Watch Trailer

Timeless [S01 : E09] with Sinhala Subtitles | ප්‍රේමය ලොව හැම තැනම ඇති [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් timeless 9 වෙනි කොටහත් අරගෙන ආවා. වෙනදා වගේම කලින් සතියෙන් ටිකක් මතක් කරගෙන ඉමු නේද එහෙනං. මතකනෙ ගිය සතියෙ කතාව වුනේ නීල් ආම්ස්ට්‍රෝන් ඇතුලු පිරිස හද වෙත ගිය ගමන කියලා. ඉතින් ඒකත් කඩා කප්පල් කරලා දාන්න හිතාගෙන තමයි ෆ්ලින් වර්තමානයේ, ඒ කියන්නෙ 2016 දි වෙයින් එලිස්ව හම්බවෙන්න යන්නෙ. එයා ඒ…

Timeless TV-2

ඔන්න ඉතින් timeless  9 වෙනි කොටහත් අරගෙන ආවා. වෙනදා වගේම කලින් සතියෙන් ටිකක් මතක් කරගෙන ඉමු නේද එහෙනං. මතකනෙ ගිය සතියෙ කතාව වුනේ නීල් ආම්ස්ට්‍රෝන් ඇතුලු පිරිස හද වෙත ගිය ගමන කියලා. ඉතින් ඒකත් කඩා කප්පල් කරලා දාන්න හිතාගෙන තමයි ෆ්ලින් වර්තමානයේ, ඒ කියන්නෙ 2016 දි වෙයින් එලිස්ව හම්බවෙන්න යන්නෙ. එයා ඒ දවස්වල හද ගමනට සහය දක්වපු කෙනෙක්. ඉතින් ෆ්ලින් ඔහුව හම්බවෙලා ඒ දවස්වල නාසා එකේ ආරක්ෂාව ගැන වගේ දේවල් අහලා දැනගන්නවා. ඉතින් එලිස් කියන විදිහට ඒ දවස්වල නාසා එකේ විශේෂ හැදුනුම්පතක් පාවිච්චි කරලා තියෙනවා. ඔය විස්තර දැනගත්තට පස්සෙ ෆ්ලින් ඇන්තනීත් එක්ක හද ගමන ගිය කාලයට යනවා. ඒ වෙයින් එලිස්ව හම්බවෙන්න. එතනදි එයාව මරලා එයාගෙ අර කලින් කියපු විශේෂ හැදුනුම්පත අරගෙන ඒකට ඇන්තනීගෙ ෆොටෝ එකක් දාලා වෙනම හැදුනුම්පතක් හදා ගන්නවා. ඒ වගේම බොරුවට පයිප්පයක් කැඩිලා තියෙනවා කියලා පයිප්ප බාස් කෙනෙක්ට කතා කරලා එයාවත් මරලා එයාගෙ ඇදුම් ටික අරගන්නවා. ඒ මේ හද ගමන අවුල් කරන්න ඕන කරන දෙයක් ඒ කියන්නෙ ටේප් එකක් එක්තරා අයතනයකින් ගන්න.

ඔය දේවල් ඔහොම වෙනකොට ලුසී ඇතුලු කට්ටියත් වැඩේට ලෑස්ති වෙනවා. එයාලටත් ක්‍රිස්ටෝපර් විවිධ හැදුනුම්පත් ටිකක් ගෙනත් දෙනවා. ඉතින් එයාලානම් කෙලින්ම නාසා එකේ වැඩට තමයි යන්නෙ. හැබැයි ඒ වෙනකොටත් ෆ්ලින් ඇතුලු කට්ටිය වැඩේට බැහැලා. ඒ කියන්නෙ ෆ්ලින් අර කලින් කියපු ටේප් එක ගන්න ලොක්මන් කියන කියන අයතනයට ගිහින්. එතනදි එයාට ගැහැණු කෙනෙක් හම්බවෙනවා. එයාගෙන් යන්න ඕනෙ තැනට පාර අහගන්නවා. හැබැයි ෆ්ලින් මේ කාන්තාවට සෑහෙන්න විදිහට කාරුණික වෙනවා. එයාගෙ වැඩ අගය කරනවා. කොහොමහරි ෆ්ලින් එයාට ඕනෙ කරන දේ එතනින් අරගෙන ඇන්තනීට දෙනවා. ඉතින් ඇන්තනී ඒකත් අරගෙන නාසා එකට ගිහින් එයාගෙ වැඩේ පටන් ගන්නවා. හැබැයි ඉතින් ලුසීටවත් වායට්ටවත්, රූෆස්ටවත් ෆ්ලින් හෙම කවුරුත් තාම හම්බවෙලා නැ. ඔහොම දේවල් වෙනකොට ඇන්තනී එයාගෙ වැඩේ අහවර කරලා එතනින් යනකොට රූෆස්ට මාට්ටු වෙනවා. එතනදි කොහොමහරි රූෆස් ඇන්තනීගෙ බෑග් එක අරගන්නවා. ඉතින් ඔය ගැන කියලා ඇන්තනී ෆ්ලින්ට කෝල් කරනවා. ඉතින් ෆ්ලින් අහන්නෙ රූෆස්ට ඒක හදන්න පුළුවන්වෙයිද කියලයි. ඇන්තනී කියන්නෙ එයාට ඒක කරන්න බෑ කියලා.

ඔය අතරෙ ෆ්ලින් අර ලොක්මන් එකේදි හම්බවුන ගැහණු කෙනා පස්සෙන් ගිහින් කතාවට අල්ල ගන්නවා. ඕවා වෙන අතරෙ රූෆස් ඇතුලු කට්ටිය ඇන්තනී ඇතුල් කරපු වෛරස් එක අයින් කරන්න කටයුතු කරනවා. ඒ කැතරින් ජොන්සන් කියන කලු ජාතික කාන්තාවගෙ උදව් ඇතිවයි. ඉතින් මෙයාලගෙ වැඩේ නම් හරියනවා හැබැයි එතෙන්ට ඇන්තනී තව කෙනෙක් එක්ක කඩා වදිනවා. එතනදි තමයි රූෆස් ඇන්තනීව අල්ලගෙන වෙඩි තියන්න යන්නෙ. ඒත් මනුස්සයා වෙඩි තියන්නෙ ඇන්තනී එක්ක ආව අනික් කෙනාට ඒ ඌ රූෆස්ට වෙඩි තියන්න ගිය නිසයි. කොහොමහරි රූෆස් මනුස්සයෙක්ව එතනදි මරනවා. ඒකනම් ඇන්තනී බලාපොරොත්තු නොවුන දෙයක්. කොහොමහරි ඇන්තනී එතනින් පැන ගන්නවා. ඒ වගේම රූෆස් කරන්න ආව වැඩෙත් හරි ගිය නිසා එයාලත් එතනින් පැන ගන්නවා. ඔය අතරෙ වායට් ගිහින් අර කලින් ෆ්ලින් හම්බවුන ගැහැණු කෙනාව හම්බවෙන්න. වායට් එයාට කියන්නෙ ෆ්ලින් කියන්නෙ ඔත්තුකාරයෙක් කියලයි. එතකොට තමයි ටිවි එකේ යන්නෙ හදට ගිය ගගනගාමීන්ට ප්‍රශ්නයක් නෑ කියලා. ඒක පෙන්නන්න මරියා[ගැහැණු කෙනා] එයාගෙ ළමයා එක්ක එන්න යනකොට තමයි දකින්නෙ ෆ්ලින් එයාගෙ ලමයට එන්නතක් විදිනවා. බැලින්නම් ඒක විදලා තියෙන්නෙ එයාව බේර ගන්න. කොහොමෙන් කොහොමහරි ෆ්ලින් එතනින් පැනලා යනවා. ඒ වගේම ලුසී ඇතුලු සෙට් එකත් ආපහු 2016 එනවා.

එහෙදි නියෝජිත ක්‍රිස්ටෝපර් ෆ්ලින් ගැන තියෙන ෆයිල් එකක් පෙන්නනවා. ඒකෙ තියෙන හැටියට මරියා කියන්නෙ ෆ්ලින්ගෙ අම්මා. ෆ්ලින් බේරගෙන තියෙන්නෙ ඔහුගෙ අඩ සහෝදරයව. ඉතින් ඕකට ලුසීට අවුල් යනවා. මොකද ඉතින් ලුසීට එයාගෙ සහෝදරිය නැතිවෙලා කියලා මතකනෙ. ඒ වගේම අන්තිමේදි ලුසී රූෆස්ව හම්බවෙනවා. ඒ එයා කරපු දේ ගැන කතා කරන්න. මොකද රූෆස් කෙනෙක්ව මැරුවා. ඒත් එයාට අවුලක් දැනෙන්නෙ නෑලු තින් රූෆස් ලුසීගෙන් අහනවා “ලුසි, මං මොකෙක් බවටද පත්වෙන්නෙ?” කියලා. ඔන්න ඔහොම තමයි පහුගිය සුමානෙ කොටහා අවසන් වුනේ.

අද කොටසින්,

අද කොටසින් වැඩිපුරම කියවෙන්නෙ රිට්න්හවුස්ලා ගැන තමයි. මොකද අද ෆ්ලින් අතිතයට යන්නෙ එයාලට අයිති යතුරක් හොයාගෙන. ඒ වගේම නියෝජිත ක්‍රිස්ටෝපර් එහෙමත් දැන් ටික ටික රිට්න්හවුස් ගැන හොයන්න පටන්ගන්නවා. ඉතින් අද කොටහා මෙතන ඉදන් බලලම ඉන්න. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු.

ජය වේවා!

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Timeless.S01E09.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,205 downloadsDownload Timeless.S01E09.Baiscopelk.com_.zip52 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode               All Episodes                      Next Episode >>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

2,205 downloadsDownload Subtitles52 KB

21 comments

  1. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  2. එල්.සී. දමැල්

    Thankz Lahiru

  3. sherlock galle

    Thanks

  4. King Ruwan

    thanks saho sub ekata......

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  6. Ushan

    Sub ekta thanks

  7. Dilan RG

    sabata thanku bro

  8. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි......

  9. yumal

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!!

  10. praneeth madu

    බොහොම ස්තූතියි

  11. Prasad Randunu

    Thank u bro... Jaya Wewa...!

  12. Brother007

    tq wewa.... digtama kragena yamu.....

  13. Carlton Bandara

    Thankzzz bro

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. කවින්ද බුද්ධික

    සබ් එකට ස්තූතියි සහෝ,ජය වේවා..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  18. මධූ

    මං මේ දැන් තමා පළමු වරට ඔයාලගේ වෙබ් එකෙන් Timeless (ෆිලම් එකක්) බාගත්තෙ. මේ වැඩේ ගොඩක් මහන්සි වෙලා කරන දෙයක් බව පේනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලා ගැන. සුභ පැතුම් ඉදිරියටම යන්න.

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  20. Tharindu

    Thank

  21. chinthaka.max4

    thankx machan