කොහොමද යාලුවනේ ඔන්න ඉතින් 6 වෙනි කතාමාලාවෙන් පස්සේ 7 වෙනි කතාමාලාවේ 6 වෙනි කොටසේ ඉදලා ඉතුරු ටිකට සබ් කරන්නේ මම. මේක ඉල්ලන් කෑවා වගේ දෙයක් තමයි. ෆේස්බුක් එකේ අශාන් සහෝ දාලා තිබ්බා පොස්ට් එකක් 7 වෙනි කතා මාලාව ඉවර කරගන්න පොඩි උදව්වක් දෙන්න කියලා, ඉතින් මාත් කමෙන්ටුවක් දැම්මා අනිත් අය බාරගත්තට පස්සේ ඉ…

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් 6 වෙනි කතාමාලාවෙන් පස්සේ 7 වෙනි කතාමාලාවේ 6 වෙනි කොටසේ ඉදලා ඉතුරු ටිකට සබ් කරන්නේ මම. මේක ඉල්ලන් කෑවා වගේ දෙයක් තමයි. ෆේස්බුක් එකේ අශාන් සහෝ දාලා තිබ්බා පොස්ට් එකක් 7 වෙනි කතා මාලාව ඉවර කරගන්න පොඩි උදව්වක් දෙන්න කියලා, ඉතින් මාත් කමෙන්ටුවක් දැම්මා අනිත් අය බාරගත්තට පස්සේ ඉතුරු ටික මං කරන්නම් කියලා. අන්තිමේදී මට ඒ කතා මාලාවෙන්ම ඉතුරු කොටස් 16 ක්ම කරන්න වෙනවා, කොහොමහරි මේ කතා මාලාවටත් මාව සම්බන්ධ කරගත්තට අශාන් විමුක්ති සහෝට මාගේ ප්‍රණාමය… !!
෴ අද කොටස ෴
මේ සිද්ධිය වෙන්නේ චිකාගෝ පැත්තේ තියෙන ගොඩනැගිල්ලකදී. මෙතන පෝකර් තරඟයක් සිද්දවෙනවා. මෙතන ඉන්න තරඟකාරයෝ දෙන්නා හෙන්රි වීම්ස් සහ ජිමී කට්‍රෝනා. හෙන්රි වීම්ස් කියන්නේ හරිම අභිරහස් මනුස්සයෙක්, කතාව ඉස්සරහට යනකොට ඔයාලට තේරෙයි කොයිතරම් අභිරහස් කෙනෙක්ද කියලා. ජිමී කට්‍රෝනා කියන්නේ අපරාධකාරයෙක්, විශේෂයෙන්ම කිවුවොත් මෙයාව F.B.I. එකෙන් පවා හොයනවා. මේ හෙන්රි වීම්ස් කියන කෙනා මේ පෝකර් සෙල්ලමේ මැදදී නැගිටලා කියනවා, මට මේ දිනපු සල්ලි ටික ඇති මට දැන් යන්න ඕනේ කියලා. ඒත් ජිමී කට්‍රොනා කියන කෙනා හෙන්රිට යන්න දෙන්නේ නෑ. එහෙම සිද්දවෙද්දී කට්‍රෝනා එයාගේ ගෝලයින්ට කියනවා මෙයාව ගොඩනැගිල්ලෙන් එලියට දාන්න කියලා. ඉතින් මේ දෙන්නා වැඩි හොන්දටත් එක්ක තට්ටු 30 ක් උස ගොඩනැගිල්ලේ උඩම තට්ටුවට අරන් ගිහින් බිමට තල්ලු කරනවා. මේ කට්‍රොනා කියන කෙනා හිතන් ඉන්නේ හෙන්රි වීම්ස් මැරුණා කියලා, එයාට විතරක් මොකෝ අපිටත් හිතෙන්නේ එහෙමනේ, ඒත් මේ හෙන්රි වීම්ස් කියන කෙනා තට්ටු 30 ක් උඩ ඉදන් එච්චර දුරකින් වැටිලත් මැරිලා නැහැ. පුදුම වාසනාවක් නේද?
“ඉතුරු ටික දැනගන්න කතාව නම් බලන්නම වෙනවා හොඳේ…”
෴ කොටසේ විස්තරය ෴
කතාවේ නම – The Goldberg Variation
ලබා ඇති IMDB දර්ශක අගය – 8.4
නිල වශයෙන් විකාශය වූ දිනය – 1999 දෙසැම්බර් 12
අධ්‍යක්ෂණය – තෝමස් ජේ. රයිට්
තිර රචනය – ක්‍රිස් කාටර් සහ ජෙෆ්රි බෙල්
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
විලී ගාසන් – හෙන්රි වීම්ස්
රමී සාඩා – ජෝ කට්‍රෝනා
“ඊළඟ කොටසින් හමුවෙමු , වැරද්දක් එහෙම තියෙනවනම් කම්මැලි නොවී පහළින් කමෙන්ටුවක් දාන්න.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.
3,343 downloadsDownload The.X-Files.S07E06.Baiscopelk.com_.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
9 comments
Navanjanaishan
Marline
ඉතුරු sub ටිකත් ඉක්මනින් දාන්න
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata.. :)
Ithuru episode tiketh sub ikmanata demu.. ;)
Jaya wewa.!Dimuthu Nisansala
Thank you..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
suranuwan
thank you...
Pramukmili
Thanxx bro.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks a lot! Episode ඔක්කොටම sub denna.