෴ අද කොටස ෴ කැලිෆෝනියාවේ හොලිවුඩය පැත්තේ සිදුවුණු මිනීමැරුම් ගැන ස්කලීටයි මොල්ඩර්ටයි ආරංචිවෙනවා. ඒ වගේම මේ මිනීමැරුම් කලයි කියන්නේ මිනිස් වෘකයෙක්, සහ මේ වගේ සිද්ධි සිද්දවෙලා තියෙන්නේ පුර හඳ තියෙන දවස් වලට කියලා තමයි මේ දෙන්නට ආරංචිවෙන්නේ. මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේදී කීත් වෙස්ල් කියන උ…

෴ අද කොටස ෴
කැලිෆෝනියාවේ හොලිවුඩය පැත්තේ සිදුවුණු මිනීමැරුම් ගැන ස්කලීටයි මොල්ඩර්ටයි ආරංචිවෙනවා. ඒ වගේම මේ මිනීමැරුම් කලයි කියන්නේ මිනිස් වෘකයෙක්, සහ මේ වගේ සිද්ධි සිද්දවෙලා තියෙන්නේ පුර හඳ තියෙන දවස් වලට කියලා තමයි මේ දෙන්නට ආරංචිවෙන්නේ. මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේදී කීත් වෙස්ල් කියන උප පොලිස් ප්‍රධානියාට දැනගන්න ලැබෙනවා මේ කියන සතා මිනිස්සුන්ට කරදර කරනවා කියලා. උපප්‍රධානී එහෙට ගියහම ඌ ඔවුන්ට පහරදෙනවා.
මේ ගැන ස්කලීයි මොල්ඩරුයි එයාගෙන් ප්‍රශ්න කරනවා, එත් කීත් වෙස්ල් මුකුත්ම කියන්නේ නැහැ, එයා කියන්නේ ඒ වැඩේ කලේ මං පහරන්නෝ කට්ටියක් කියලා. ඊට පස්සේ මෙයාලා අර සිද්ධිය සිද්ද වුණු ස්ථානය සල නිවසට යනවා මේ ගැන දැනගන්න. එතැනදී ඒ ගැහැණු කෙනා කියන විදිහට දල සටහන් රූප ශිල්පියෙක් ඒ සතාව චිත්‍රයට නගනවා. එතන ඉන්න හැමෝම ඒක දැකලා පුදුමවෙනවා. “දන්නවද ඒ සටහනේ හිටියේ කවුද කියලා ෆ්‍රෙඩී කෲගර්”. මතක ඇතිනේ Freddy Kruger – Nightmare On Elm Street චිත්‍රපටි කතා මාලාවේ ඉන්නේ. ඇත්තටම මේ එයා වෙන්න පුලුවන්ද?
“තවදෙයක් කියන්න තියෙනවා මේ කොටස පටිගත කරලා තියෙන ආකාරය විශේෂයි. ඔයාලට ඒක පටන්ගැන්මේ ඉඳලම දැකගන්න පුළුවන්.”
෴ කොටසේ විස්තරය ෴
කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : මයිකල් ඩබ්. වැට්කින්ස්
විකාශය වූ දිනය : 2000 පෙබරවාරි 20
IMDB අගය : 8.5
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
උපප්‍රධානී කීත් වෙස්ල් – ජුඩ්සන් මිල්ස්
සාජන්ට් පෝලා – ඩී ෆ්‍රීමන්
ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.
ලිපිය – වරුණ විනෝද්
හරි එහෙනම් ඔන්න එක්ස් ෆයිල් හත්වන කතා මාලාවේ දොලස්වන කොටසත් අරගෙන ආව. මේ එපිසෝඩ් එක ඇවිල්ලා විශේෂ එපිසෝඩ් එකක් මොකද මේක 1987 විකාශය වීම ආරම්භ කරපු මේ වෙනකොට සීසන් 30 විකාශය වෙන Cops නමැති Reality-TV සිරීස් එකේ ක්‍රොස්වර්ක් එකක් විදිහට තමා යන්නේ.. ක්‍රොස්වර්ක් කිව්වත් එහෙමමත් නෑ. ඒත් ඒක සම්බන්ධ කරගෙන තමයි මේ එපිසෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ, මුළු එපිසෝඩ් එකම විඩීයෝ කණ්ඩායමක් සජීවීව රූපගත කරන විදිහට තමා පෙන්නන්නේ, අනිත් එපිසෝඩ් වලට වඩා කාලයක් ගියා මේක කරන්න, මොකද අමාරු වුනා තිබ්බ සංකීර්ණ භාවය නිසා. හරි එහෙනම් බලමු කතාව ගැන.
පසුගිය කොටසින්
පහුගිය කොටසින් අපිට බලාගන්න පුලුවන් වුනා නියෝජිත මෝල්ඩර්යි, නියෝජිත් ස්කයි දෙන්නා මෝල්ඩර්ගේ සහෝදරිය ගැන හොයන එක ගැන. මේ කොටසින් එයාගේ සහෝදරිය ගැන තොරතුරු ඔක්කම වගේ මේ දෙන්නා දැන ගන්නවා. ලොකු ප්‍රශ්නයක් වගේ නේ ඒක මෙයාලට තිබ්බේ කොහොමහරි. ඉතින් ඒකට මෙයාලට සහයක් ලැබෙනවා කෙනෙක්ගෙන්. එයාට ආත්ම එක්ක කතා කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා. මුලින් නම් ස්කයි මෙයාව විශ්වාස කරන්නේ නෑ. ඒත් මේ කෙනා තමන්ගේ පුතාව හොයන ගමන් තමයි මෝල්ඩර්ට උදව් කරන්නේ, කොහොමින් හරි අන්තිමේදි සැක හැර මෝල්ඩර් දැනගන්නව තමන්ගේ සහෝදරිය මැරිලා කියලත්.
අද කොටසින්
මම කලින් කිව්වා වගේම මේ කොටස සජීවිව රූපගත කරන විදිහට තමයි එපිසෝඩ් එක පෙන්නන්නේ… අද මෝලඩර් සහ ස්කලි යනව වෙයාර්වුල්ෆ් කෙනෙක් ගැන විමර්ශනයක් කරන්න, ඒත් එයාලා දැනගන්නවා මෙයලා මේ ගණුදෙනු කරන්නේ ඊට වඩා භයානක දෙයක් එක්ක කියලා. ජීවිත කිහිපයක් අහිමිත් වෙනව මේ විමර්ශනයන් අතරතුර, පොලිසියේ සහය ඇතිව මෝල්ඩර් සහ ස්කලි කොහොමද මේක විසදන්නේ කියලා මේ එපිය අරගෙනම බලන්න. මේකෙත් මෝල්ඩර් අධිස්වාභාවික දේවල් එකහෙලාම පිළිගත්තත්, ස්කලි නම් එහෙම ලේසියෙන් ඒවා පිළිගන්නේ නෑ කියලා ඔප්පු කරනවා.
එහෙනම් 13වෙනි කොටසත් අරගෙන හැකි ඉක්මනින් එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. ජය ශ්‍රී.
අද කතාවේ නම – X-cops
අධ්‍යක්ෂණය – Michael W. Watkins
කතාව රචනය – Chris Carter
රගපාන්නේ – David Duchovny, Gillian Anderson, Judson Mills
මේ කොටසට IMDb අගය – 8.6
විකාශනය – 2000 පෙබරවාරි 20
ඊලග කොටස – First Person Shooter
………..
ලිපිය – කවිශල් රසින්ත
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,878 downloadsDownload The-X-Files-S07-E12.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
6 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
suranuwan
thanks,,,,
Pramukmili
Thanxx bro.............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
X Files tv series එකේ දැනට site එකේ සබ් දීලා නැති සේරම episodeවලට සබ් දෙන්න බ්‍රෝ.. :)
ජය වේවා.!