් යන්න බැරි වෙනවා මොකද ඒ වෙලාවේදී කුණාටුවේ තත්ත්වය තවත් දරුණු වෙලා තිබුණු නිසා. ”
“ මේ අතරේ අර උප ප්‍රධානි ග්‍රියර් ඒ පැත්තේ තියෙන තවත් ගොඩනැගිල්ලකට යනවා එහෙ මිනිස්සු ඉන්නවා කියලා හිතාගෙන, හැබැයි මෙයාට වැඩිදුර යන්න ලැබෙන්නේ නැහැ. මෙයාටත් අර සතා පහරදෙනවා. ස්කලීයි මොල්ඩරුයි සුලිකුණාටුව නිසා මේ ගොඩනැගිල්ලට යනවා උදව් ඉල්ලන්න. ඒ යනකොට මෙයාලා දකිනාඅ උප ප්‍රධානී ග්‍රියර් බිම වැතිරිලා බොහොම අමාරුවෙන් ඉන්නවා දකිනවා. ඉතින් ස්කලී වෛද්‍ය සහය ලබාගන්න අතරේ මෝල්ඩර් යනවා ගොඩනැගිල්ල සෝදිසි කරන්න………. ”
“ මොකද හිතෙන්නේ යාලුවනේ ස්කලීටයි මොල්ඩර්ටයි මේ අභිරහස් මුහුදු රාක්ෂයා ගැන හොයාගන්න පුළුවන් වෙයිද ?…. ”
“ ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතිරිය බලන්නම වෙනවා…… ”
කතාවේ නම : “Agua Mala”
පිටපත් රචනය : ඩේවිඩ් අමාන්
අධ්‍යක්ෂණය : රොබ් බෝමන්
නිෂ්පාදනය : බර්නාඩ් , ජෝන් ශිබන්, කිම්, රොබ්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන්
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
ජෝර්ජ් වින්සන්ට් – ජෙරමි රොබට්ස්
උප ප්‍රධානී ග්‍රියර් – ජොඑල් මිලර්
“ ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය……….. ”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.
3,243 downloadsDownload The.X-Files.S06E13.Baiscopelk.com-1.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
8 comments
suranuwan
madhu bhagya
Tnz
Madusara
Ela...thanks machan
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
podda
thanks bro!!!
Pramukmili
thanxx bro......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks bro...