ඔන්න ඉතින් ටයිම්ලස් අටවෙනි කොටසත් අරගෙන ආවා. අදනම් සෑහෙන්න පරක්කුයි. වෙන මොකවත් හින්දා නෙවෙයි. මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්න නිසා තමයි පමා වුනේ. ලබන සතියෙ ඉදන් සුපූරුදු වෙලාවට දෙන්නම්. කලින් සතියෙ නම් ආරම්බයෙදිම ලුසී ඇතුලු කට්ටිය අතීතයට ගිහිනුයි උන්නෙ. ඒ 1754 ට. ඒ වුනත් එහෙදි මෙයාලා පස්සෙන් ප්‍රංශ…

ඔන්න ඉතින් ටයිම්ලස් අටවෙනි කොටසත් අරගෙන ආවා. අදනම් සෑහෙන්න පරක්කුයි. වෙන මොකවත් හින්දා නෙවෙයි. මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්න නිසා තමයි පමා වුනේ. ලබන සතියෙ ඉදන් සුපූරුදු වෙලාවට දෙන්නම්.
කලින් සතියෙ නම් ආරම්බයෙදිම ලුසී ඇතුලු කට්ටිය අතීතයට ගිහිනුයි උන්නෙ. ඒ 1754 ට. ඒ වුනත් එහෙදි මෙයාලා පස්සෙන් ප්‍රංශ හමුදාවෙ කට්ටියක් පන්නගෙන එනවා. කොහොම පැනලා යාගන්න බැලුවත් මේ තුන්දෙනා හමුදාවෙන් අල්ලගන්නවා. ඒත් ඉතින් වායට්ගෙ සැලැස්මක් හින්දා එතනින් කොහොමහරි පැනගන්න පුළුවන් වෙනවා. එතනින් පැනලා යන ගමන් වායට් රූෆස්ගෙන් එයාට රිටන්හවුස්ලා දුන්න රෙකෝඩරය ඉල්ලගෙන විසිකරලා දානවා. පස්සෙ මේ තුන්දෙනා යන්නෙ එයාලගෙ යානය ලගට. ඒ වෙනකොටත් එතනට ෆ්ලින්ගෙ අය ඇවිත් ලයිෆ්බෝට් එකට බෝම්බ තියෙනවා. වායට් කොහොම උත්සහා කලත් බෝම්බ ටික පුපුරවන එක නතර කරන්න, එක බෝම්බයක් කොහොම හරි පුපුරවනවා. ඒකෙන් යානයට හානි වෙනවා මෙයාලට 1754න් පැන ගන්න බැරි විදිහට. ඒ නිසා වායට් ෆ්ලින්ගෙ යානයට යාගන්න උත්සහා කලත් ඒකත් හරියන්නෙ නැ. ඉතින් මේ තුන්දෙනා මේ කාලයෙ හිර වෙනවා.
ඉතින් රූෆස් කියන විදිහට එයාට ඕනෙ කරන දේවල් තිබුනොත් යානය හදන්න පුළුවන් කියලයි. ඉතින් අමුද්‍රව්‍යය හොයාගන්න තියෙන එකම තැන ඩුකේන් බලකොටුව විතරයි. ඒත් සංචලන පද්ධතිය නැතුව රූෆස් කියන විදිහට හරියටම යානය ගොඩබාන තැන කියන්න බෑලු. එතකොට තමයි එයාට මතක් වෙන්නෙ මූල පත්‍රය. ඉතින් රූෆස් ලියුමක් ලියනවා මේසන්ට. ඒක ලියලා ප්ලාස්ටික් බෝතලේක දාලා ලයිෆ්බෝට් එක ඉස්සරහින් වලලනවා.
ඔය අතරෙ තමයි මේසන් සමාගමේ අය කලබලවෙලා මෙයාලට මොකද වුනේ කියලා හොයන්නෙ. මොකද ඒ වෙනකොටත් ෆ්ලින් වර්තමානයට ඇවිත් නුමුත් ලුසී ඇත්ගුලු කට්ටිය ඇවිත් නැති හින්දා. එතකොට තමයි මේසන්ටත් මූලපත්‍රය ගැන මතක් වෙන්නෙ.
ඔය අතරෙ තමයි මේසන්ට රිටන්හවුස්ලගෙන් කෝල් එකක් එන්නෙ. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි ලුසීගෙ තාත්තා බෙන්ජමින් කේහිල්ගෙන්. එයා මොනවටත් වඩා අහන්නෙ ලුසි නැතිවෙච්ච එක ගැන. එකෙන් තේරෙනෙවා මෙයා ලුසි කියන්නෙ තමන්ගෙ දුව කියලා කලින් ඉදන්ම දන්නවා කියලයි. ඒ කොහොමද කියලනම් දන්නෙ නැ. මට මතකයි කොමෙන්ටුවක තිබුනා ලුසීගෙ මතකය නැතිකරලා මේ වැඩේට අරන් ඇතියි කියලා. ඒකත් ටිකක් විතර හරියන්න පුළුවන්. ඒත් හරියටම එහෙමද කියලා කියන්න තරම් දේවල් නෑනෙ. කොහොමවුනත් ඔය කතා බහා නියෝජිත ක්‍රිස්ටෝපර් අහන් ඉන්නවා. මේකෙන් එයාට මේසන් ගැන සැකයක් ඇතිවෙනවා.
ඔවා ඔහොම වෙන අතරෙ තමයි ලුසී අහන්නෙ ඔය වැඩේ හරියාවිද කියලා. ඉතින් රූෆස් කියන්නෙ මේක කවදාවත් කවුරුත් කරලා නැති හින්දා විශ්වාස නැ කියලයි. ඒත් ඉතින් මතකනෙ ඔය වැඩේ ෆ්ලින් කලා කියලා. අර න්‍යෂ්ටි ටික අරන් එන්.
ඔය අතරෙ ලුසි ඇතුලු කට්ටිය යනවා යානයට ඕනෙ කරන කොටස් හොයාගෙන එන්න. ඒත් ඉතින් අර ප්‍රංශ කාරයොනම් මේ අයව හොයන වැඩේ අතෑරලා නැ. ඉතින් ඕවගෙන් බේරිලා යන අතරෙ තමයි මේ අයව ගෝත්‍රකයින් පිරිසිකටත් අහුවෙන්නෙ. එතනින්නම් ලාවට බේරෙනවා. ඉතින් ඕව වෙන අතරෙ තමයි මේසන් ඇතුලු කණ්ඩායමත් රූෆස් මූලපත්‍රයට අනුව සටහනක් එවන්න ඇති කියලා එක්තරා තැනක් හාරන්න පටන් ගන්නෙ. ඉතින් සමහරුන්ටනම් ප්‍රශ්නයක් එති කොහොමද මේසන්ලා හරියටම තැන දන්නෙ මෙතනයි රූෆස් ලියුම වල දැම්මෙ කියලා. මෙහෙමයි, මේසන් සමාගමේ අය තමයි ලයිෆ් බෝට් එක ප්‍රෝග්‍රෑම් කරලා යන්න ඕනෙ මොන කාලයටද කොහාටද, කොතෙන්ටද කියලා තීරණය කරන්නෙ. ඉතින් එයාලා හරියටම දන්නවා අතීතයෙ කොහෙද, කොතනද යානයෙ තියෙන්නෙ කියලා. ඒ අනුව වර්තමානයෙ ඒ තැන හාරනවා. ඉතින් එයාලට ලියුමනම් හම්බවෙනවා. ඒත් ඒකෙ දේවල් මැකිලා ගිහින්.
කොහොමහරි ලුසි ඇතුලු කට්ටිය ඩුකේන් බලකොටුවට රිංගලා එයාලට ඕනෙ දේවල් හොයාගෙන එතනින් පැනගෙන යානය ලගට එනවා. කොහොමහරි යානය හදාගන්නවා. ඒත් අවුලකට තියෙන්නෙ සංචලන පද්ධතිය නැතුව කොහාට යානය ගොඩ බායිද කියන එකයි. ඔය අතරෙ තමයි ජියාට රූෆස් එවපු පණිවුඩය සම්පූර්ණ කර ගන්න පුළුවන් වෙන්නෙ.
කොහොමහරි අන්තිමට හැමෝගෙම උදව් ඇතුව ලුසී ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා හරියටම මේසන් සමාගම ඇතුලටම ආපහු එන්න. ඉතින් මං ගිය සතියෙ අන්තිමට කිව්වනෙ රූෆස්ට හොද දවසක් කියලා. ඒ රූෆස්ට ජියාගෙන් කිස් එකක් ලැබෙන නිසයි. අවසානයෙ කට්ටිය එකතුවෙලා බීමක් එහෙම බොන ගමන් දේවල් කතා කරනවා. ඔහොම තමයි පහුගිය සුමානෙ කොටස අහවර වුනේ.
අද කොටසින්…
අද ඉතින් ඇපලෝ 11 යානය හදට ගියපු එක ගැන තමයි තියෙන්නෙ. ආයි ඉතින් කියන්න ඕනෙ නෑනෙ. ෆ්ලින් ඒකත් කඩා කප්පල් කරන්න තමයි හදන්නෙ. ඉතින් ඔයාලම බලලා ඉන්නකො. ඊලග කොටසින් හම්බවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Timeless.2016.S01E08.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,837 downloadsDownload Timeless.2016.S01E08.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
18 comments
dharshana...
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
sherlock galle
Thanks
Indika
ස්තූතියි සහෝ….!
Maithree
Thanks
yumal
thankZZZZZZZZ bro!!!!!!!!!!
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි සහෝ...
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Brother007
ela ela...limiyanam sirwtama maru..okkoma mthk krla thyanwa.... dgtma kagena ymu........ jaya wewa..
Danu21510
Thanx මචන් sub එකට. ආසාවෙන් බලන එකක් මේක. දිගටම sub දියන්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පුෂ්ප සමීර
සබ් එකනම් සුපිරි බ්‍රෝ.....දිගටම කරගෙන යන්න.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ushan
Sub ekata thanks
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Tharindu
Thank
chinthaka.max4
thankx machan
Advertisement

Thanks...