Episode 01 | අප්‍රිකාවේ සැවානාහි කුඩා ජීවින් BBC නාලිකාව මගින් නිර්මාණය කරලා ලොව පුරා බෙදාහැරපු Planet Earth වැඩසටහන නොබලපු කෙනෙක් නැති තරම් කියලා මං හිතනවා. එහෙම නොබලපු කෙනෙක් ඉන්නවනම් දැන්ම අපේ අඩවියෙන් අරගෙන බලන්න කියල මං බලකරලාම කියනවා. මොකද ඒ වගේ නිර්මාණයක් බලලා නැත්තන් වැඩක් නෑම තමයි. ඉතින් ම…

Episode 01 | අප්‍රිකාවේ සැවානාහි කුඩා ජීවින්
BBC නාලිකාව මගින් නිර්මාණය කරලා ලොව පුරා බෙදාහැරපු Planet Earth වැඩසටහන නොබලපු කෙනෙක් නැති තරම් කියලා මං හිතනවා. එහෙම නොබලපු කෙනෙක් ඉන්නවනම් දැන්ම අපේ අඩවියෙන් අරගෙන බලන්න කියල මං බලකරලාම කියනවා. මොකද ඒ වගේ නිර්මාණයක් බලලා නැත්තන් වැඩක් නෑම තමයි. ඉතින් මේ වතාවේ මං ඒවගේම තවත් සුපිරි වාර්තා වැඩසටහනක් අරගෙන තමයි ඔයාලා හමුවට ආවේ. ඒ වගේම කිවුවට ඊටත් වඩා හොඳ වෙන්නත් පුළුවන්. හැබැයි හැමදේම රඳාපවතින්නේ ප්‍රේක්ෂකයාගේ කැමැත්ත මතනේ. දැනටමත් ගොඩක් අය මේක බලලා ඉන්නේ වෙන්නත් පුළුවන්, නැත්තන් අපේ අඩවියෙන් දෙනකන් බලන් හිටියා වෙන්නත් පුළුවන්. කොහොමහරි ඔය දෙගොල්ලන්ටම බලන්න කියලා ඔන්න මං කොටස් හයක්ම අරගෙන ආව.
ඒවගේම කියන්න ඕනේ, හැමදාම වනජීවී වැඩසටහනක් බලද්දී මට මුලින්ම මතක්වෙන්නේ අපේ රටේ රුපවාහිනියේ විකාශය උනු Wild Asia සහ සැරිසර යන වැඩසටහන් දෙකයි. මන් හිතනවා ඒ දෙක ලංකාවේ ගොඩක් අය වැඩියෙන්ම ආදරය කරපු වැඩසටහන් දෙකක් කියල. ඒවාගේ නිර්මාණ කරුවන්ටත් ස්තුති කරන ගමන්ම අද කතාවට ප්‍රවේශය අරගන්නම්.
අපි හැමෝම දන්නා APPLE TV+ ආයතනයෙන් තමයි මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන Paul Rudd තමයි මේකේ කතානායක නොහොත් විචාරකවරයා ලෙස කටයුතු කරන්නේ. Planet Earth තරම්ම නැතිවුනත් මේ කතාමාලවටත් 9.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ඒවගේම සීසන් දෙකක් නිකුත් උනා. මේ පලවෙනි එක. හැබැයි දෙවෙනි එකත් අනිවාරෙන්ම මං අරගෙන එනවා. හැම කොටසක්ම විනාඩි 30-35ත් අතර තමයි තියෙන්නේ.
ඉතින් නමේ විදිහටම අන්තර්ගතය තුල 99%කම අවධානය දීලා තියෙන්නේ පුංචි ජීවිත වෙනුවෙන්. ඇත්තටම මට මේක බලද්දී හිතුනේ, “මේ යක්කු කොහොමද අප්පා මේවා වීඩියෝ කලේ?” කියලයි. ඒ තරමටම සියුම් ලෙස සෑම චලනයක්ම කැමරා කාචයට හසුකරගෙන තියෙන විදිහනම් වචනයෙන් විස්තර කරන්න බැරිතරම් අපූරුයි. ඒවගේමයි හැමදේකටම නොදෙවෙනි පසුබිම් සංගීතය. මේවා හැම දෙයක්ම සර්ව සම්පූර්න උනාට පස්සේ අපිට මේ ලබාදෙන අත්දැකීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම ආස්වාදජනකයි.
විශේෂයෙන්ම ඔයාලට කියන්න තියෙන්නේ, මේ කතාමාලාවේ ගොඩාක්ම ඉන්නේ අපේ රටේ දකින්න නොලැබෙන සත්ව විශේෂයි. ඒක නිසා ඒ අයට ගැලපෙන සිංහල නමක් හොයාගන්න අමාරුයි. හැමෝටම ලේසි වෙන්න මං ඔවුන්ගේ නියම නමින්ම උපසිරැසිය නිර්මාණය කළා. ඉතින් අද කොටසින් ඔයාලට දැකගන්න ලැබෙන්නේ අප්‍රිකාවේ සැවනා හි ජීවත්වෙන සත්ව විශේෂ සහ ඔවුන්ගේ ජීවිතය හැඩගැසී ඇති ආකාරයයි. ඒවගේම මේ කතාමාලාවේ කොටස් බෙදලා තියෙන්නෙත් එක් එක් දේශගුණ තත්ව, වනාන්තර ,ශුෂ්ක කලාප සහ දූපත් විදිහටයි.
Episode 02 | ලතින් ඇමරිකානු වනාන්තර

ඔයාලා සියලුදෙනාම මේ එකතුවෙන්නේ අලුත් වාර්තා වැඩසටහනේ දෙවෙනි කොටසත් සමගයි. පලවෙනි කොටස බැලුවානම් අනිවාරයෙන්ම මේක ඔයාලට හිතට අල්ලන්න ඇති කියල හිතනවා. මොකද නිෂ්පාදක කණ්ඩායම දරල තියෙන වෙහෙස ඔයාලටත් පොඩ්ඩක් හරි දැනෙන්න ඇති කියල මන් හිතනවා. වැඩි විස්තර දැකගන්න ඕනෙනම් Behind the scenes බලන්න කියල මන් යෝජනා කරනවා. එතකොට දැකගන්න පුළුවන් මොනතරම් පරිශ්‍රමයක් දරලා තියෙනවාද කියල. එහෙනම් ඉක්මනට මන් අද කොටස වෙත යන්නම්..
අද වැඩසටහන වෙන්වෙලා තියෙන්නේ ලතින් ඇමරිකාවේ වනාන්තර වෙනුවෙන්. වනාන්තරයේ එක ගහක කොයිතරම්නම් පුංචි ජීවින් ජිවත්වෙනවද කියල ඔයාලට හිතාගන්න පුලුවන්ද? ඇත්තටම සාපේක්ෂව ගත්තොත් ජීවින් වර්ග 5000කට අධික සංඛ්‍යාවක්. ඉතින් මේ තරම් ප්‍රමාණයකින් අපේ ගවේෂක කණ්ඩායම අද ප්‍රධාන කරගෙන තියෙන්නේ, ස්ට්‍රෝබෙරි ඩාර්ට් කියන ගෙඹි විශේෂය/ ලොව ජිවත්වන කුඩාම වඳුරු විශේෂය වන පිග්මි මාර්මොසෙට් සහ ලොව කුඩාම කුරුළු විශේෂය වන හමින්ග්බර්ඩ්ටයි. තවත් සත්ව විශේෂ ඉන්නවා, නමුත් වැඩි අවධානයක් ලබාදීලා තියෙන්නේ මේ තුන්දෙනාට. එහෙනම් කතාකලා ඇති. කලින් කොටස සහ අද කොටස ගැන අදහසුත් කියන්න කියල ඉල්ලන ගමන් මං මෙතනින් නවතිනවා.
තුන්වැන්නෙන් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,554 downloadsDownload Tiny-World-S01-E01-E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
17 comments
Anonymous
Sajith
Ela machan
Sohan Jayasooriya
මේවා නම් වටිනව මචෝ.. තැන්කූ හොඳේ..
Rakitha Poornima Ranathunga
උඹ එන පොට හරි නෑ
Sohan Jayasooriya
සබ් හැදිල්ල නවත්තලා සාස්තර කිව්වොත් හොඳ නැද්ද මචෝ :) :) :)
vihanga
superb.thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Amil Gamage
Thank you Very Much for the Sub
Anonymous
machan meka gan link eka diyan ko.me wage wadasatahan sinhala sub eka denawata tnx bn
Vihanga
මේවගේ documentary වලට sub දෙනවට ගොඩක් ස්තුතියි.
Top Secret UFO Projects Declassified වාර්තාමය වැඩසටහනටත් sub දෙන්න පුළුවන්ද?
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
කවිඳු ජයවර්ධන
තෑන්ක්ස් මචන්....
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
thank you documentry walata sub denawata
සුභාෂිණී මල්ලව ආරච්චි
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tiny World [S01 : E01 & E02] Sinhala Subtitles | අප්‍රිකාවේ සැවානාහි කුඩා ජීවින් හා ලතින් ඇමරිකානු වනාන්තර [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/09/Tiny-World-Season-1-Featured-Image.jpg)


fttt