Watch Trailer

The X Files [S06 : E14] Sinhala Subtitles | සඳුදා..!!!! [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 14 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 28 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9 ක් ලැබිලා තියෙනවා .” “ සඳුදා ” සඳුදා කියන දවසට කවුද කැමති සහ අකමැති…. කියන්න බලන්න. මොකද සෙනසුරාදයි ඉරිදයි නිදහසේ ඉඳලා ආපහු ඉස්කෝලේ හරි වැඩකරන තැනට හරි යන…

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 14 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 28 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9  ක් ලැබිලා තියෙනවා .”

“ සඳුදා ” සඳුදා කියන දවසට කවුද කැමති සහ අකමැති…. කියන්න බලන්න. මොකද සෙනසුරාදයි ඉරිදයි නිදහසේ ඉඳලා ආපහු ඉස්කෝලේ හරි වැඩකරන තැනට හරි යන දවස තමයි සඳුදා කියන්නේ. ඇත්තම කිව්වොත් මටත් ඉස්කෝලේ යන්නම හිතෙන්නේ නැති දවසක් තමයි සඳුදා කියන්නේ. ” කට්ටියම බලනවා ඇති ඇයි මම එහෙම කියන්නේ කියලා.

“මොකද මේ සිද්ධිය සිද්දවෙන්නේ සඳුදා දවසක, ඔව්.. ඔව්… ඔයාලා හරි ස්කලීටයි මොල්ඩර්ටයි තමයි.විශේෂයෙන්ම මොල්ඩර්ට. මෝල්ඩර් සඳුදා උදේ පරක්කුවෙලා නැගිටින්නේ මොකද එයාගේ එලාම් එකයි ෆෝන් එකයි දෙකම එයාගේ වතුර පුරවපු මෙට්ටයක් නිසා පිච්චිලා යනවා, ඉතින් මොල්ඩර්ට කාර්තුවකට සැරයක් තියෙන රැස්වීමට යන්න පරක්කුවෙනවා. ඉතින් මෙයා ඉක්මනට ලෑස්තිවෙලා යනවා කන්තෝරුවට, දන්නවනේ ඉතින් මෝල්ඩර් ගැන හැමදේම හොයන්නේ කවුද කියලා ස්කලී තමයි. ඊටපස්සේ මෝල්ඩර් ගෙහිමියාට දෙන්න තිබ්බ චෙක් එකකට මුදල් බැංකුවේ තැන්පත් කරන්න බැංකුවට යනවා. හැබැයි මෙහෙදී එක මිනිහෙක් එක පාරටම මේක මංකොල්ලයක් කියලා තුවක්කුවක් අරන් බැංකුවේ ඉන්න අයව බයකරලා සල්ලි ගන්නවා. මෝල්ඩර් පරක්කු නිසා ස්කලී බැංකුවට යනවා . එහෙදි එයත් අර බර්නාඩ් කියන මංකොල්ලකාරයට අහුවෙනවා. ඉතින් දන්නවනේ ස්කලීයි මොල්ඩර්ගෙයි හැටි එයාලා ලේසියෙන් දෙයක් අත්හරින්නේ නැහැනේ. එයාලා මේ බර්නාඩ් කියන කෙනාට තුවක්කුව බිමදාන්න කියද්දීම, එයා මොල්ඩර්ට වෙඩි තියනවා. ස්කලී එයාට කියනවා එයාට පොලිසියට භාරවෙන්න කියලා ඒත් මෙයා ඒ කියන දේ අහන්නේ නැතුව බඩේ බැඳගෙන හිටපු බෝම්බයක් පුපුරවා හරිනවා. ඔව්..ඔව්. ස්කලීයි මොල්ඩරුයි මැරෙනවා”

“ ආපහු සඳුදා උදේ….. ආපහු මොල්ඩර්ගේ මෙට්ටේ නිසා ෆෝන් ඔරලෝසු ඔක්කොම පිච්චිලා. මෙයා ආපහු කාර්යාලයට ගියහම ස්කලී කියනවා එයා රැස්වීමට පරක්කුයි කියලා. ආපහු මෝල්ඩර් අර චෙක් එක තැන්පත් කරන්න බැංකුවට යන්න හදද්දී ස්කලී කියනවා මේ වතාවේ එයා බැංකුවට යන්නම් කියලා. ස්කලී බැංකුවට ගියත් ඒ දේමයි සිද්දවෙන්නේ. අර බර්නාඩ් කියන කෙනා ආපහු සල්ලිගන්නවා තුවක්කු පෙන්නලා. මෝල්ඩර් ඔෆිස් එකේදී දකිනවා එයා වැරදි තැන කියලා චෙක් එක අත්සන් කරලා තියෙන්නේ.ඉතින් මෙයා අර බැංකුවට යනවා. මේ යන අතරේදී එක ගැහැණු කෙනෙක් කියනවා ආපහු “ ඒ බැංකුව ඇතුලට යන්න එපා , ගියොත් ඔය හැමෝම ආපහු මැරෙයි ” කියලා. ඒත් මෝල්ඩර් යනවා ආපහු අර බර්නාඩ් කියන කෙනා බෝම්බය පුපුරවනවා. ආපහු එයාලා මැරෙනවා. හැබැයි මෙයාලා ආපහු නින්දෙන් නැගිටිනවා ඒ සඳුදාමයි වෙලාව විතරයි වෙනස් , හැබැයි මෙයාලට ඒ සිද්දවෙච්ච කිසි දෙයක මතකයක් නැහැ… ”

“ මොකද හිතෙන්නේ යාලුවනේ මෙතන ඇත්තටම සිද්දවෙන්නේ මොකක්ද ? ස්කලීයි මොල්ඩරුයි මේ සිද්දවෙන දේ හරියට තෙරුම්ගනියිද ? ……….. ”

 “ ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතිරිය බලන්නම වෙනවා…… ”

කතාවේ නම : “Monday”

පිටපත් රචනය  : ක්‍රිස් කාටර්,වින්ස් ගිලිගන්, ජෝන් ශිබන්

අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්

නිෂ්පාදනය : ක්‍රිස් කාටර්

කතාව : ක්‍රිස් කාටර්

ප්‍රධාන නළු නිලියන්

ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්

ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්

වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි

කැරී හැමිල්ටන් – පෑම්

ඩරෙන් ඊ බුරෝව්ස් – බර්නාඩ්

“ ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය……….. ”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.

2,825 downloadsDownload The.X-Files.S06E14.Baiscopelk.com_.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,825 downloadsDownload Subtitles56 KB

8 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Navanjanaishan

    Thanks for sub!!!

  4. suranuwan

    thanks....

  5. Pramukmili

    thanxx bro...........

  6. madhu bhagya

    Tnz sub ekt

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. melinda

    thank you