Watch Trailer

Tiny World [S01 : E05 & E06] Sinhala Subtitles | දඬුලේනාගේ වික්‍රමයන් හා ගෙවත්තක විශ්මයජනක පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

Episode 05 | දඬුලේනාගේ වික්‍රමයන් මේ ඔයාලා එකතුවෙන්නේ Tiny World ගවේශනාත්මක චාරිකාවේ පස්වෙනි කොටසටයි. පලවෙනි සීසන් එක තව එක කොටසකින් අහවර වෙනවා. පලවෙනි කොටසේ ඉඳන් රසවිඳපු අයටනම් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව අද කොටස ගැන පොඩි හැඳින්වීමක් ලබාදීලා…

Episode 05 | දඬුලේනාගේ වික්‍රමයන්

මේ ඔයාලා එකතුවෙන්නේ Tiny World ගවේශනාත්මක චාරිකාවේ පස්වෙනි කොටසටයි. පලවෙනි සීසන් එක තව එක කොටසකින් අහවර වෙනවා. පලවෙනි කොටසේ ඉඳන් රසවිඳපු අයටනම් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව අද කොටස ගැන පොඩි හැඳින්වීමක් ලබාදීලා ලිපිය ඉවර කරන්නම්.

කට්ටියටම මතක ඇති Ice Age චිත්‍රපටිවල අර ඕක් ගහේ ගෙඩියක් පස්සේ පන්නන ලේනාව. ඇත්තටම ඒ ගෙඩි හඳුන්වන්නේ අකෝන් කියල. ඉතින් අද කොටසේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ දඬුලේනුන්. මෙයත් අර අකෝන් ගෙඩි පස්සේ පන්නන කෙනෙක් තමයි. වසන්තා කාලයට ගෙඩි ඉදිලා වැටුනම, ඒවා සීත කාලය වෙනකන් ගබඩා කරගන්න විදිහ අපිට හරිම ආසාවෙන් බලා ඉන්න පුළුවන්. ඒවගේම මේ ලේන්නුන්ගේ ප්‍රධාන සතුරා වෙන්නේ උකුස්සන්. ඉතින් තවත් ජිවින් වර්ග ගොඩක් ඉන්නවා. සේරම මං මෙතන කියන්න යන්නේ නෑ.

 

Episode 06 | ගෙවත්තක විශ්මයජනක පැතිකඩ

මං හිතනවා මං ඔයාලව කලකිරෙව්වේ නෑ කියල. මොකද සමහර අය හිතන්න පුළුවන් කලින් වැඩසටහන් තරම් මේක හොඳ නෑනේ, වගේ දෙයක්. ඉතින් එකිනෙකාගේ රසවින්දනය වෙනස් නිසා මං හිතනවා මං හැමෝටම හොඳ සාධාරණයක් කරන්න ඇති කියලා. එහෙම නැත්තන් අනිවාරයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද තිබුණු වැරදි සහ අඩුපාඩු කියල. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන කියන්නම්.

වනාන්තර, දූපත්, ශුෂ්ක කලාප වලින් මිදිලා ඔන්න අපි හැමෝටම හුරුපුරුදු ස්ථානයකට තමයි අද කොටස රැගෙන ඇවිත් තියෙන්නේ. ඒ තමයි අපේ ගෙවත්ත. ගෙදර කුරුළු ලෑල්ලක්, වතුර තියෙන පොඩි පොකුණක් එහෙම තියෙන කට්ටිය දන්නවා ඇති කොයිතරම්නම් කුරුල්ලෝ, ලේන්නු වගේ සත්තු ඒ තැන් වලට පුරුදුවෙලා ඉන්නවද කියල. ඉතින් අද කොටසේත් කතාවෙන්නේ එහෙම දේවල් තමයි. අපි හිතන්නෙවත් නැති විදිහට මේ පුංචි ජීවින් එකිනෙකාට බද්ධ වෙලා තියෙන ආකාරය දැක්කාම ඇත්තටම පුදුම හිතෙනවා.

අද කොටසේ ප්‍රධාන චරිත වෙන්නේ හැම්ස්ටරයන්, අපේ රටේනම් ඔවුන්ව හඳුන්වන්නේ “රට මීයෝ” කියල. ඒවගේම හම්බෙල්ලන්ගේ අභිජනන අවස්ථාවකුත් දකින්න ලැබෙයි ඔයාලට. අපි හීනෙකින්වත් හිතන්නේ නැති හරිම අමුතු ආකාරයේ සංසිද්ධියක් තමයි එතන සිදුවෙන්නේ. ඉතින් මේ සේරමත් එක්ක පලවෙනි සීසන් එක මෙතනින් අවසන් වෙනවා. පුළුවන් ඉක්මනට මන් දෙවෙනි සීසන් එකටත් උපසිරැසි අරගෙන එන්නම්.

එහෙනම්, තවත් උපසිරසියකින් හමුවෙන පොරොන්දුව පිට මං සමුගන්නවා.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,376 downloadsDownload Tiny-World-S01-E05-E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,376 downloadsDownload Subtitles24 KB

19 comments

  1. Dinesh Rukmal

    ගොඩක් ස්තුතී
    ගොඩක් ආසාවෙන් බැලුවා
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    ඉක්මණට 02 එකත් දෙන්න.

  2. Anonymous

    2 ekat ona.tnx mekat

  3. losaka

    සුපිරියි
    කාලයක් බලන් හිටියා සබි දෙයි කියලා මෙකට
    ස්තූතීයි ජය වෙිවා
    2ත් ඉක්මනටම ඔනේ
    ස්තුතියි

  4. හිරාන් ගනේපල්ල

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසියට.....ජය!!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Madhushanka

    මම ඇත්තටම කැමතියි ඕස්ට්‍රේලියාවේ Outback ප්‍රදේශයට ඒවගේම Woodland වලට කිව්වා වගේම මේක නියමයි තමයි ගොඩක් ස්තුතියි ❤

  7. Naveed

    Sex education season 3 sub dendako ඉක්මනට. Plz.

  8. Madhushanka

    Top Secret UFO Projects Declassified documentary එකට පුළුවන් නම් අයියේ sub දෙන්නකෝ...

  9. Anonymous

    Thanks bro. Season 02 වලටත් sub දෙන්න.

  10. sachin

    niyama wadak meka nam
    harima lassanai videos tika
    bohoma isthuthi me wage mahansiyen hoda deyak denawata..
    obata jaya...

  11. Kalhara

    ඉක්මනටම season 2 වලට sub ඕනේ. පරක්කුයි නේ....

  12. Sadun

    දෙවෙනි Season එකට sub ගේන්නේ නැද්ද?
    ඉක්මනටම sub ඕනේ...

  13. Ashan

    සුපිරියක්..2වෙනි සීසන් එකත් දෙන්නෝ

  14. rkkasun

    thanx

  15. Suu

    බොහෝම ස්තූතියි සහෝ මේ වගේ බැලිය යුතුම වටින series වලට සබ් දෙනවට. Season 2 වලටත් සබ් ඕනෙ සහෝ..... ජයෙන් ජය වේවා..... බයිස්කෝප් වාසීන්ට ජය...

  16. Eranda

    Thanks bro

  17. සුභාෂිණී මල්ලව ආරච්චි

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Asanga Basooriya

    Bohoma sthuthi sub ekata.. jayama wewaa