Episode 03 | කැරිබියන් දූපත් ඔන්න එහෙනම් මන් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. පලවෙනි කොටසේ හඳුන්වාදුන් අප්‍රිකාවේ සැවානා ප්‍රදේශ සහ දෙවෙනි කොටසේ අපි දැකපු ලතින් ඇමරිකානු වනාන්තර වල වෙනස්කම් දැක්කම හරියට අහසයි පොලවයි වගේ නේද? නමුත් මෙතුවක් කල් දැකපු නැති, පියවි ඇසට කලාතුරකින් දකින්න ලැබෙන කුඩා ජීවි විශේෂ…

Episode 03 | කැරිබියන් දූපත්
ඔන්න එහෙනම් මන් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. පලවෙනි කොටසේ හඳුන්වාදුන් අප්‍රිකාවේ සැවානා ප්‍රදේශ සහ දෙවෙනි කොටසේ අපි දැකපු ලතින් ඇමරිකානු වනාන්තර වල වෙනස්කම් දැක්කම හරියට අහසයි පොලවයි වගේ නේද? නමුත් මෙතුවක් කල් දැකපු නැති, පියවි ඇසට කලාතුරකින් දකින්න ලැබෙන කුඩා ජීවි විශේෂ දකිනකොට මටනම් ඇත්තටම ලොකූ සතුටක් ඇතිවුනා මේ වගේ වැඩසටහනක් නිර්මාණය කරන්න පවා ඔවුන්ට අදහසක් පහල වුනු එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන පොඩ්ඩක් කියල ඉන්නම්.
ශුෂ්ක ප්‍රදේශ සහ වනාන්තර ගැන අපිට පෙන්නලා දීපු වාර්තා කණ්ඩායම මේ වතාවේ අපිව අරගෙන යන්නේ කැරිබියන් දූපත් වලටයි. ඇත්තටම මේ දූපත් මිහිපිය පාරාදීසයක් වගේ. ඒ තරම් ලස්සනයි. දුපත වගේමයි එහි ජිවත්වන ජීවින්, ඔවුන් හැම කෙනාම වගේ ආවේනික ජීවින්. ඉතින් අදත් මෙහි ප්‍රධාන සත්ව විශේෂ කිහිපයක් ගැන මං මතක් කරන්නම්.
ඒ, ලොව කුඩාම පක්ෂි විශේෂය වන මී මැසි හමින්ග්බර්ඩ් / කැරිබියන් දූපත් වලට ආවේනික කටුස්සන් / පොල් ගෙඩි තරම් විශාල වල කකුළු විශේෂ සහ අභිජනනය උදෙසා මීටර් 350ක් පමණ උස දිය ඇලි දක්වා ආපස්සට ගමන් කරන ට්‍රයි-ට්‍රයි ගෝබි මාළු විශේෂයයි. මිට අමතරව තවත් ගොඩක් ඉන්නවා. සේරම මෙතන කියන එක සදාචාරසම්පන්න නැති නිසා මෙතනින් මං ලිපිය අවසන් කරනවා.
Episode 04 | ඕස්ට්‍රේලියාවේ අවුට්බැක්

ඉක්මනට අද ලිපිය ඉවරකරන්න ඕන නිසා කලින් කොටස් වල තේමාව විතරක් මතක් කරලා අද කොටසට එන්නම්. පළමු කොටසින් අපි බැලුවේ අප්‍රිකාවේ සැවනා වනාන්තර. ඊටපස්සේ දෙවෙනි කොටසින් ලතින් ඇමරිකානු වනාන්තර. තුන්වෙනි කොටසින් බැලුවේ කැරිබියන් දූපත් ගැන. මන්නම් වැඩියෙන්ම කැමැති ඔය තුන්වෙනි කොටසටයි. එහෙනම් ඉක්මනට අද කොටස ගැන පොඩි විස්තරයක් දෙන්නම්.
අද මාතෘකාව වෙන්නේ ඕස්ට්‍රේලියාවේ අවුට්බැක් ප්‍රදේශයයි. මේ වනාන්තර හරිම උෂ්නාධිකයි. ඉතින් මේ කොටසේ ප්‍රධානම ජීවින් තමයි අපි හැමෝම දන්නා හම්බාවා නොහොත් පියාඹන ලේනා/ අලංකාර කටුස්සන් සහ කොආලා වලස්සු. කටුස්සන් කිවුවට අද කොටසේ මේ වර්ගයේ ගොඩක් ජීවින් දැකගන්න පුළුවන්. ඒවගේම ඉතාමත් අලංකාර ගිරවුන් විශේෂ සහ මකුළු විශේෂත්.
කියෙව්වා ඇති. උපසිරසි අරගෙන යන ගමන් ඔයාලගේ අදහසුත් කියාගෙනම යන්න.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,321 downloadsDownload Tiny-World-S01-E03-E04.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
8 comments
sachintha
Vihanga
Thank You ❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thank you ❤ digatama me wage ewa denna
sisira munasinghe
ගොඩක් ස්තුතියි. මම කැමතිම වාර්තා වැඩසටහන් වලට. හැරීම අසාවෙන් වැඩසටහන් පෙළ නරඹන්නේ.
Ashan
වාර්තා වැඩසටහන් ගේන එකන්ම් මරැ..
සුභාෂිණී මල්ලව ආරච්චි
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tiny World [S01 : E03 & E04] Sinhala Subtitles | කැරිබියන් දූපත් හා ඕස්ට්‍රේලියාවේ අවුට්බැක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/09/Tiny-World-Season-1-Featured-Image.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි