Watch Trailer

The X Files [S06 : E21] Sinhala Subtitles | ක්ෂේත්‍ර චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව පටන්ගන්නේ වොලස් ස්චිෆ්, ඇන්ජෙලා ස්චිෆ් කියන දෙන්නව ඉතා අභිරහස් විදිහට සිදුවුණු මරණයක් මුල් කරගෙන. ඇත්තටම කියනවනම් ස්කලීටයි මොල්ඩර්ටයි පරීක්ෂණයට හම්බවෙන්නේ මේ දෙන්නගේ ඇටසැකිලි විතරයි. හැබැයි එයාලට ලැබුණු වාර්තා වල සඳහන් වෙන්නේ මේ ස්චිෆ් පවුලේ දෙන්නා අතුරුදහන් වෙලා හරියටම දවස් තුනයි කියලා. ඉත…

මේ කතාව පටන්ගන්නේ වොලස් ස්චිෆ්, ඇන්ජෙලා ස්චිෆ් කියන දෙන්නව ඉතා අභිරහස් විදිහට සිදුවුණු මරණයක් මුල් කරගෙන. ඇත්තටම කියනවනම් ස්කලීටයි මොල්ඩර්ටයි පරීක්ෂණයට හම්බවෙන්නේ මේ දෙන්නගේ ඇටසැකිලි විතරයි. හැබැයි එයාලට ලැබුණු වාර්තා වල සඳහන් වෙන්නේ මේ ස්චිෆ් පවුලේ දෙන්නා අතුරුදහන් වෙලා හරියටම දවස් තුනයි කියලා. ඉතින් මෙයාලට එක එක දේවල් හිතුනත් ඉතින් මෝල්ඩර් හිතන්නේ පිටසක්වලයෝ කියලා තමා. මරණ පරීක්ෂණ වාර්තාව කරද්දී මෙයාලට හම්බවෙනවා මඩගොහුරක තිබිලා ගෑවුනා කියන ද්‍රව්‍යයක්.

ඒ අතරේ මෝල්ඩර් යනවා මේ සිරුරු හම්බවුනු ප්‍රදේශය බලන්න. ඒ ප්‍රදේශයේ ඇවිදින අතරේදී එයාල බිම්මලක් පෑගෙනවා. ඒත් එය ඒක ගණන්ගන්නේ නෑ. මේ ඇවිදන් යන අතරේදී මෙයා වොලස් ස්චිෆ්ව දකිනවා. මේ ස්චිෆ් ගුහාවකට රිංගනවා. ඉතින් මොල්ඩරුත් එතනට යනවා, එතනට ගියහම දකින්න ලැබෙන්නේ අදහාගන්න බැරි දෙයක්, මොකද ඇන්ජෙලා සහ වොලස් ස්චිෆ් තවමත් ජීවතුන් අතර කියන එක. මෙයාලා මොල්ඩර්ට කියනවා එයාලට හම්බවුනු ඇටසැකිලි පිටසක්වලයෝ දාපු ඒවා, එයාලව බ්‍රවුන් කන්දේදී පහරගත්තා කියලා. මේ කතාවේ ඉතිරිය දැනගන්න එක ඔයාලට පවරනවා. මොකද කියනවනම් යාළුවනේ ඔයාලට අන්තිම වෙනකන්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද සිද්දවෙන්නේ කියලා, එහෙනම් අනිවා මේ කොටස බලන්නම ඕනේ.

  • අධ්‍යක්ෂණය – කිම් මැනර්ස්
  • නිර්මාණය – ක්‍රිස් කාටර්
  • IMDB දර්ශක අගය – 8.7
  • විකාශය වූ දිනය – 1999 අප්‍රේල් 25

ප්‍රධාන නළු නිලියන්

  • ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
  • ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩසන්
  • වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
  • රොබ්යන් ලයිව්ලි – ඇන්ජෙලා ස්චිෆ්
  • ඩේවිඩ් ඩේන්මන් – වොලස් ස්චිෆ්

ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.

3,554 downloadsDownload The.X-Files.S06.E21.Baiscopelk.com_.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

3,554 downloadsDownload Subtitles39 KB

8 comments

  1. madhu bhagya

    Tnz sub ekt

  2. deepalsamantha2

    thanks saho

  3. Pramukmili

    thanxx bro...........

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව එක කොටසයි....

  5. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. supundissanayake

    Sub දෙන්න කරන මෙ උත්සාහයට ඇත්තටම ස්තූතියි.

  7. suranuwan

    thanks bro......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P